Sinhala story Blog

දෙසැම්බර් 25, 2011

අප ජීවත්වන්නෝ-369 මම ඔවුන්ට ඔක්කොම කියන්නම්

Filed under: Uncategorized — sinhalashortstories @ 10:37 පෙ.ව.

සියල්ල විකුණු පසු ඇයට එච්චර මුදලක් එකතු කරගන්නට නොහැකි විය.

හැම රූබලයක්ම අවශ්ය බව ඇය දත්තා ය. ඇයට සුදු කබායක් මිල දී ගන්නට වත්කමක් නොතිබිණ. එහෙත් වසිලි ඉවානොවිච් වෙතින් ඈත අතීතයක දී මිල දී ගත් හිම වලස් පලසක් ඇය සතු විය. එය රහසින් සන්නාලියෙක් වෙත ගෙන ගිය ඇය ඉන් කබායක් හදා ගත්තා ය. කබාය කෙටි විය. එය ඇයගේ දණහිස් දක්වා හෝ දිගු නොවීය. ඇයට සුදු ගවුමක් අවශ්ය විය. එහෙත් ඇයට මිල දී ගන්නට මුදල් නොතිබිණ. ඇය සතුව ගලීනා පෙට්රොව්නාගේ සුදු මංගල ඇඳුම තිබුණි. තනියම නිවසේ වූ දිනයෙක ඇය තම පරණ ලොම් බූට් සපත්තු කුස්සියට ගෙන ගොස් සුදු හුණු වලින් එය පාට කළේ ය. ඇය සුදු අත්වැසුම් කුට්ටමක් හා සුදු වූල් සාටකයක් මිල දී ගත්තා ය. ඇය ඈත පිටිසර නගරයකට ටිකට් පතක් මිල දී ගත්තා ය. එය ලැට්වියන් මායිමට ඉතා ඈතක, වෙනත් පෙදෙසක වූ නගරයකි.

සියල්ල සූදානම් වූ පසු, ඇය තම සුදු ලොම් කබායේ වාටියට කුඩා මුදල් නෝට්ටු රෝලක් ගුලි කර රඳවා වාටිය එකතු කර මැසුවා ය. ඇයට එය අවශ්ය වෙයි. ඇය මායිම පසු කළහොත්.

හේමන්තයේ අළු පැහැති සන්ධ්යාවක, කිසිවෙක් ‍නිවසේ නොවූ අවස්ථාවක ඇය ගෙදරින් පිටත් වූවා ය. ඇය කාගෙන්වත් සමුගත්තේ නැත. ලියුමක් ලියා තියා ගියේ නැත. වීදි කොනේ කඩයට යනවා සේ ඇය තරප්පු පෙල බැස වීදිය දිගේ ඇවිද ගියා ය. අවුල් කැරලි ගැසි ලොම් කොලරයකින් වූ පරණ කබායක් ඇය හැඳ සිටියා ය. ඇය කුඩා සූට්කේසයක් රැගෙන ගියා ය. සූට්කේසයේ වූයේ සුදු කෙටි ලොම් කබාය, මංගල ඇඳුම, බූට් සපත්තු යුගල, අත්වැසුම් කුට්ටම හා සාටකයයි.

ඇය දුම්රිය නැවතුම් පළට ඇතුල් වූවා ය. වහලවල් මතින් දුඹුරු පැහැති මීදුමක් ‍පැතිර තිබුණි. අත් කිහිලි ගසා ගත්, සුළඟට නවාගත් හිස් වලින් යුතු, ගුලි ගැහුණ මිනිස්සු හැම අත ඇවිද්දහ. පෝස්ටරයන් මත සුදු අයිස් තුනීයට වැදී ඇත. පල්ලි වල ලෝකඩ ප්රාසාද ශීර්ෂයන් රිදී පැහැති අළු පාටකින් මඳ එළියෙන් පෙනේ. කුඩා කැරලි කරකවමින් හිම මත සුළං හමා ගියේ ය. කඩවල මිදුණ සුදු ජනේල පියන් වල එහි තබා ඇති භූමිතෙල් ලාම්පු වලින් රටා ඇඳ ඇත.

“කීරා,” කටහඬක් මුදු ලෙසින් වීදි කොණකින් ඇසිණ.

ඇය හැරුනා ය. ඒ වසිලි ඉවානොවිච් ය. ඔහු ලාම්පු කණුවක් යටින් කුදු වී සිටගෙන සිටියේ ය. ඔහුගේ පරණ කබායේ කොලරය රතු කන් දක්වා එසැවී තිබුණි. ඔහුගේ බෙල්ල වටා පරණ සාටකයක් ඔතා තිබුණි. ඔහුගේ උර මතින් හම් පටි දෙකක් එල්ලී ඇත. එහි එල්ලී තිබුනේ සැකරින් ටියුබ් තැබි බන්දේසියකි.

“සුබ සැන්දෑවක්, වසිලි අන්කල්,”

“ඔයා කොහෙද යන්නෙ, කීරා. අර සූට්කේසයකුත් අරගෙන?”

“ඔබේ සැප සනීප කොහොම ද, වසිලි අන්කල්?”

“මම හොඳින් ඉන්නවා දරුවො. මේක මම කරන අමුතු ව්යාපාරයක් වගේ පේනවා ඇති. ඒත් ඒක හොඳයි. ඇත්තටම, ඒක පේන තරම් නරක නැහැ. මගෙ කිසි අකමැත්තක් නැහැ. ඇයි ඔයා එන්නෙ නැත්තෙ, එන්න, ඇවිත් අපිව බලලා යන්න එන්න වෙලාවක, කීරා?”

“මම ..”

“ඒක එච්චර විශේෂ තැනක් නෙවෙයි, අපේ නවාතැන. තවත් පවුලක් ඒ කාමරයේ ම ඉන්නවා. ඒත් අපි කරදරයක් නැතිව ඉන්නවා. අසියා කැමති වෙයි ඔයාව ආයේ දකින්න. අපිට වැඩිය කවුරුත් අමුත්තො නැහැ. ආසියා හොඳ ළමයෙක්.”

“ඔව්, වසිලි අන්කල්.”

“එයා දිනෙන් දින වැඩෙන හැටි බලාගෙන සිටීම සතුටට කාරණයක්. ඇය පාසැල් කටයුතු ද හොඳින් කරනවා. මම එයාගෙ පාඩම් වලට උදව් දෙනවා. මට කිසි ගානක් නැහැ දවස පුරා මෙතැන හිටගෙන ඉන්න එක. මොකද මම ගෙදර ගියාම, එයා ඉන්නවා. ඔක්කොම නැතිවෙලා නැහැ, තාම. මට තාම ආසියාගේ අනාගතය තියනවා මා ඉදිරියේ. ආසියා හරි දක්ෂ ළමයෙක්. ඇයට ‍දිගු ගමනක් යයි.”

“ඔව්, වසිලි අන්කල්.”

“මම පුවත්පත් ද කියවනවා. මට ඉඩක් ලැබුනාම. ලෝකෙ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. කෙනෙක්ට පුලුවන් බලාගෙන ඉන්න, විශ්වාසයයි ඉවසිලිවන්තකමයි තියෙනවා නම්.”

“වසිලි අන්කල් … මම ඔවුන්ට කියන්නම් .. එහෙ ඉන්න අයට … මම යන තැන .. මම ඔවුන්ට ඔක්කොම කියන්නම් … ඒක හරියට අපිව ‍බේරගන්න වගේ … ඉතින් සමහර විට .. කවුරු හරි … කොහේ හරි .. වැටහේවි ..”

“දරු‍වෝ, ඔයා කොහේ ද යන්නෙ?”

“වසිලි අන්කල්, ඔයා මට සැකරින් ටියුබ් එකක් විකුණනවා ද?”

“ඇයි, නැහැ, මම ඔයාට විකුණන්නෙ නැහැ. ගන්න දරුවෝ, ඔයාට ඕනා නම්.”

“කොහොමටත් බැහැ. මම කාගෙන් හරි මිල දී ගන්නයි ගියෙ,” ඇය බොරුවක් කීවා ය. “ඔයා කැමති නැද්ද මට විකුණන්න? සමහර විට ඒකෙන් ඔයාට වාසනාව පෑදේවි.”

“එහෙනම් ගන්න, දරුවෝ.”

“මම මේ ලස්සන ලොකු එක ගන්නම් ලොකු කැට තියන එක. මෙන්න සල්ලි.”

ඔහුගේ අතට කාසි දැමූ ඇය සැකරින් ටියුබ් එක සාක්කුවට බහා ගත්තා ය.

“එහෙනම්, සමුගන්නම්, වසිලි අන්කල්.”

“සමුගන්නම්, කීරා.”

ඇය ඇවිද ගෙන ගියේ ආපසු හැරී නොබලා ය. ඇය හිරු බැස යන සැන්දෑව පුරා ඇවිද්දා ය. අළු හා සුදු වීදි අතරින් ඇවිද්දා ය. පරණ තාප්ප වලින් එල්ලා වැටෙන අළු පැහැති බැනර් යටින් ඇවිද්දා ය. ඒ අළු පැහැති බැනර් ඉහත කාලයක වූ රතු බැනර් විය. ට්රෑම් රථවල විදුලි පහන් නිවි නිවී දැල්වුන පළල් චතුරශ්රයක් මැදින් ඇය ඇවිද්දා ය. ආපසු හැරී නොබලා ඇය දුම්රිය නැවතුම් පොලක මිදුණ පඩි නැඟ්ඟා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: