Sinhala story Blog

අප්‍රේල් 2, 2012

ගර්ජනය කළ මීයා -පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:55 පෙ.ව.

ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව පිහිටියේ උතුරු ඇල්ප්ස් කඳුවැටියේ ප්‍රපාතයක් තුල ය.

මිටියාවත් තුනකින් දිග හැරි උස් හා මිටි බෑවුම් තැනිතලා වලින් යුතු වූ භූමියත්, එක ගඟකුත්, අඩි දෙදහසක උසින් යුතු සම්පූර්ණ කන්දකුත්, එක රජමාලිගාවකුත් මේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව තුරුල්ලේ වූහ. ආදිපාද දනව්වේ උතුරු භාගයේ එය වටා ඇති බෑවුම් වලින් ලැබුණු හිරු එළිය නිසාත්, සරු පස නිසාත් වැවෙනා අක්කර හාරසීයයක මිදිවත්තකි. මේ කුඩා කළු පැහැති වූ මිදි වලින් සුවිශේෂී සුමට වයින් වර්ගයක්, එනම් පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් නමින් ලොව වයින් දන්නා අයගේ ප්‍රසාදය වඩාත්ම දිනාගත්තා වූ ඉතා ස්වල්ප වයින් ප්‍රමාණය නිෂ්පාදනය වෙයි.

ගෙවී ගිය ශතක හයක් පුරා පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් බෝතල් එක වසරක දී දෙදාහකට වැඩිය ඉක්මවා නිෂ්පාදනය නොවිණ. අවසනාවන්ත අවුරුද්දක දී බෝතල් පන්සියයක් පමණ අඩුවෙන් නිපැදවුණි. ඒ ඛේදවාචනීය 1913 වසර මතකයේ ඇති අය තවමත් ජීවතුන් අතර සිටිති. අකල් වැසි හා පරක්කු වී වැටි හිම නිසා ඒ වසරේ දී නිපැද වුනේ බෝතල් තුන්සිය පනහක් පමණි. ඒ අවුරුද්ද වයින් රසිකයන්ගේ මතකයේ වඩාත්ම රැඳි වසර විය. ඊ ළඟ මාස දොළහේ දී පටන් ගත් මහා යුද්ධය නිසා ග්‍රෑන්ඩ් ෆෙන්වික් මිදි වතුවල කුඩා කළු මිදි වලින් අති විශාල අස්වැන්නක් ලැබි බව කිසිවකුගේ මතකයේ නොරැඳිණ.

ආදිපාද දනව්ව සැතපුම් පහක් දිගින් හා සැතපුම් තුනක් පළලින් යුක්තය. පසුගිය ශතක හය පුරාවට එහි සර්වබල පාලකයා වූයේ ආදිපාදවරයෙක් හෝ ආදිපාදවරියක්ය. එහි ජාතික භාෂාව, එය පුදුමයකි, එය ඉංග්‍රීසි බසයි. එහෙත් මේ සියල්ලම කොහොම ද පටන් ගැනුනේ යැයි විස්තර කිරීම සඳහා 1370 වසර වෙත යා යුතුයි. ආදිපාද දනව්ව පටන් ගැනෙනුයේ එහි ප්‍රථම ආදිපාදවරයා වන රොජර් ෆෙන්වික් විසිනි.

රොජර් ෆෙන්වික්ගේ එතරම් සැලකිල්ලකට නැති එහෙත් කුතුහලය දනවන්නා පින්තූරයක් ඇත්තේ අඩි දෙදහසක් උස් වූ කන්ද මුදුනේ ඇති මාලිගාවේ රැස්වීම් ශාලාවේ ය. ඔහු එංගලන්ත නයිට්වරයෙකුගේ හත්වැනි පුත්‍රයා ලෙස ඉපදීමේ අභාග්‍යවන්තයෙකු විය. ඔහුගේ සහෝදරයන් අතරින් පස්වැනි උපන්දිනය පසුකළේ දෙදෙනක් පමණි. එහෙත් පියාගේ වත්කම් ඇබිත්ත රොජර්ව ලෝකය වෙත ඉදිරිපත් කරන්නට පෙර හිඳී ගොස් ය. ඒ නිසා කොල්ලාව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට යවන්නට අදහස් කෙරුණි. එහි දී වෙහෙසී පොත් කියවා එක්කෝ පල්ලියක සටහන් තබන්නෙක් ලෙස හෝ නැත්නම් කුලවත් පුරුෂයෙකුගේ සේවයට යන්නට පුහුණුවක් ලැබිය යුතු බව තීරණය විය. එහෙත් වයස අවුරුදු දාහතර ලබන්නට පෙර රොජර් ෆෙන්වික් ඔක්ස්ෆර්ඩ් හැරදමා ගියේය. ඒ ඔහුට අධ්‍යාපනයේ තවත් නියැලීම එපා වූ නිසා නොවේ. එසේ ඔහු තම අධ්‍යාපනය නිමාවට පෙර පිට වී ගියේ හිටියොත් හාමතෙන් මිය යන්නට සිදුවේ යැයි බියෙනි.

ඔහු තමා ගැන ම කියූ කතන්දර දෙකකින් ඉතිරි වී ඇති කොටස් වලින් අයෙකුට දැනගන්නට ලැබෙන්නේ ඒ ඔක්ස්ෆර්ඩ් හිටි වසර දෙක තුල දී ඔහු කාරණා තුනක් පමණක් ඉගෙන ගත් බවයි. ඔහු වැඩියෙන් ම අගයන ස්ථානය දුන් පළමුවැන්න නම්, “ඔව්” යන්න “නැහැ” යන්නට හෝ “නැහැ” යන්න “ඔව්” යන්නට, ඒ ඒ වචන දෙක හසුරුවන, යොදවන සංදර්භය, ඊට එකතු කරන අනිත් වචන අනුව කැමති පරිදි හැරවිය හැකි බවයි. දෙවැන්න නම්, ඕනෑම වාදයක දී ජයගත් අය හැමවිටම නිවැරදි යන්නයි. තුන්වැන්න නම්, පෑන කඩුවට වඩා ශ්‍රේෂ්ඨ වූවත්, ඕනෑම මොහොතක දී කඩුව වැඩි සද්දයෙන් ද, වැඩි ශක්තියෙන් ද අදහස් ප්‍රකාශ කරන බවයි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. ආ මෙන්න මටන් අරගෙන…..

    ප්‍රතිචාර විසින් බුරු බබා — අප්‍රේල් 2, 2012 @ 11:46 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: