Sinhala story Blog

අප්‍රේල් 3, 2012

ගර්ජනය කළ මීයා -සර් රෝජර් ෆෙන්වික්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:44 පෙ.ව.

ඔක්ස්ෆර්ඩ් හැරදමා යන රොජර් තම පියාගේ නිවස බලා නොයයි.

තමන්ගේ ජීවතුන් අතර සිටිනා සහෝදරයන්ගේ පිහිට ද නොසොයයි. දිග දුන්නක් හසුරුවන්නට මනාව දන්නා ඔහු තුන්වැනි එඩ්වර්ඩ් රජුගේ හමුදාවට එකතු වෙයි. දවසකට සිලිම් පහකුත් එදා කොල්ල කන දේවල් ද ලැබෙන වේතනයක් ඔහුට ලැබේ. වැඩි කලක් නොගොසින් ඔහුට පා ගමනින් යන දුනුවායාගේ තත්වයෙන් ඉහළට ගොස් අසුපිටින් යන දුනුවායාගේ තනතුරක් හිමිවෙයි. ඊ ළඟට අවිහරඹයටත්, එතැනින් පොයිටියේස් වල ජයෙන් පසු ඔහුට නයිට් පදවියක් ද ලැබේ.

එවිට ඔහුගේ වයස 24 කි. කළු කුමාරයාගේ සේනාංක සමඟ ඔහු කැමැත්තෙන් ම ප්‍රංශයේ නැවතිණ. ඔහු එසේ කළේ ජාත්‍යාලයකින් නොවේ. තම අවි හසුරුවන්නට මනාව පුහුණුවක් ලබාගනු පිණිස ය. ඔහු කළු කුමාරයාත් සමඟ ස්පාඤ්ඤය බලා ගියේය. එහි දී කෙටි කලකට කස්ටිලයේ රජකම කෲර පේද්‍රෝ වෙත දෙන්නට ඔවුන්ගේ පරාජය සමත් වූ නිසා ඔහු ඉංග්‍රීසි හමුදාව හැරදමා තමන්ගේ ම කියා නිදහස් හමුදාවක් හදාගති.

ඔහුගේ හමුදාව කුඩා ය. ඔහුත්, ඔහුගේ අතවැසියාත්, දුනුවායන් හතළිස් දෙනෙකුත් ඊට අඩංගු වූහ. එහෙත් ප්‍රමාණයෙන් ඔවුනට නැති ශක්තිය ඔවුනට ලැබුනේ යුද වලින් ලැබි පුහුණුව තුලිනි. ප්‍රංශයේ මහාප්‍රාඥ චාල්ස් නැවරීස් වල සටන් වදින්නට යද්දී ඔහු සමඟ කුලියට ගත් හමුදාවක් ලෙස එක්වන්නට ඔවුනට හැකිවූහ. සර් රොජර්ට ප්‍රංශය ගැන හෝ එංගලන්තය ගැන හෝ කිසිම දේශප්‍රේමීත්වයක් නොතිබුණි. එසේ තිබෙනා බවක් ඔහු ඇඟෙව්වේ ද නැත. නැවරීස් වල ඉංග්‍රීසි පැත්තේ හමුදාවත්, අනිත් පැත්තේ ප්‍රංශ හමුදාවත් සටන් වැදි එක් සන්ධ්‍යා ගැටුමක දී ඔහු ප්‍රංශ හමුදාව හා එකතු වූ හේතුව හැටියට දක්වන්නේ ඔහුගේ සාමාන්‍ය කුලියට වඩා ප්‍රංශ හමුදාපති බර්ට්‍රන්ඩ් ඩු ගුස්ලින් ඔහුට අළුත් යුද ඇඳුම් කට්ටලයක් දෙන්නට පොරොන්දු වූ නිසා බවයි.

යුද්ධය අවසානයේ දී සර් රොජර් රණවිරුවෙක් ලෙසින් කොතරම් ඉහළ ස්ථානයක සිටියා දැයි කිවහොත් චාල්ස් විසින් ඔහුට අල්ලා ගත් සිරකරුවන්ගෙන් යුත් හමුදාවක් හදාගන්නට ඉඩ දුනි. ඊට අමතරව දකුණු ප්‍රංශයේ ඇල්ප්ස් කඳු මායිමේ නිතරම තමන්ට එරෙහිකරුවන්ගේ පැත්ත ගත් අයෙකුගේ මාලිගය තමනට රාජධානියක් හදා දෙනු පිණිස අල්ලා ගන්නා ලෙසට ද චාල්ස් අවසර දුනි. සර් රොජර් ඒ මෙහෙය සඳහා එකතු කරගත් හමුදාවේ අය දිහා සැලකිල්ලෙන් බැලුවා නම්, වෙනත් දේ ගැන සිහියකින් සිටියේ නැත්නම්, චාල්ස්ට ඊ ළඟට සිද්ධ වන්නේ මොනවා දැයි හැඟියාවක් ඇතිවන්නට ඉඩ තිබුණා යැයි කිව හැකිය.

ඔහු තෝරාගත්තේ ඉංග්‍රීසි ජාතිකයන් පමණි. ශක්තිමත්, හොරකමේ යෙදෙන, සටන් හපන්, නැවත තම රටට ගියොත් මරණය හිමිවන අයයි. ඔවුන් පසුම්බි සොරකමේ සිට ජීවිත හොරකම දක්වා යෙදි සිටි අයයි. ඔවුන් සමඟින් පැමිණ මාලිගාව අල්ලා ගැනීම සර් රොජර්ට අසීරු නොවීය. එසේ අල්ලා ගත් පසු එය චාල්ස් වෙත පවරනවා වෙනුවට ඔහු කලේ තම කොඩිය එහි එල්ලීමයි. අවට ඉඩම්වල වාසය කළ අසල්වැසියන් කැඳවා දැන් තමා එහි ආදිපාදවරයා බවත්, ඒ හමුදාව ග්‍රෑන්ඩ් ෆෙන්වික්හි දනව්ව බවත් දැන්වීමක් නිකුත් කළේය.

සමහරු විරෝධය පළ කළහ. ඔහුගේ කුලවංශයේ සහතික බලන්නට ඕනෑ යැයි කිවූහ. එවිට සර් රොජර් තම සියපත මේසයට දමා ඔහු ඉදිරියේ වූ අයට පෙන්වූයේ සහතිකයක් හැටියට එය ප්‍රමාණවත් ඇතැයි කියාය.

“දෙවියන්ගේ ආසනය ළඟින් වාඩි වී සිටින රජෙක් මා දැක නැත්තෙමි,” ඔහු කීවේය, “ඒත්, කැඩුණු හිස් උඩින් වු සිංහාසන වල වාඩි වී ඉන්නා රජවරුන් කොතරම්වත් දැක ඇත්තෙමි. රජවරුන්ට හොඳ නම් ඒක ආදිපාදවරයාටත් හොඳටම ඇති.” එතැනින් ඒ කතාව නිමාවිය. මාලිගාවේ සිට දුනු දහයක් දුවන දුර උතුරින් හා දකුණින් ද, දුනු හයක් දුවන දුර නැගෙනහිරින් හා බටහිරින් ද අයිති කරගත් එදා ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ උප්පත්තියයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: