Sinhala story Blog

අප්‍රේල් 4, 2012

ගර්ජනය කළ මීයා -කිසිම ආක්‍රමණිකයෙකුට කිසිම වටිනාකමක් නැති රටක්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:30 පෙ.ව.

මුල් වසර ඉතා අවුල් සහගත වූ බව ඇත්තකි.

චාල්ස් විසින් දෙවතාවක් හමුදා ප්‍රහාරකයන් එවන ලදි. එහෙත් දෙවතාවක්ම ප්‍රංශ හමුදා පරදවන්නට හැකිවුයේ ඉංග්‍රීසි දිග දුනුවල ශක්තිය ඉගෙන ගන්නට ප්‍රංශකාරයන්ට නොහැකි වූ හෙයිනි. චාල්ස්ට පසුව බලයට ආ රජදරුවන් ද උත්සාහයන් ගත්ත ද ඒවා කිසිවක් සාර්ථක නොවුණි. අවසානයේ දී වසර ගෙවී යද්දී ෆෙන්වික් උරුමය දැඩි ලෙස තහවුරු වී, රාජකීය අයිතිය දුර්වල වී ගොස්, ආදිපාද දනව්ව නිදහස් සර්වබල සහිත වූ රාජධානියක් ලෙස සැලකිල්ලට පාත්‍ර විය. එහි ජාතික කොඩිය වූයේ හිස් දෙකකින් යුතු උකුස්සෙකි. එක හොටකින් ඌ “ඔව්” යැයි ද, අනිත් හොටෙන් ඌ “නැහැ” යැයි ද කියනා මේ ජාතික කොඩිය ලෝකයේ හැමදෙනා විසින් පිළිගන්නා ලද්දක් බවට පත්විය.

ශතක ගණනාවක් මේ රාජධානියේ වර්ග ප්‍රමාණය අඩු හෝ වැඩි නොවී පැවතිණ. මහත් වාසනාවකට, සර් රොජර් තම රාජධානිය ලෙස තෝරාගත් ඉඩම් ප්‍රමාණයේ කිසිම වෙළඳ මාර්ගයක් පිහිටියේ නැත. මැණික්, මිනිරන් හෝ කිසිම වටිනාකමකින් යුතු වූ පතල් වුයේ නැත. වරායක් නොතිබියේය. මහා ගංඟා හෝ වාරිමාර්ගයන් නොතිබියේය. කෙටියෙන් කියතොත් කිසිම ආක්‍රමණිකයෙකුට කිසිත් ලෙසකින් වටිනාකමක් ගෙනෙන කිසිවක් එහි තිබුනේ නැත. මිටියාවත් තුනෙන් සෑදුනු එහි බිම් කොටස සරු පස් වලින් යුතු වුව ද එයත් මහත් අගනා සරු පස් යැයි කියන්නට ද නොහැකි වූවකි. එයින් එහි වාසය කරන්නවුන්ට ඇති තරමට ආහාර නිපැදවුන අතර අපනයනය කරන්නට නිපැවූනේ වයින් පමණකි. කඳු අසල නිසරු පස් තිබි ඉඩම් වලින් බැටළුවන්ට ඇති පමණින් තණකොල තිබිණි. බැටළුවන් ගෙන් රටවැසියන්ට අවශ්‍ය පමණින් වූල් සහ මස් ලැබුණි. 20 වැනි ශ. ව. අවසානය තෙක් මේ ආදිපාද දනව්ව කිසිවෙක් සොයා නොගිය, කිසිවෙක් නොදන්නා, නිදහස් වූ ස්වයංපෝෂිත වූ රටක් විය.

ස්වභාවයෙන් ම වැඩි වූ ජනගහණයත් සමඟ ස්වභාවයෙන් ම නිසරු වූ පසත් නොවෙන්නට එය එසේ තවත් කාලයක් තිබෙන්නට ඉඩ තිබිණ. 20 වැනි ශ. ව. අවසන් වෙද්දී එහි ජනගහණය හාරදහසකි. පළමුවැනි ලෝක යුද්ධය පටන් ගනිද්දී එහි ජනගහණය හාරදහස් පන්සියයකි. දෙවැනි ලෝක යුද්ධය වෙද්දී, ළදරු මරණ අඩු වී යාමත් සමඟින් එහි ජනගහණය හයදහසක් කරා වැඩිවිය. එතෙක් දැඩි තෘෂ්ණාවකින් පිටස්තර ලෝකයෙන් නිදහස් වී සිටි ග්‍රෑන්ඩ් ෆෙන්වික්හි වසර 600 ක ඉතිහාසයේ ප්‍රථම වරට ඔවුනට ආහාර හා රෙදි ආනයන කරන්නට සිද්ධ විය. එහි වර්ධනය වෙන අවශ්‍යතා සඳහා අමතර මුදල් සොයා යන්නට ආනයන වැඩි කරන්නට යම් කිසි ක්‍රමයක් සොයා ගන්නට හැම අත විමසන්නට ඔවුනට සිද්ධ විය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: