Sinhala story Blog

දෙසැම්බර් 24, 2011

අපි ජීවත්වන්නෝ -368 විදේශ ගමන් බලපත්‍රය ප්‍රතික්ෂේප විය

Filed under: Uncategorized — sinhalashortstories @ 10:26 පෙ.ව.

විදේශ ගමන් බලපත්රය ප්රතික්ෂේප විය.

ගලීනා පෙට්රොව්නා බියට පත් කළ නිහඬ නොසැලකිල්ලකින් කීරා ඒ ප්රවෘත්තිය ද බාර ගත්තා ය. ගලීනා පෙට්රොව්නා බලාපොරොත්තු වූයේ ගාල ගෝට්ටියකි.

“මේ අහන්න කීරා,” ගලීනා පෙට්රොව්නා තම කාමරයේ දොර හඬ නඟා වසා දමමින් තම දියණිය හා තනියම කතා කරන්නට ආවා ය. “අපි පොඩ්ඩක් කල්පනාවෙන් කතා කරමු. ඔයාට තියනවා නම් පිස්සු අදහස් … කරන්න … කරන්න .. දැන් මම ඒකට ඉඩ දෙන්නෙ නැතිබව මතක තියා ගන්න. අන්තිමේ දී, ඔයා මගේ දියණිය. මට ඒ ගැන කියන්න දෙයක් තියනවා. ඔයා දන්නවා ඒක මොකක් ද කියලා … ඔයා උත්සාහ ගත්තොත් … ඔයා මේ රට දාලා නීති විරෝධීව පැනලා යන්න හිතන්න වත් ලෑස්ති වුනොත්.”

“මම එහෙම සඳහනක් කළේ නැහැ,” කීරා කීවා ය.

“නැහැ, ඔයා එහෙම කීවේ නැහැ. නමුත් මම ඔයාව දන්නවා. ඔයා හිතන්නෙ මොනවාද කියල මම දන්නවා. ඔයාගෙ මෝඩ වැඩ කොච්චර දුර දිග යනවා ද කියලා …. මේ අහන්න, ඒක සියයට එකක් ඔයාට යන්න පුලුවන් වෙන එක. මායිම් වල දී වෙඩි තිබ්බොත් ඒක වාසනාවක්. වඩා නරක ඔයාව අල්ලා ගෙන ආපහු ගෙනාවොත්. ඔයා වාසනාවන්තයි අර එක අවස්ථාව ලැබිලා ඔයාට යන්න ලැබුනොත්. ඒත් සියයක් අවස්ථාව ඇත්තෙ ඔයා ඒ මායිම් බඩ කැලෑවක සීත කුණාටුවකින් මිය ඇදිලා යාම.”

“අම්මා, ඇයි මේ ගැන කතා බහ?”

“මේ අහන්න, මම ඔයාව මෙහෙ තියාගන්නවා ඔයාව යදම් දාලා තියාගන්න සිද්ධ වුනත්. අවසානයේ දී, කෙනෙකුට පිස්සු වැඩ කරන්න ඉඩ දෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනා. ඔයා මොකක් ද හොයන්නෙ? මේ රටේ ‍ඇත්තෙ අහවල් වැරැද්දක් ද? අපිට සුඛෝපභෝගී දේවල් නැහැ, ඒක ඇත්ත. ඒත් ඔයාට එහෙදි ඒවා ලැබෙන්නෙත් නැහැ. ඔයාට වාසනාව තිබුනොත් එහෙ දී ‍මෙහෙකාරියක් වෙන්න විතරයි ඔයාට බලාපොරොත්තු වෙන්න පුලුවන්. මේක තමයි තරුණ අයට තියන රට. මම දන්නවා ඔයාගෙ පිස්සු මුරණ්ඩු බව. ඒත් ඔයා එකෙන් අයින් වෙයි. දැන් මා දිහා බලන්න. මම ගැලපෙන විදියට වෙනස් වුනා. මගේ වයසේ දී. ඉතින් ඇත්තටම, මට කියන්න බැහැ මම අසතුටින් ඉන්නෙ කියල. ඔයා තාම කුඩා පැටියෙක්. ජීවිතය පටන් ගන්නත් කළින් මුළු ජීවිතය අවසන් කරන තීරණ ගන්න ඔයාට බැහැ. ඔය මෝඩ අදහස් වලින් ඔයා වයසට යද්දී අයින් වේවි. මේ අපේ අළුත් රටේ හැම කෙනෙකුට ම චාන්ස් එකක් තියනවා.”

“අම්මා, මම වාද කරනවා ද, නැහැනෙ? ඉතින් අපි මේ මාතෘකාව අයින් කරමු.”

ඇයගේ මඟ පෙන්වන චාරිකා වලින් පසුව ඇය රෑ බෝ වී ගෙදර ආවා ය. අඳුරු අතුරු පාරවල් වල, වටපිට බලමින් කාටවත් නොපෙනෙන සේ විදුලි එළිය නොමැති දොරකඩ වලින් අඳුරු තරප්පු පෙලවල් හි ඇය ගැවසුනා ය. උනන්දු දෑත් වලට මුදල් දෙන්නටත්, ඇයගේ කණට ළං වූ රහස් මතුරන තොල් වලට සවන් දෙන්නටත් කාලය ගෙවිණ. බෝට්ටුවක නැඟී හොරෙන් යන්නට නම් ජීවිත කාලය තුලක එකතු කරගත නොහැකි තරම් මුදලක් ඇයට යන බව ඇය සොයා ගත්තා ය. එය වඩාත් අවදානම් වූ ආකාරය බව ද ඇය සොයා ගත්තා ය. තනිවම පා ගමනින් ලැට්වියානු මායිම් පැත්තෙන් ගියොත් වැඩියෙන් ම සාර්ථකත්වයක් ලබත හැකි යැයි ද ඇය සොයා ගත්තා ය. ඇයට සුදු වස්ත්ර අවශ්ය විය. ජනතාව ඊට කළියෙන් එය කර ඇත. සුදු ඇඳුම් හැඳ, හේමන්ත අන්ධකාරයේ සුදු හිම මතින් බඩ ගා ගෙන ගොස් ගැල වී ගොස් ඇත. දුම්රිය නැවතුම් පොළක නමක් හා ගමක නමක් වෙනුවෙන් ද, පසු කළ යුතු මායිම පෙන්වන හතරැස් අඟලක ටිෂූ කඩදාසි සිතියමක් ගන්නට ඇය අත් ඔරලෝසුව විකුණුවා ය. ලියෝ ඇයට දුන් ලොම් කබාය විකුණා සංචාරය සඳහා හොර අවසර පතක් ඇය ලබා ගත්තා ය.

ඇය තම සිගරැට් ලයිටරය විකුණුවා ය, සිල්ක් කකුල් වැසුම් විකුණුවා ය, ප්රංශ සුවඳ විලවුන් බෝතලය විකුණුවා ය. ඇය තම නව සපත්තු හා ගවුම් සියල්ල විකුණුවා ය. ගවුම් මිල දී ගන්නට ආවේ වාවා මිලොව්ස්කායයා ය. පතුල් ගෙවී ගිය ලොම් බූට් සපත්තු වලින් කකුල් අද්දමින් පැද්දි පැද්දී වාවා නිවසට ගොඩ වැදුණි. වාවා හැඳ සිටි ගවුමේ පපුව මැදින් තෙල් පැල්ලමක් පැතිර තිබුණි. ඇයගේ අවුල් වූ හිස කෙස් කාලයකින් පීරා නැත. ඇයගේ මුහුණ ඉදිමී ඇත. ගොරෝසු සුදු පව්ඩර් ඇයගේ නැහැයේ පැල්ලම් සේ වියළී ගොස් ය. ඇයගේ දෑස් වට වී තිබුනේ නිල් පැහැයෙන් වූ එල්ලෙන හමින් වූ වටරවුම් වලිනි. ඇය ගවුම් හැඳ බලන්නට තම වස්ත්ර ඉවත් හෙමිහිට, නොසන්සුන් බවින්, ඉවත් කරද්දී, ලිඩියා ඇයගේ කලකට පෙර සිහින් වූ ඉඟ දැන් පුළුල් වී තියනවා දැක හුස්මක් ඉහළට ඇද්දා ය.

“වාවා, දයාබරිය! මොකද දැන් ම?”

“ඔව්,” වාවා කිසිත් ගණනකට නැතිව කීවාය, “මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.”

“ඔහ්, ඩාලිං! ඔහ්, මගේ සුබ පැතුම්!” ලිඩියා ඇයගේ දෑත් අල්ලා ගනිමින් කීවා ය.

“ඔව්,” වාවා කීවාය, “මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. මම කන බොන දේවල් ගැන පරිස්සම් වෙන්න ඕන. හැමදාම ඇවිදින්න යන්න ඕන. දරුවා ලැබුනා ම අපි ඌව පුරෝගාමීන් එක්ක ලියාපදිංචි කරනවා.”

“අයියෝ එපා, වාවා!”

“අයියෝ එපා, ඇයි? ඇයි එපා? ඌට අවස්ථාවක් දෙන්න ඕනා නේද? ඌ ඉස්කොලේ යන්න ඕනා නේද, සමහර විට විශ්ව විද්යාලයටත්. ඔයා මට මොකක් ද කරන්න කියන්නෙ? පන්නලා දාපු කෙනෙක් විදියට හදන්න කියලා ද? … ඔහ්, මොකක් ද වෙනස? කවුද දන්නෙ මොකක් ද හරි කියල? .. මම දන්නෙ නැහැ තව දුරටත්. මට ගානක් නැහැ.”

“ඒත්, වාවා, ඔයාගෙ දරුවා!”

“ලිඩියා, මොකක් ද ඇති ප්‍රතිපලේ? … එයා ඉපදුනාට පස්සෙ මම රස්සාවක් හොයා ගන්නවා. මට සිද්ධ වෙනවා. කොල්යා වැඩ කරනවා. එයා සෝවියට් සේවකයන්ගෙ දරුවෙක් වෙයි. ඊට පස්සෙ, සමහර විට ඔවුන් එයාව තරුණ කොමියුනිස්ට් සමිතියේ සාමාජිකයෙක් කර ගනීවි … කීරා, අර කළු වෙල්වට් ගවුම -එක හරි ලස්සනයි. ඒක හරියට .. ඒක හරියට පිටරට එකක් වගේ. මම දන්නවා ඒක දැන් මට තදයි කියලා .. ඒත් පස්සෙ … පස්ස සමහර විට මට මගේ හැඩරුව ආයෙ ලැබේවි. එයාල කියන එහෙම ලැබෙනවා කියල .. ඔව් සහතිකයෙන් ම, ඔයා දන්නවා, කොල්යා එච්චර හම්බ කරන්නෙ නැති බව. මම කැමති නැහැ තාත්තාගෙන් මුකුත් ඉල්ලන්න. ඒත් .. තාත්තා මගේ උපන් දිනය දා රූබල් පනහක් තෑගි දුන්න. මම හිතනවා මම … මේ වගේ දෙයක් කොහෙන් වත් මට ගන්න ලැබෙන්නෙ නැහැ.”

ඇය වෙල්වට් ගවුම සමඟින් තවත් ගවුම් දෙකක් මිල දී ගත්තා ය.

ඇය ගලීනා පෙට්රොව්නාට පැහැදිලි කළේ මෙසේ ය: “මට ඒ ගවුම් අවශ්ය නැහැ. මම කොහේවත් යන්නෙ නැහැ. මම ඒවා තියාගන්න කැමැති නැහැ.”

“මතක සටහන්?” ගලීනා පෙට්රොව්නා ඇසුවා ය.

“ඔව්,” කීරා පිළිතුරු දුන්නා ය, “මතක සටහන්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: