Sinhala story Blog

අප්‍රේල් 5, 2012

ගර්ජනය කළ මීයා -දියාරුවාදීන් හා දියාරුවිරෝධවාදීන්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:34 පෙ.ව.

වයින් වෙළඳාමෙන් ආදායම වැඩි කරගන්නට යෝජනාවක් ගෙනෙනු ලැබීය.

ඒ පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට වතුර එකතු කිරීම මඟින් ප්‍රමාණය වැඩි කිරීමටයි. ඒ යෝජනාව නිසා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වැසියන් දැඩි ලෙසින් විරුද්ධය පා පැති දෙකකට බෙදුණි. එක පැත්තක්, දියාරුවාදීන්, වයින් මුහුන් වෙන බැරල් වලට වතුර සියයට දහයක් වැනි ස්වල්පයක් එකතු කිරීමෙන් ආදිපාද දනව්ව නැවතත් ස්වයංපෝෂිත වීමේ ආදීනව කියා පෑහ. නිෂ්පාදනයේ ප්‍රමිතිය යාන්තමින් වෙනස්වීම ඔවුන්ගේ වයින් වලින් 80% ක් ගන්නේ ඇමෙරිකානුවන් බැවින් ඇමෙරිකානුවන් වයින් බොන්නේ බෝතලයේ ලේබලය බලා මිස රස බලා නොවන නිසා ඇමෙරිකානුවන්ට එය නොදැනෙනු ඇතැයි ඔවුන් ඉතා උනන්දුවකින් කියා පෑහ.

“වයින් වතුරට හරවමු” යන සටන් පාඨය හමුවේ 1956 මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වූහ. ඊට සහාය දෙන්නට දොස්තරවරු හා වයින් විශේෂඥයෝ වෙතින් ද ඔවුන් වගන්ති ඉල්ලා ගත්හ. තනිකර වයින් වලට වඩා සිරුරට හොඳ වතුර හා මිශ්‍රණය කරන ලද වයින් වැනි අදහස් ඔවුන් පෙන්වා දුන්හ. කුඩා දරුවන්ට අයහපත් ප්‍රතිඵල නැතිව බොන්නට හැකි යැයි ද කීහ.

විරුද්ධ පක්ෂය, එනම් දියාරුවිරෝධීවාදීන්, එම යෝජනාව අපරාධයක් යැයි කියා ඊට සහමුලින් ම විරුද්ධ වූහ. ව්‍යවහාර මුදලක් දියාරු කිරීම, ලෝකයේ නන් දෙසින් රට රටවල් මුදල් අච්චු ගැසීමට පටන් ගෙන ඇති නිසා, ඔවුන් කියා සිටියේ එය මිනිසාගේ වත්කමෙන් ඔහුට වංචා කරනවා කියාය. එහෙත් වයින් දියාරු කිරීම ඔහු වත්කමක් එකතු කරගෙන සිටින්නේ කුමකට ද එයට ඔහුට වංචා කරනවා කියාය. සෑම මිනිසෙක්ම වෙහෙසෙන්නේ අද ඉන්නවාට වඩා වැඩියෙන් හොඳින් හෙට ජීවත්වෙන්නටයි. ඒත් ඒ හෙට දිනයේ හොඳ අද දිනයේ හොඳ තරම් වත් නොවන්නේ නම් ඊට වෙහෙසෙන්නේ මොන වටිනාකමක් නිසා ද?

“පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට වතුර එකතු කරන්නට ඕනෑ යැයි කියන අය, ලෝකයේ ඇති හැම කලා කෘතියක්ම බාල තත්වයට ගේනවා. එතකොට ශ්‍රේෂ්ඨ දෙයක් කියා කිසිවක් ලෝකයේ තියෙන එකක් නැහැ. වරක් අනූන වූවක අනුකරණ මිලියන සිය ගණනක් විතරක් එතකොට ලෝකයේ තියේවි. එතකොට ඒ අය මෝනාලිසා දායි මුද්දරයකට. අපේ මහා විශාරද රොජර් බෙන්ට්ෆීල්ඩ් සංගීතඥයාව සිගරට් විකුණන්න යොදා ගනීවි. අපේ මිදිවල රුධිරයයි වයින් කියන්නෙ. ඒක දියාරු කරන්න දෙන්න බැහැ. ඒක දියාරු කරන්න නරකයි. මේක භයානක යෝජනවාක්,” යැයි දියාරුවිරෝධීවාදීන්ගේ නායකයා වූ පැසුණු කෙස් සහිත මවුන්ට්ජෝයි සිටුවරයා මහත් හඬින් ගෝරනාඩු කළේය. “මේක ඇවිත් විදේශ ආකල්ප වල බලපෑම් වලින් ඇති වූ ප්‍රතිඵලයක්. මේක හොයාගෙන ගියොත් කොහෙන් දැයි පටන් ගත්තෙ කියා පුළුවන් වේවි එක පැත්තකින් පෙන්වන්න මේක එන්නෙ කොමියුනිස්ට්කාරයන්ගෙ හිරවෙච්ච ක්‍රෙම්ලින් ගුහා වලින් බව. අනිත් පැත්තෙන් පෙන්වන්න පුළුවන් වේවි මනබන්ඳන අහස් කුසට ඉදි වූ ගොඩනැඟිලි වල ජීවත්වන කපටි ඇමෙරිකානුවන්ගෙ වැඩක් කියලා. නිදහස, ගෞරවය, අනාගතය, ග්‍රෑන්ඩ් ෆෙන්වික් රටේ සත්‍ය වටිනාකම රඳන්නේ ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මැතිවරණයේ දී මේ භයානක යෝජනාවට ඉතා දැඩි ලෙසින් “එපා” කියනවා නම් පමණයි,” යැයි ඔහු තව දුරටත් කියා සිටියේය.

මාර්තු මාසයේ දී මහත් කලබැගෑනියකින් මැතිවරණය පැවැත්විණ. ඒ නිදහස් කවුන්සිලයට, එනම් ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි පාර්ලිමේන්තුවට නියෝජිතයන් දහ දෙනෙක් තෝරා පත්වෙන මැතිවරණයයි. එහෙත් චන්ද ගණන් කර අවසන් වෙද්දී දියාරුවාදීන් සහ දියාරුවිරෝධීවාදීන් පස් දෙනා බැගින් නිදහස් කවුන්සිලයට තේරී පත් වී තිබුණි. වඩා සමෘද්ධිමත් කාලයක දී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඔවුන් සියල්ලෝම ඉල්ලා අස් වී නැවත මැතිවරණයක් කැඳවෙනු ඇත. මන්ද වැඩි චන්ද ලැබූ අය විසින් ඔවුන්ගේ කැමැත්ත අඩු චන්ද ලැබූ අය වෙත බලහත්කාරයෙන් ස්ථාපිත නොකර කිසිම රටකට යහපත් පාලනය ගෙන යනු නොහැකි යැයි ආදිපාද දනව්වේ පිළිගැනීම වූ නිසා ය. කැමති හා අකමැති අය සම්පූර්ණයෙන් ම සමාන වූ කල කිසිවක් සිද්ධ නොවී හිර වීම පමණක් දකින්නට ලැබෙන නිසා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: