Sinhala story Blog

දෙසැම්බර් 14, 2011

අපි ජීවත්වන්නෝ -364 ඇයි ඔයා ඔහු සිටිද්දී මාව තියාගත්තෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:54 පෙ.ව.

ඔහු මේසය අසලින් වාඩි වූයේ ය.

ලාම්පුව යටින් වැටී තිබු රවුමක හැඩයෙන් වූ එළිය මත ඔහුගේ අතක් රැඳිණ. එය කොතරම් නිශ්චිත ද හා සුදු පැහැති ද යන්නත්, එහි වූ නිල් පැහැති නහර ප්රා ණයකින් තොර වූ ලෙසින් ඇය දැක්කා ය. ඇය හිටගෙන ඒ දෙස බලා සිටියා ය. ඇඟිල්ලක් සෙලවෙන තෙක් බලා සිටියා ය. අනතුරුව ඇය හිඳ ගත්තා ය. ඇයගේ මුහුනේ කිසිත් ආවේගයක් නොතිබිණ. ඇයගේ දෑස් මඳක් විසල් වී තිබුණි. ඔහු ඇ‍ගේ ඇස් පිහාටු දැක්කේ ය. ඒ ඇස් පිහාටු වලින් කම්මුල් වල ඉඳිකටු රටා සෙවනැලි වැටී තිබුණි. ඇස් පිහාටු තෙත් නොවීය.

“මොරසොව් පුරවැසියා,” ලියෝ කීවේ ය, “නගරය හැර දා ගිහින්.”

“ඉතින්?”

“ඔහු ටෝනියා හැර දා ගිහින්. ඔහුට විමර්ශනයකට හසුවෙන්න කිසිම දැන හැඳුනුම්කමක් තියා ගන්න අවශ්ය නැහැ. ඒත් ඔහු ඇයට හොඳ ගාණක් සල්ලි දීලා ගිහින් -ඔහ් හරි හොඳ ගාණක්. ඇය යනවා නිවාඩුවක් ගන්න කෝකසස් වලට. ඇය මට ආරාධනා කළා ඇය සමඟ යන්න. මම ඒ රස්සාව බාරගත්ත. ලියෝ කොවැලෙන්ස්කි, ‍සෝවියට් රුසියාවේ ගෑනුන්ගේ පෙම්වතා!”

“ලියෝ!”

ඇය ඔහු ඉදිරියෙන් හිටගත්තා ය. ඇයගේ දෑස්වල පැතිර තිබි භීතිය ඔහු දැක්කා ය. එය සඟවන නොලද, ආවරණයකින් තොර දැඩි බියංකර බවින් වූවකි. ඔහු මුව විවර කර ද ඔහුට හිනා වෙන්නට නොහැකි විය.

“ලියෝ .. ඒක විතරක් එපා!”

“ඇය නාකි බැල්ලියක්. මම දන්නවා. ඒ විදියට මම වඩා කැමතියි. ඇයට සල්ලි තියනවා. ඇයට මාව ඕන. ඒක ව්යාපාර ගනුදෙණුවක් විතරයි.”

“ලියෝ .. ඔයා … හරියට ..”

“නම් ගැන කරදර වෙන්න එපා. ඔයාට බැහැ හිතන්න මම මා වෙනුවෙන් හිතුවාට වඩා සුදුසු නම්.”

ඇයගේ ගවුමේ වාටි වෙව්ලන බවත්, ඇය‍ගේ දෑත් අස්වාභාවික ලෙස පිටුපස්සට කරගෙන, හරියට අවකාශයට හේත්තු වී සිටිනා ලෙසකින් ඇති බවත් ඔහු දැක්කේ ය. ඔහු නැඟිට්ටේ ය. “ඔයා කලන්තෙ දාලා ඇදගෙන වැටෙන්න හදන මෝඩියෙක් ද?”

ඇය දෙවුර හකුළා ගත්තා ය. “නැහැ, කිසි සේත් ම නැහැ .. වාඩි වෙන්න …. මම හොඳින් ..”

ඇය මේස ගැට්ටේ වාඩි වූවා ය. ඇයගේ දෑත් එය තදින් අල්ලා ගෙන තිබිණ. ඇය ඔහු දිහා බැලුවා ය. ඔහුගේ දෑස් මියගොස් ය. ඇය වෙනතක හැරුනා ය. ඒ දෑස් වසා දැමිය යුතු යැයි ඇයට සිතිණ. “ලියෝ … ඔයාව රහස් පොලීසියේ දී මරලා දැම්මා නම් .. නැත්නම් ඔයා ඔයාව මහේශාක්ය කාන්තාවකට විකුණා ගත්ත නම් … විදේශිකයෙකුට, තරුණ, නැවුම් සහ …” ඇය රහසින් පැවසුවා ය.

“මට බැහැ මාව මහේශාක්ය කාන්තාවකට, තරුණ, නැවුම්, විකුණන්න. දැන් ම බැහැ. සමහර විට තව වසරකින් පුලුවන් වෙයි.”

ඔහු නැඟිට ඇය දිහා බලා සුමුදු හඬින් සිනාසුණි. ගණනකට නොගෙන සිනාසුණි. “ඇත්තට ම, ඔයා දන්නවා, ඔයා හිතන්නෙ නැද්ද සදාචාරාත්මක බවක් ගැන ගැඹුරු අදහස් කියන්න ඔයාට ඉඩක් නැති බව? ඉතින් අපි දෙන්නා අපි දෙන්නා නිසා, ඔයාට මට කියන්න පුලුවන් ද ඔයාට ඔහු සිටිද්දී මාව තියාගත්තෙ ඇයි කියලා? මාත් එක්ක නිදා ගන්න කැමති නිසා ද? අනිත් සේරම කාන්තාවෝ වගේ? නැත්නම් මගේ සල්ලි එක්ක ඔහු‍ගෙ පට්ටම ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: