Sinhala story Blog

දෙසැම්බර් 13, 2011

අපි ජීවත්වන්නෝ -363 ඔයා අනිත් අපි වගේ නම්!

Filed under: Uncategorized — sinhalashortstories @ 9:50 පෙ.ව.

XVI

සිගරැට්ටුවක් බොමින් ලියෝ තනිවම උදුන අසල වාඩි වී සිටියේ ය. සිගරැට්ටුව ඔහුගේ අතේ අප්රාණිකව එල්ලී තිබී, ඇඟිලි වලින් ලිස්සා වැටිණ. ඔහු එය දුටුවේ නැත. ඔහු තවත් සිගරැට්ටුවක් රැගෙන එය නොදල්වා දිගු කාලයක් අල්ලා ගෙන සිටියේ ඒ ගැන වූ දැනීමක් නැතිව ය. අනතුරුව ඔහු වටපිට බැලුවේ ගිනිකූරක් සොයා ගන්නට ය. ඔහු වාඩි වී සිටි පුටුවේ ඇන්ද මත ගිනි පෙට්ටියක් තිබිය ද ඔහුට ගිනිකූරක් සොයාගත නොහැකි විය. ඉක්බිතිව ඔහු ගිනි පෙට්ටිය අතට ගෙන ඒ දිහා බලා සිටියේ ඔහුට උවමනා කුමක් දැයි අමතක වී ගිය නිසා ය.

පසුගිය සති දෙක තුල ඔහු කතාබහ කළේ ඉතා අඩුවෙනි. ඔහු ඉඳහිටක කීරා ව දැඩි සේ සිප ගත්තේ ය. එහි පමණට වඩා වැඩි වූ දැඩි ගතියක් විය. ඔහුගේ උත්සාහය ඇයට දැනුණි. ඇය ඔහුගේ තොල් හා ඔහුගේ අත් මඟ හරින්නට උත්සාහ ගත්තා ය.

ඔහු නිතර නිවසෙන් බැහැර ගියේ ය. ඔහු යන්නේ කොහේදැයි ඇය විමසුවේ නැත. ඔහු නිතර මත්පැන් පානය කළේ ය. පමණට වඩා මත්පැන් පානය කළේ ය. ඇය එය දුටු බවක් කීවේ නැත. ඔවුන් තනි වූ අවස්ථා වල දී ඔවුන් දෙදෙන නිහඬව වාඩිගෙන සිටියහ. ඒ නිහඬ බව ඇයට යමක් කියා පෑවේ ය. එය වචන වලින් කියත හැකි වූ දැයකට වඩා වැඩි හඬකින් කියූ දැයකි. යමක අවසානයක් ගැන කියූවකි. ඔහු ඔවුන්ගේ අවසාන මුදල් වියදම් කර දමමින් සිටියේ ය. ඇය ඔවුන්ගේ අනාගතය ගැන ඔහුගෙන් විමසුවේ නැත. ඇය ඔහුගෙන් කිසිවක් විමසුවේ නැත. ඇය දන්නා යැයි සිතූ පිළිතුර ගැන ඇය බිය වී සිටියා ය. ඇයගේ සටන පැරදී ඇතැයි බිය වූවා ය.

අවමංගල උත්සවයෙන් පසු කීරා නිවහනට එද්දී ලියෝ සිටගත්තේ නැත. ඔහු උදුන අසල වාඩි වී නොසෙල් වී සිටියේ ය. බරින් කඩා වැටෙන ඇසිපිය යටින් ඔහු කීරා වෙත පෑයේ කුතුහලය පිරි, බරින් වූ, හෙමින් බලන බැල්මකි.

ඇය කිසිත් නොකියා කබාය ගලවා එය ඇගේ අල්මාරියේ එල්ලා දැමුවා ය. තොප්පිය ගලවද්දී ඇයට ඇසුණු හඬක් නිසා ඇය හැරුනා ය. ලියෝ සිනාවෙයි. එය දැඩි, දොම්නසින් පිරි, පරුෂ වූ හිනාවකි.

ඇය ඔහු දිහා බැලුවා ය. ඇයගේ දෑස් විසල් විය. “ලියෝ මොකක් ද හේතුව?”

ඔහු දැඩි ලෙසින් ඇයගෙන් ඇසුවේ ය: “ඇයි ඔයා දන්නෙ නැද්ද?”

ඇය හිස වනා නොදන්නා බව කියා පෑවා ය.

“එහෙනම් ඉතින්,” ඔහු ඇසුවේ ය, “ඔයාට දැන ගන්න ඕන ද මම කොච්චරක් දන්නවා ද කියල?”

“කොච්චරක් … ඔයා දන්නවා … මොකක් ගැන ද, ලියෝ?”

“මම හිතන්නෙ නැහැ මේක ඔයාට කියන්න සුදුසු අවස්ථාවක් කියල, එහෙම ද? ඔයාගෙ පෙම්වතාගේ අවමංගල්යිය ඉවර වෙච්ච හැටියෙ ම?”

“මගේ …”

ඔහු නැඟිට ඇය වෙත ආවේ ය. ඔහු අත් පොකැට්ටු වල බහා ගෙන සිටගෙන සිටියේ ය. ඇය මහත් පිදුම් පුද කරන ඒ අහංකාර සාවඥ බැල්මෙන්, පහලට ඇදි මුව අග වූ සිනාවෙන්, ඇය දිහා පහතට ඇස් යොමු කර බලා සිටියේ ය. ඒ නැවී ගිය මුව කොන් වලින් මේ වදන් තුන පිට වුණි: “උඹ කුඩා බැල්ලියක්!”

ඇය කෙළින් සිටගත්තා ය. නොසෙල් වී සිටියා ය. ඇයගේ මුහුණ සුදුමැලි විය. “ලියෝ …”
“කට වහපන්! මට ඔයාගෙන් කිසිම සද්දයක් අහන්න ඕනෙ නැහැ! ඔයා නරක කුඩා … මට එච්චර කමක් නැහැ, ඔයා අනිත් අපි වගේ නම්! ඒත් ඔයා, ඔයාගේ සාන්තුවර ගති වලින්, ඔයාගෙ වීරෝදාර කතාබහෙන්, මාව කෙළින් ඇවිද්දවන්න හදන උත්සාහ වලින්, ඒ ඔක්කොම එක්ක … ඔයා මේ විදියට .. ඔයාව තල්ලු කරන්න වෑයමක් ගත්තු මුල් ම කොමියුනිස්ට් රස්තියාදුකාරයත් එක්ක ගියා!”

“ලියෝ, කවුද ..”

“කට වහපන්! … නැහැ! මම ඔයාට කතා කරන්න ඉඩක් දෙන්නම්. මම ඔයාට එක වචනයකින් උත්තර දෙන්න ඉඩක් දෙන්නම්. ඔයා ටැගනොව්ගෙ අනියම් කාන්තාව වූවා ද? ඔයා එහෙම වූවා ද? ඔව් ද නැද්ද?”

“ඔව්.”

“මම නැති මුළු කාලයේ දී ම?”

“ඔව්.”

“ඊට පස්සෙත්, මම ආවට පස්සෙත්?”

“ඔව්. ඔයාට වෙන මොනවා ද ඔවුන් කිව්වෙ, ලියෝ?”

“ඔවුන් වෙන මොනවා ද මට කියන්න ඕන?”

“කිසිත් නැහැ.”

ඔහු ඇය දිහා බලාගෙන හිටියේ පැහැදිලි, විඩාබර වූ දයාවක් නැති දෑස් වලිනි.

“කවුද ඔයාට කීවේ ලියෝ?”

“ඔයාගෙ යාළුවෙක්. එයාගෙ යාළුවෙක්. අපේ දයාබර සහෝදරයා, පවෙල් සියරොව්. අවමංගල්ය උත්සවය ඉවර වෙලා යන ගමන් මෙහෙ ඇවිත් ගියා. ඔහුට උවමනා වුනේ මගේ තරඟකාරයා නැතිවීම ගැන මට සුබ පතන්න.”

“ඒක .. ඒක ඔයාට ලොකු වේදනාවක් වුනා ද, ලියෝ?”

“අරගලයට පස්සෙ මට ඇහිච්ච හොඳම ප්රවෘත්තිය තමයි ඒක. අපි අතින් අත දීලා මත්පැන් පානය කළා. සියරොව් සහෝදරයායි මමයි. ඔයාටත් ඔයාගෙ පෙම්වතාටත් සව්දිය පිරුවා. ඒ හැරෙන්නට ඔයාට සිටින අනෙක් හැම පෙම්වතුන්ටත්. ඔයාට පේනවානෙ, ඒක මාව නිදහස් කරනවා.”

“නිදහස් කරනවා, මොකකින් ද, ලියෝ?”

“මගේ අන්තිම වූ ආත්ම ගෞරවය අල්ලා ගෙන හිටිය පුංචි මෝඩියක් ගෙන්! මා මුහුණ දෙන්න බිය වූ, මා රිදවන්න අකැමති වූ, පුංචි මෝඩියක් ගෙන්! ඔයා දන්නවා ද, ඒක හරි විහිළුවක්. ඔයයි ඔයාගෙ කොමියුනිස්ට් වීරයයි. මම හිතුවා ඔහු මැරුනේ මාව ඔයා වෙනුවෙන් බේරගන්න දිවි පූජා කරලා කියල. එත් එයාට ඔයාව ඇති වෙලා. එයාට ඔයාගෙන් ඈත් වෙලා වෙන ගෑණියෙක් වෙත යන්න උවමනා වෙන්නැති සමහර විට. මිනිස් සංහතියේ අති උදාර බව කුමට කියන්න ද?”

“ලියෝ, අපිට එයා ගැන කතා කරන්න අවශ්යදතාවයක් නැහැ නේද?”

“තාම එයාට ආදරෙයි ද?”

“ඒකෙන් ඔයාට කිසිම වෙනසක් නැහැනෙ -දැන්- නේද?”

“නැහැ. කිසිත් නැහැ. මට ඕන නැහැ අහන්න ඔයාගෙන් ඔයා කවදා හරි මට ආදරය කළාද කියලා වත්. ඒකත්, ඒකත් කිසිම වැඩක් නැහැ. මම කැමැතියි හිතන්න ඔයා ආදරේ කළේ නැහැ කියල. ඒක අනාගතය පහසු කරාවි.”

“අනාගතය, ලියෝ?”

“ඉතින්, ඔයා මොකක් ද ඒකට ගහපු සැලසුම?”

“මම ..”

“ඔහ්, මම දන්නවා! මෝඩ සිහින මාලිගාවක ශුද්ධ වූ දැයක් ගැන අදහසක් තියාගෙන, වැදගත් සෝවියට් රස්සාවක් හොයාගෙන, ප්රසයිමසයක් උඩින් සලාක පත්ර්යක් එක්ක ජරාවට යාම. ඔයාගෙ ආත්මය නැත්නම් ස්ප්රීාතුව නැත්නම් නම්බුව- ඒ වගේ කවදා වත් නොපවතින දෙයක් ගැන, පැවතිය යුතු නැති දෙයක් ගැන, පවතින්නා වූ හැම සාපයකින් ම වඩාත් ම විශාල සාපය ගැන අල්ලා ගෙන! ඉතින්, ඉවරයි ඒක. ඒක මරා දැමීමක් නම් මට ලේ පේන්නෙ නැහැ. ඒත් මම ෂැම්පේන්, සුදු පාන්, සිල්ක් කමිස, ලිමෝසීන හොයාගන්නවා. වෙන කිසි දෙයක් ගැන හොයන්නෙ නැහැ. කම්කරුවන්ගේ අධිරාජ්ය,යට දීඝායූ වේවා!”

“ලියෝ … මොකක් ද .. මොකක් ද ඔයා කරන්න යන්නෙ?”

“මම යන්න යනවා.”

“කොහෙද?”

“වාඩි වෙන්න.”

Advertisements

ප්‍රතිචාර 3 »

  1. After reading this part, I was lost for several minutes, ……….out of sympathy for Keera

    ප්‍රතිචාර විසින් mier — දෙසැම්බර් 14, 2011 @ 2:57 පෙ.ව.

    • mier,

      අපිට එහෙම හිතුනට කීරා කාගෙන්වත් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිත් අය මංමුළා වූ ලෝකයක හිරවෙද්දී එයා ඒ බව දැක ඊට ගොදුරු නොවීමෙන් අනිත් අයට නැති ශක්තියකින් යුතු තැනැත්තියක්. අපි අනුකම්පා කරන්න ඕන ලියෝට.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — දෙසැම්බර් 14, 2011 @ 11:01 පෙ.ව.

      • hmmmmmmmmmmmmm, thats true

        ප්‍රතිචාර විසින් mier — දෙසැම්බර් 14, 2011 @ 11:54 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: