Sinhala story Blog

අප්‍රේල් 9, 2012

ගර්ජනය කළ මීයා -ඇමෙරිකන් අය දෙනවාළු මිලියන ගණනින් සල්ලි ගොඩක් රටවල් වලට

Filed under: Uncategorized — sinhalashortstories @ 9:50 පෙ.ව.

“බෝබෝ,”

ආදිපාදවරියට අමතක වී මවුන්ට්ජෝයි සිටුවරයාට ඇය කුඩා කාලයේ ඔහුව ඇමතූ සුරතල් නමින් ඇය ඇමතුවාය, “එයාලට සල්ලි මදි වුනාම අනිත් රටවල් මොකද කරන්නෙ? මම අහන්නෙ ලොකු රටවල් ගැන නෙවෙයි. අපි වගේ පුංචි රටවල්?”

“එයාල අළුතින් නිකුත් කරනවා සීමිත මුද්දර ගණනාවක්. ඒවා ලෝකයේ වටා ඉන්න මුද්දර එකතු කරන අය විසින් මිල දී ගන්නවා.”

“අපි දැන් කොපමණ වතාවක් එහෙම මුද්දර නිකුත් කරලා තියෙනවා ද,” බෙන්ටර් කීවේය. “දැන් ඒ මුද්දර අච්චු ගහන්න වියදම් කරන සල්ලි තරම් වත් ඒ මුද්දර වටින්නෙ නැහැ. ඒවායෙන් ලැබෙන ලාබයට වඩා දැන් අපිට වැය වැඩියි මුද්දර අච්චු ගහන්න.”

“මම කියෙව්වා ඉස්සර දවසක දී ඇමෙරිකන් අය දෙනවාළු මිලියන ගණනින් සල්ලි ගොඩක් රටවල් වලට, ඊට පස්සෙ ඒ සල්ලි ආපහු ඉල්ලන්නෙත් නැතිලු. අපිට බැරි ද මොකක් හරි ණයක් ඉල්ලා ගන්න ඇමෙරිකාවෙන්?”

“මැතිණියනි, ඇමෙරිකන් අය සල්ලි දෙන්නෙ කොමියුනිස්ට් වෙන්න හැරේවි කියල ඔවුන් බය රටවල් වලටයි.” බෙන්ටර් පිළිතුරු දුන්නේ ය. “ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ඉන්න කිසිම කෙනෙක් කවදාවත් කොමියුනිස්ට් වෙන එකක් නැහැ. අපි හැමෝම අපේ ඉඩම් වල වෙහෙසන අය. අපි දන්නවා පුංචි ලාභයක් හොයන්නත් කොච්චර අමාරු ද කියල. කාටවත් බැහැ කියන්න එයා පීඩිතයෙක් කියල. අනිත් අයෙකුට තමන්ට ලැබිය යුතු සාධාරණ කොටසට වැඩියෙන් ලැබෙනවා යැයි මිනිහෙක් හිතන්නෙ නැත්නම් එයාට කොමියුනිස්ට්කාරයෙක් වෙන්න හේතුවක් නැහැ.”

“අපිට බැරි ද මෙහෙ කොමියුනිස්ට් පක්ෂයක් සංවිධානය කරන්න? -ණයක් ඉල්ල ගන්න විතරක්?” ග්ලෝරියානා විමසුවාය. “මම කියන්නෙ අපිට ඇත්තට ම කොමියුනිස්ට් පක්ෂයක් අවශ්‍ය යැයි කියලා නෙවෙයි. නිකම් කවුරු හරි නැඟිටලා මිනිස්සුන්ට කියන්න පීඩිතයන් වෙනුවෙන් එකතු වෙන්න කියලා, ඔවුන්ගෙ යදම් ගලවලා දාන්න කියලා, ඒ වගේ දේවල් කියන කෙනෙක්. එතකොට අපිට පුළුවන් මේවා ඇමෙරිකන් පත්තර වලට දන්වලා යවන්න. අපිට පුළුවන් ඇමෙරිකන් සෙනෙට් සභිකයෙකුට ආරාධනා කරලා මේ රැස්වීම් පෙන්වන්න. ඒවා ඉරිදාට පවත්වන්න වෙනවා. මොකද හැමෝම මුළු සතියෙ ම වැඩ කරන නිසා. ඒත් අපිට පුළුවන් බිෂොප්තුමාගෙන් විශේෂ අවසරයක් ගන්න ඉරිදාට දේශපාලන රැස්වීමක් පවත්වන්න අවශ්‍ය යැයි කියා. අපි කියමු ඒ ඇමෙරිකන් සෙනෙට් සභිකයාට ණයක් සඳහා අපිව නිර්දේශ කරන්න කියලා කොමියුනිස්ට්වාදයෙන් ආදිපාද දනව්ව බේරාගන්නට. එතකොට ඒ ඇමෙරිකන් සෙනෙට් සභිකයාට පුළුවන් වොෂිංටන් ගිහින් ඒක වාර්තා කරන්න.”

ඇයගේ පුදුමයටත් රැස් වී සිටි සෙසු නියෝජිතයන්ගේ පුදුමයත් වැඩි කරමින් ඒ අදහසට වැඩියෙන් ම අකමැත්ත ප්‍රකාශ කළේ වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඩේවිඩ් බෙන්ටර් ය. ඔහු පැවත එන්නේ නිවහල් ලෙසින් පොළව කැන වගාබිමෙන් ජීවිතය රැකගත් පරම්පරාවකිනි. ඔහුගේ මුතුන් මිත්තන් සර් රොජර් ෆෙන්වික් සමඟින් මාලිගාව ආක්‍රමණය කරපු අයයි. මේ ආදිපාද දනව්ව සොයාගත් අයයි.

“මගේ ආර්යාවෙනි,” බැරෑරුම් බවකින් හිස සොලවමින් ඔහු කීවේය, “ඒක හරියන්නෙ නැති වැඩක්. අපි ණයක් ඉල්ල ගත්තැයි කියමු. අපිට ඒක ගෙවාගන්න බැරි වෙනවානෙ. එතකොට තවත් ජාතියක් යටතේ ණය වුනාම අපිට අපේ නිදහසෙන් යම් තරමක් කප්පාදු වෙනවා. මගේ ආදිපාදවරයනි, ඔබේ ආදී මුතුන් මිත්තන් සහ මගේ ආදී මුතුන් මිත්තන් දෙගොල්ලෝම සටන් වැදුනේ මේක නිවහල් රාජ්‍යයක් කරන්න. ඒක එච්චර ලොකු එකක් නෙවෙයි. ඒත් ඒක ලෝකයේ වෙනත් ඕනෑම රටක් හා සමාන වූ නිවහල් වූවක්. සමහර රටවල් බොහොමයකට වඩා ගොඩාක් කාලයක් නිදහස් බවින් සිටි රාජ්‍යයක්. ඒ නිදහසෙන් ඇබිත්තක් වත් නැති කරගැනීම හොඳ දෙයක් නෙමෙයි. අපේ ආදී පීතෘවරුන් අපට නිදහස ලබා දුන්නේ අපි උපදින භූමියත් එක්ක. නිදහස් මිනිස්සු හැටියට අපේ යුතුකම තමයි ඒ භූමිය ඒ නිදහසෙන් යුතුව ම අපේ දූ දරුවන්ට ලබා දීම. අපි හැමෝම වැරහැලි ඇඳගෙන ජීවත් වුනත් ඒකයි අපේ යුතුකම.”

“ඒත් ඇමෙරිකන්කාරයෝ කවදාවත් එයාල ණයට සල්ලි දීපු රටවල භූමිය අල්ලා ගන්නෙ නැහැනෙ. එයාලා සල්ලි ආපහු ඉල්ලන්නෙත් නැහැ,” මවුන්ට්ජෝයි සිටුවරයා පැවසීය. ඒ පැත්තෙන් බැලුවම ඇමෙරිකන්කාරයෝ ලෝකයේ අනිත් රටවල් වල ඉන්න අයට වඩා හරි වෙනස්. මොන හේතුවක් නිසා ද දන්නෑ, මට ඒක වටහාගන්න බැහැ, එයාලා හරි සතුටුයි එයාලගෙ රටට වෙලා ඉන්න. වෙන කාගේවත් රටක් එයාලට ඕන නැහැ. ඉතින් ග්‍රෑන්ඩ් ෆෙන්වික් කොමියුනිස්ට්වාදයෙන් බේරාගන්න එයාල ගෙන් ලොකු මුදලක් ණයට ගත්තාය කියල අපිට කිසිම අවදානමක් නැහැ. සිහසුනෙන් ආපු අදහස පිළිගන්න යැයි මම යෝජනා කරනවා. ඇමෙරිකාවෙන් සල්ලි ඉල්ලා ගැනීම සඳහා අපි කොමියුනිස්ට් පක්ෂයක් හදමු.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: