Sinhala story Blog

දෙසැම්බර් 12, 2011

අපි ජීවත්වන්නෝ -362 ඔහුව මැරුවේ අරගලය ද නැත්නම් තමන් ද

Filed under: Uncategorized — sinhalashortstories @ 8:34 පෙ.ව.

කීරා ආර්ගුනෝවා නොසෙල් වී සිටගෙන සිටියා ය.

ඇය උනන්දුවෙන් හැම වචනයකට ම සවන් දුන්නා ය. ඇයගේ දෑස් වල ප්රශ්නයක් රැඳී තිබුණි. ඒ වදන් වලින් ඊට උත්තරයක් ලැබේ යැයි ඇය අපේක්ෂා කළා ය.

ඈතට විහිදී ගිය පිට්ටනිය උඩින් අහස අඳුරු පැහැය ගනියි. කිළිටි අළු නිල් පැහැයකට හැරෙයි. ඈත දිස් වූ ජනේලයකින්, හේමන්තය කළින් කැඳවා පිළිගන්නා ලෙසකින්, මුල් ම කුඩා කහ විදුලි එළියක් නිවී පත්තු වී දිලිසුණි. අවසාන කථිකයාගේ කටහඬ මැකී ගියේ ය. පළාත වසා ගනිමින් ඝන අයිස් මීදුමක් පතිත වෙයි. එය කිසිවකුට දැකිය නොහැකි වුවත් ඔවුනට අහසින් පාත්වන අඳුරෙන් ගලා එනවා දැනුනි. රතු මිනීපෙට්ටිය වසා ඇත. එය පොළවේ ඇතුලට නොපෙනී ගොස් ය. මීනිවල පස් පිඬැලි වලින් පිරී ඇත. එයට උඩින් රතු ග්රැනයිට් පුවරුවක් ඉදි වී ඇත. හදිසියේ ම අළු පැහැයෙන් වූ ජන ගංඟාව වෙව්ලා ගියහ. ඔවුන් තැනින් තැන කැඩී, අඳුරු අතු ගංඟා ලෙසින් අතුරු වීදි වලින් ඇදෙන්නට වූහ. හරියට වේල්ලක් කැඩී වතුර පිට වී යන්නා සේ ය. මිදුණ හිරු බැස යන සන්ධ්යාවේ ඈත කොනකින් හමුදා තූර්ය වාදක කණ්ඩායමක් ‘අන්තර්ජාතිකය’ වාදනය ඇරඹූහ. ජීවත්වන අයගේ ගීතය, පා ගමන් තබනා දහස් ගණනකගේ හඬ මෙන් වූ, මැන බලා ස්ථිර ලෙසින් ඇහෙන, හරියට සොල්දාදුවකුගේ පාද මහ පොළව මත සිංදුවක් ගහනවා වැනි සේ ඇසුණි.

එවිට, කීරා ආර්ගුනෝවා හිමිහිට ඇවිද ගෙන අළුත් සොහොන වෙත ගියා ය.

පිට්ටනිය හිස් ය. අහස කඩා හැලෙන්නේ නගරය උඩින් මිදුණ නිල් රක්ෂිත වහලක් සේ ය. එහි වූ කුහරයකින් එකම එක යකඩ තිතක් දුර්වල ලෙසින් නිවි නිවී පත්තු වුනි. ඈත එපිටත පෙනුනු ගෙවල් තව දුරටත් ලෙසින් දිස්වූයේ නැත. රතු පාටින් වූවක් දුඹුරු පැහැ වී දැක්වෙන පටු තීරුවක අලවා ඇති සිහින් කළු කඩදාසි තීරු ලෙසින් පැතලි බවකින්, කැඩුණු ඡායාවල් වලින් ඒවා දිස්වුණි. ඒ කඩදාසි වල වූ කුඩා සිදුරු තුලින් පුංචි එළි වෙව්ලනවා දකින්නට හැකි විය. පිට්ටනිය වූයේ නරගයේ නොවේ. හිම කැට කරකැවී පාවී ගොස් සිහින් සුදු පැහැති පවුඩර් මෙන් දිය වී යන සුදු කාන්තාරයකට පාත් වන්නා සේ හිස් බවින් යුතු වූ නිහඬ පරිසරයක ය.

හුදකලා කුඩා රුවක් ග්රැනයිට් සොහොන් කොත අසල සිටගෙන ය.

ඇයගේ නවා ගත් හිස මත හා ඇස් පිහාටු වල, හිම කැට අලස ලෙසින් වැටී පතිත විය. ඇයගේ දෑස් දිලුනේ හිම කැට වලිනි. එහි කඳුළු නොවීය. රතු ග්රැනයිට් වල කොටා තිබූ අකුරු ඇය කියැවීය:
අරගලයට බිලි වූවන්ට සදාකාලික ගෞරවය
අන්ද්රෙ ටැගනොව්
1896-1925

ඔහුව මැරුවේ තමන් දැයි, නැත්නම් අරගලය දැයි, නැත්නම් දෙකම විසින් දැයි ඇය කල්පනා කළා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: