Sinhala story Blog

දෙසැම්බර් 15, 2011

අපි ජීවත්වන්නෝ -365 මිලියන එකසිය පනහකට එරෙහි සටන පැරදුනා

Filed under: Uncategorized — sinhalashortstories @ 10:14 පෙ.ව.

ඇය නැඟිට්ටා ය.

හැකි තරම් කෙලින් සිටගෙන නොසෙල් වී සිට මෙසේ ඇසුවා ය.

“ලියෝ, ඔයා ඇය සමඟ යන බව ඇයට කීවේ කවදා ද?”

“දවස් තුනකට කළින්.”

“ඔයා අන්ද්රෙ සහ මම ගැන දැනගන්න කළින්?”

“ඔව්.”

“මම ඔයාට ආදරෙයි කියලා ඔයා හිතාගෙන සිටිය දී?”

“ඔව්.”

“ඒක ඔයාගේ තීරණයට කිසිත් වෙනසක් කළේ නැහැ?”

“නැහැ.”

“ඉතින් සියරොව් අද මෙහෙ ආවේ නැත්නම්, ඔයා ඒත් ඇය හා යනවා?”

“ඔව්. එතකොට මට ඔයාට කියන ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ඔහු ඒකෙන් මාව බේරගත්ත. ඒකයි ඒක අහන්න මම සතුටු වුනේ. දැන් අපිට සමුගන්න පුලුවන් කිසිම අනවශ්ය නාඩගම් නැතිව.”

“ලියෝ … කරුණාකරලා සාවධානව ඇහුම් කන් දෙන්න .. මේක ඉතා වැදගත් .. මට අවසන් උදව්වක් විදියට මේ එක ප්රශ්නයට අවංක උත්තරයක් දෙන්න, ඔයා දන්න තරමින් කල්පනා කරලා බලලා. ඔයාට හදිසියේ ම දැන ගන්න ලැබුනොත් -කොහොම ද කියලා වැදගත් නැහැ- ඒත් ඔයාට දැන ගන්න ලැබුනොත් මම ඔයාට ආදරෙයි කියල, මම හැමදාම ඔයාට ආදරය කරා කියල, මේ සේරම අවුරුදු වල මම ඔයා වෙනුවෙන් හිටියා කියල- ඒත් ඔයා ඇය එක්ක යනවා ද?”

“ඔව්.”

“ඉතින් … ඔයාට මා එක්ක ඉන්න සිද්ධ වුනා නම්? ඔයාට දැනගන්න ලැබුනා නම් යමක් … මා එක්ක ඉන්න සිද්ධ වෙන … එහෙම දෙයක් … උත්සාහයක් ගන්න දෙයක් … ඔයා ආයෙත් එක වෑයමක් ගන්නවා ද?”

“මට සිද්ධ වෙන නම් යම් බැඳීමක් නිසා … ඉතින් කවුද දන්නෙ? මමත් ඔයාගෙ අනිත් පෙම්වතා කරපු දේ ම කරන්න ඉඩ තියේවි. ඒකත් උත්තරයක්නෙ.”

“මට පැහැදිලියි.”

“ඇයි ඔයා එහෙම අහන්නෙ? මොකක් ද මාව බැඳලා තියන්න පුලුවන් දැය?”

ඇය ඔහු දිහා කෙළින් බැලුවා ය. ඇයගේ හිස ඔහු වෙත හැරී එසැවී තිබිණ. මහත් සුදුමැලි වූ නළලකින් ඇයගේ කෙස් පිටු පස්සට කඩා වැටී ඇත. ඇයගේ ජීවිතයේ මහත් සංසුන් වූ ‍ලෙසක, තොල් පමණක් සොලවමින් ඇය “කිසිත් නැහැ, ලියෝ,” යැයි කීවා ය.

ඔහු නැවතත් අසුන් ගත්තේ ය. අත් දෙක බැඳ ඉදිරියට දිගු කර හිරි හැරියේ ය. දෙවුර හැකිළී ය. “ඉතින්, ඒක එච්චරයි. ඇත්තටම, මම තාමත් හිතනවා ඔයා අපූරුයි කියල. මම බයෙන් හිටියෙ පිස්සු නටලා විගඩම් සද්ද දායි කියල. ඒක ඉවර වෙන්න ඕන විදියට ඉවර වුනා … මම දවස් තුනකින් පිටත් වෙලා යනවා. එතකන් -මට පුලුවන් මෙහෙන් යන්න, ඔයාට ඕන නම්.”

“එපා. මම යන්නම් ඒක වඩා හොඳයි. අද රෑට.”

“ඇයි අද රෑට?”

“ඒකට මම වඩා කැමතියි. මට පුලුවන් ලිඩියාගේ කාමරය බෙදා ගන්න. ටික දවසකට.”

“මා ළඟ එච්චර මුදලක් ඉතිරි නැහැ. ඒත් මෙන්න තියන ටික, මට ඕනා ඔයාට …”

“එපා.”

“නමුත් ..”

“කරුණාකරලා, එපා. මම මගේ ඇඳුම් අරන් යන්නම්. එච්චරයි මට ඕනා.”

ඇය සූට්කේසයක් දිග හැර ඊට ඇඳුම් එකතු කළාය. ඔහුට පිටුපස හරවා ගෙන සිටිය දී හදිසියේ ම ඔහු “ඔයා මුකුත් කියන්නෙ නැද්ද? ඔයාට කියන්න කිසිම දෙයක් නැද්ද?” යැයි ඇසුවේ ය.

ඇය හැරී ඔහු දිහා සංසුන් ව බලාගෙන “මෙච්චරයි ලියෝ, ඒක මම මිලියන එකසිය පනහක් පුද්ගලයන්ට එරෙහිව කරපු සටනක්. මම පැරදුනා.”

ඇය යන්නට සූදානම් වූ පසු ඔහු නැඟිට හදිසියේ ම, ඕනෑකමකින් තොරව, “කීරා .. ඔයා මට ආදරය කළා, වරක්, නේද?” යැයි ඇසීය.

“කෙනෙක් මිය ගියා ට, ආදරය කරන එක නවතින්නෙ නැහැ නේද?” ඇය කීය.

“ඔයා කියන්නෙ ටැගනොව් ද … මා ගැන ද?”

“එතැන වෙනසක් තියනවා ද, ලියෝ?”

“නැහැ, මම ඔයාගෙ සූට්කේස් එක පහළට ගෙනියන්න උදව් කරන්න ද?”

“එපා. ස්තූතියි. ඒක බර නැහැ. සමුගන්නම්, ලියෝ.”

ඔහු ඇයගේ අතින් අල්ලා ගත්තේ ය. ඔහුගේ මුහුණ ඇය දෙසට නැඹුරු විය. එහෙත් ඇය හිස සෙලෙව්වා ය, ඔහු “සමුගන්නම්, කීරා” යැයි පමණක් කීය.

දකුණු අතින් රැගත් සූට්කේසයේ බරින් වම් ඇලයට මඳක් ඇල වූ ඇය වීදිය වෙත ඇවිද ගියා ය. වීදිය පුරා පුළුන් සේ පැතිර ගිය මිදුණ මීදුමකි. ඒ මීදුමට ලාම්පු කණුවක එළියක් බොඳ රෝගී පැල්ලමක් විසුරුවා හැර ඇත. දෙවුර කෙලින් කරගත් ඇය වීදිය දිගේ ඇවිද ගියා ය. සුදු පොළව ඇයගේ කකුල් යටින් කෙඳිරි ගෑවේ ය. ඇයගේ නිකට පොළව හා සාමාන්තර විය. ඇයගේ බැල්ම නිකට හා සාමාන්තර විය.

ඇයගේ පවුලේ අයට, ඒ තැති ගත් මුහුණු තුනට, කීරා වැඩි හඬක් නොමැතිව විස්තර පහදා දුන්නා ය. ගලීනා පෙට්රොව්නා හුස්මක් ඉහළට ඇද්දා ය: “ඒත් ඉතින් මොකද වෙන්නෙ …”

“කිසිත් නැහැ. අපි දෙන්නට දැන් ඇතියි කියල හිතුන.”

“මගේ දුප්පත් දයාබර ළමයා! මම ..”

“මා ගැන සිත් කරදර කරගන්න එපා, අම්මා. ඔයා මේ කරදරයට පොඩ්ඩක් සමාව දෙනවා නම්, ලිඩියා, ඒක ටික කාලයකට විතරයි. සති කිහිපයකට පමණක් මට වෙන කාමරයක් හොයා ගන්න අමාරුයි.”

“අයියෝ ඇත්තටම! අනේ, ඔයාව තියාගන්න එක මට ලොකු සතුටක්, කීරා. ඔයා අපිට කොච්චර උදව් කරලා තියනවා ද. ඒත් ඇයි සති කිහිපයකට විතරක් කිව්වෙ? ඊට පස්සෙ ඔයා කොහෙද යන්නෙ?”

ඇය පිළිතුරු දුන්නා ය. ඇයගේ ස්වරයේ වූයේ උමතු අයෙකු තුල වූ දැඩි ගතියකි.

“පිටරට.”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: