Sinhala story Blog

දෙසැම්බර් 16, 2011

අපි ජීවත්වන්නෝ -366 ඔයා ජීවතුන් අතර සිටියොත් -අනික ඔයාට අමතක නොවුනොත්

Filed under: Uncategorized — sinhalashortstories @ 8:31 පෙ.ව.

පසුවදා උදෑසන, කීරා ආර්ගුනෝවා පුරවැසිනිය, විදෙස් ගමන් බලපත්රයක් සඳහා ඇයදුම් කළා ය.

පිළිතුරක් ලැබෙන තුරු ඇයට සති කිහිපයක් බලා ඉන්නට තිබුණි.

ගලීනා පෙට්රොව්නා කෙඳිරි ගෑවා ය: “ඒක පිස්සුවක්, කීරා! හරිම පිස්සුවක්! පළමුවෙන් ම, ඔවුන් ඔයාට ඒක දෙන්නෙ නැහැ. ඔයා ඇයි පිටරට යන්නෙ කියලා හේතු දක්වන්න ඔයාට කිසිවක් නැහැ. ඔයාගෙ තාත්තගේ සමාජ පසුබිම එක්ක .. අනික ඔයාට ගමන් බලපත්රයක් ලැබුනත් -ඊට පස්සෙ මොකක් ද? කිසිම විදේශ රටක් රුසියානුවෙක් වද්ද ගන්නෙ නැහැ. මට එයාලට වැරැද්දක් කියන්නත් බැහැ. අනික එයාල අරගත්තොත් ඔයාව -එතකොට ඔයා මොකක් ද කරන්න යන්නෙ? ඔයා ඒ ගැන හිතුවා ද?”

“නැහැ,” කීරා කීවා ය.

“ඔයාට සල්ලි නැහැ. ඔයාට වෘත්තියක් නැහැ. ඔයා කොහොම ද ජීවත් වෙන්නෙ?”

“මම දන්නෙ නැහැ.”

“ඔයාට මොකක් ද වෙන්නෙ එතකොට?”

“මට කමක් නැහැ මොකක් වුනත්.”

“ඒත් ඇයි ඔයා එහෙම කරන්නෙ?”

“මට ඕනා මෙහෙන් යන්න.”

“ඒත් එතකොට ඔයා තනි වෙනවා. මහත් ලෝකයක තනිවෙනවා. කවුරුත් නැතිව …”

“මට ඕන ‍මෙහෙන් යන්න.”

ඔහු පිටත් වී යන සැන්දෑවේ, ලියෝ සමුගෙන යන්නට ආවේ ය. ලිඩියා ඔවුන් දෙදෙනට කාමරය දී පිටතට ගියා ය.

“මට යන්න බැහැ, කීරා, අපි සමුගත්ත විදියට. මට සමුගන්නම් කියන්න ඕන වුනා ඒත් … ඔයාට වෙන ..”

“නැහැ, මට සතුටුයි ඔයා ආව එක ගැන,” ඇය කීවා ය.

“මම කියපු සමහර දේවල් වලට සමාව ඉල්ලන්න ඕන ඔයාගෙන්. ඒවා කියන්න කිසිම අයිතියක් නැහැ මට. ඔයාට වැරදි කියන එක මට අයිති දෙයක් නෙමෙයි. ඔයා මට සමාව දෙනවා ද?”

“ඒකට කමක් නැහැ, ලියෝ. සමාව දෙන්න කාරණයක් මට නැහැ.”

“මට ඕන වුනා ඔයාට කියන්න … ඔයාට කියන්න … ඉතින්, නැහැ, ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ. ඒකම දෙයයි … අපිට තියනවා මතකයේ තියාගන්න ගොඩක්‍ දේවල් .. නැද්ද?”

“ඔව්, ලියෝ.”

“මා නැතිව ඔයාට වඩා හොඳ වේවි.”

“මා ගැන කරදර වෙන්න එපා, ලියෝ.”

“මම ආයේ පෙට්රොගෑඩයට එයි. අපි නැවත හමුවෙයි. වසර ගණනාවක් ගතවෙලා ගියාම අපි ආයේ මුණ ගැසේවි. ඒ වසර ගණනාව ලොකු වෙනසක් කරාවි. නැද්ද?”

“ඔව්, ලියෝ.”

“එතකොට අපිට මෙච්චර ගැඹුරු විදියට හිතන්න වෙන්නෙ නැහැ. ආපහු හැරිලා බලන එක අමුතු වෙයි. නේද? අපි ආයෙ මුණ ගැහේවි, කීරා. මම ආපහු එනවා.”

“ඔයා ජීවතුන් අතර සිටියොත් – අනික, ඔයාට අමතක නොවුනොත්.”

එය හරියට ඇය පාරේ මියගිය සතෙකුට දුන් පා පහරක් වැනිය. ඉන් අන්තිම වෙව්ලීමක් සිද්ධ වූවා වැනි ය. “කීරා … එපා …” ඔහු රහසින් පැවසීය.

නමුත් එය අන්තිම වෙව්ලීම බව ඇය දත්තා ය. ඒ නිසා ඇය “මම එහෙම නැහැ,” යැයි කීවා ය.

ඔහු ඇයගේ තොල් සිප ගත්තේ ය. ඇයගේ තොල් මුදු විය, දයාබර විය, නතු විය. ඔහු පිටත් වී ගියේ ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: