Sinhala story Blog

දෙසැම්බර් 5, 2011

අපි ජීවත්වන්නෝ -357 ප්‍රයෝජනවත් හඬක් නඟන්නට හොඳ අවස්ථාවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 2:33 ප.ව.

XV

ප්රාව්ඩා හි මුල් පිටුවල, පළල් කළු රාමුවකින් වට වූ හතරැස් කොටුවක මේ වදන් සටහන් විය:

සියළු වෘත්තීය කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ‍කමිටුව,
අරගලයේ වීර සෙබලෙක් වූ, හිටපු රතු හමුදා සාමාජික,
1915 සිට පක්ෂ සාමාජිකයෙකු වූවකුගේ මරණය ගැන
තම බලවත් සංවේගය ප්රකාශ කරයි.
අන්ද්රෙ ටැගනොව් සහෝදරයා

ඊට යටින් තවත් කුඩා කොටුවක තද කළු රාමුවකින් වට වී මෙසේ ලියා තිබිණ:

සියළු වෘත්තීය කොමියුනිස්ට් පක්ෂයේ ලෙනින්ග්‍රෑඩ් කමිටුව
අන්ද්රෙ ටැගනොව් සහෝදරයාගේ
මරණය නිවේදනය කරයි.
අවමංගල්ය උත්සවය හෙට අරගලයට බිල්ල වූවන්ගේ පිටියේ දී පැවැත්වේ.
උදේ 10 ට ස්මොල්නි විද්යාතනයේ සිට අවමංගල්‍ය පෙරහැර ආරම්භ වනු ඇත.

ප්රාව්ඩා හි කතුවැකියක් මෙසේ ලියා තිබුණි:

අරගලයේ නාමයෙන් බිල්ලට ‍ගොදුරු වූවන්ගේ පිටියේ කීර්තිමත් නාම ලැයිස්තුවට තවත් නමක් ඇතුල් වන ලදි. නම වැඩි දෙනෙකුට හුරු වූවා නොවන්නට හැකිය. එහෙත් එය අපේ පක්ෂයේ තනතුරුවල සාමන්‍ය බව නියෝජනය කරන සංකේතයකි. අපේ සතිය තුල දී ගුණ ගායනා නොකරන වීරයෙකි. අන්ද්රෙ ටැගනොව් නැමැත්තා තුලින් අප කම්කරු හමුදාවේ කවුරුත් නොහඳුනන සෙබළුන් සඳහා අවසන් ගුරු බුහුමන් දක්වමු. ටැගනොව් සහෝදරයා මිය ගියේ ය. ඔහු දිවිනසා ගත්තේ වැඩ අධික වීම නිසා හටගත් ස්නායු දුර්වලතාවය දරාගත නොහැකිව ය. ඔහුගේ නිරෝගී බව හා ශරීරය කැඩී ගියේ පක්ෂ සාමාජිකත්වය ඔහුගෙන් ඉල්ලා සිටි නිම නොවන, දැඩි වූ කාර්ය භාරය උසුලා සිටීමෙනි. අරගලය වෙනුවෙන් ඔහු කල කැප කිරීම එයයි. පුද්ගලික වස්තුව හා කීර්තිය සොයන ධනවාදී රටවල් පාලනය කරන අය මෙන් නොව, පක්ෂය වෙනුවෙන් මහත් ම දුෂ්කර කාර්ය බාරගන්නා, සාමුහිකත්වය වෙනුවෙන් දුක් නොතකා කරන කැපවීම එයයි. ඉතින් මේ නොයෙකුත් හිඟකම් පිරී ඇති අභියෝගාත්මක සමයේ අපේ සමහර අයගේ ජවය දුර්වල වුවත්, අපි මේ ශ්රේෂ්ඨ සියළු වෘත්තීය කොමියුනිස්ට් පක්ෂය දිහා ඔළුව උස්සා බලමු. එය අපිට නායකත්වය ලබා දෙයි. එහි ජවය, එහි ජීවිත, එහි ශක්තිය පරදුවට තබයි. පක්ෂ වීරයෙකුට රතු අවමංගල්යයක් පිරිනමන මේ අවස්ථාව අපි අපේ සියළු නායකයන් සමරන්නට මතක් කර ගනිමු. ලෙ‍නින්ග්රෑඩයේ සියළු කම්කරුවන් විසින්, මේ ටැගනොව් සහෝදරයා ඔහුගේ අන්තිම වාසස්ථානය කරා ගෙන යන අවසන් මංගල පෙරහැරට, සහභාගී වන අවස්ථාවක් කර ගනිමු.

රහස් පොලීසියේ කාර්යාලයක වීදුරු මස් පෙන්වා සිනා වූ මිනිහෙක් පවෙල් සියරොව්ට මෙසේ කීවේ ය: “ඉතින්, අන්තිමේ දී ඔහු අපිට ලබා දුන්නා ප්‍රයෝජනවත් හඬක් නඟන්නට හොඳ අවස්ථාවක්. ඔයා මුල් ම කතාව පවත්වනවා ද?”

“ඔව්,” සියරොව් කීවේ ය.

“අමතක කරන්න එපා එයාගෙ රතු හමුදා වාර්තාව එක්ක සේරම කියන්න. ඉතින්, මම හිතන්නෙ මේක උන්ගෙ කටවල් වහලා දායි. ඒ‍ මෝඩ පිස්සෝ. 1905 ගණන් වල පරණ කසි කබල් මතවල එල්ලී ගත්තු අය. ඔක්තෝබර් විප්ලවයට ඉස්සර කාලේ පක්ෂ සාමාජික කාඩ්පත ගැන කතා කරන්න වැඩියෙන් කැමති අයයි. අනිත් දේවල් එක්ක කොවැලෙන්ස්කි නඩුව ගැනත් කතා කරන අය.”

“අමතක කරලා දාන්න ඒක,” පවෙල් සියරොව් කීවේ ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: