Sinhala story Blog

නොවැම්බර් 30, 2011

අපි ජීවත්වන්නෝ -354 ඔව් මේක හරි හොඳ පොතක්!

Filed under: Uncategorized — sinhalashortstories @ 5:35 ප.ව.

රහස් පොලීසියේ රස්සාවෙන් අන්ද්රෙ ටැගනොව් ව මාරු කර යවනු ලැබීය.

ඔහුව ලෙස්නෝ නගරාශ්රිතව වූ කාන්තා ගෘහ සේවිකා සමාජයේ ලෙනින් කොනේ පුස්තකාලයේ පුස්තකාලාධිපති බවට පත් විය.

සමාජය පිහිටියේ ඉහත කලක දී පල්ලියක් ව තිබි ස්ථානයක ය. පැරණි ලී බිත්ති වලින් ඇතුලට සුළං හමා ආවේ ය. ඇතුලත වූ දීප්තිමත් පෝස්ටරයන් සුළඟට සර සර ගා සෙලවුනි. බිත්ති ඔසවා ගෙන සිටියේ කුමන මොහොතක දී හෝ කඩා වැටෙන්නට හැකි වහලකි. දුහුවිලි රැඳි වීදුරු ජනේල පියනක් උඩින් ලෑලි ගසා තිබිණ. යකඩින් හැදූ බුර්ජුවාසියක් කාමරය දුමින් පුරවන ලදි. රතු කැලිකෝ රෙද්දකින් ඉස්සර වූ අල්තාරය වසා තිබිණ. බිත්තිය පුරා ලෙනින්ගේ පින්තූර දිස්විය. රාමු නැති පින්තූර කපා තිබුනේ සඟරා වලිනි. ළදරු කාලයේ ලෙනින්, ශිෂ්යයෙක් වූ ලෙනින්, පෙට්රොගෑඩ් සෝවියට්වරු අමතන ලෙනින්, කැප් තොප්පියක් පැළඳ ගත් ලෙනින්, කැප් තොප්පියක් නැති ලෙනින්, මහජන කොමිස්සාර් කවුන්සිලයේ වූ ලෙනින්, මීනිපෙට්ටියේ වූ ලෙනින්. රාක්ක පුරා කවර දැමූ පොත් තිබුණි. “ලෝකයේ කම්කරුවනි, එක් වෙයව්!” යැයි පෝස්ටරයක් ගසා තිබුණි. ලෙනින්ගේ උඩුකය මැටි ප්රතිමාවක නිකටේ මැලියම් පහරක කැළලක් විය.

අන්දේ ටැගනොව් ජීවත්වන්නට උත්සාහ ගත්තේ ය.

සවස පහට, හිම මත කඩ වලින් වැටි එළියෙන් කහ පැහැති හතරැස් හැඩ වැටෙද්දී, අඳුරු වීදි මතින් ඉහළින් ට්රෑවම් රථවල් වල ලාම්පු පාට කරන ලද මාලයක බෝල ගෙඩි මෙන් ඇදී යද්දී, ඔහු විද්යාතනයෙන් ඉවත් වී ලෙස්නෝ වෙත ගියේ ය. සෙනඟ පිරි ට්රෑම් රථයක ජනේලයක් අසල වී පාන් පෙත්තක් හැපුවේ ය. ඔහුට රාත්රී ආහාරයක් ගන්නට කාලයක් නොවීය. සවස හයේ සිට රෑ නවය දක්වා ඔහු කාන්තා ගෘහ සේවිකා සමාජයේ ලෙනින් කොනේ පුස්තකාලයේ තනිවම වාඩි වී කාලය ගත කළේ ය. ඔහු පොත් දර්ශක කාඩ්පත් ලියුවේ ය. ඉරුණු කවර මැලියම් ගා ඇලවීය. බුර්ජුවාසියට දර කොට එකතු කළේ ය. පොත්වල නොම්මර ලියුවේ ය. රාක්ක වල දුහුවිලි පිහ දැම්මේ ය. ලොකු ලොම් බූට් සපත්තු වල රැඳි හිම ගසා දමමින්, අළු සාටකයක් පැළඳි කාන්තාවක් පැද්දි පැද්දී ඇතුල් වූ විට ඔහු “සුබ සැන්දෑවක්, සහෝදරිය .. නැහැ, කොමියුනිස්ට්වාදයේ අ යන්න ආ යන්න පොත තාම ආපහු ආවේ නැහැ. මා ළඟ ඔයා ඒක අවශ්‍යයි කියපු ඉල්ලීම තියනවා … ඔව්, මේක හරි හොඳ පොතක්, සැම්සොනොවා සහෝදරිය, උපදෙස් ගොඩක් තියන සම්පූර්ණයෙන් ම කම්කරුවන් ගැන වූ. .. ඔව් ඩැනිලොවා සහෝදරිය, මේක පක්ෂ කවුන්සිලයෙන් අනුමත කරපු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන ශ්රමිකයෙකු විසින් කියවිය යුතු ම වූ දේශපාලන අධ්යාකපනය සඳහා නියමිත වූවක්. … කරුණාකර, සහෝදරියෙනි, මීට පස්සෙ පුස්තකාල පොත්වල පින්තූර අඳින්න එපා .. ඔව්, මම දන්නවා සහෝදරිය, මේ උදුන එච්චර හොඳින් වැඩ කරන්නෙ නැහැ, ඒක හැම තිස්සෙම මේ වගේ දුම් ගහනවා … ඔව් සෙලිවැනෝවා සහෝදරිය, අපේ ශ්රේෂ්ඨ නායකයාගේ පරමාර්ථයන් හඳුනාගන්නට නම් ලෙනින් සහෝදරයාගේ සියළුම පොත් කියවිය යුතුයි. .. කරුණාකරලා දොර වහන්න, සහෝදරිය … සමාවෙන්න, සහෝදරිය, අපිට වැසිකිලියක් නැහැ මෙතැන. … නැහැ අපි ළඟ මුසොලිනි ගැන ලියැවිච්ච පොත් නැහැ … නැහැ, අපි ළඟ ආදර කතා පොත් නැහැ, සියාබ්ලොවා සහෝදරිය. … නැහැ සියාබ්ලොවා සහෝදරිය, මට ඔයාව සමාජ නැටුමට එක්ක ගෙන යන්න බැහැ ඉරිදාට … නැහැ, කොමියුනිස්ට්වාදයේ අ යන්න ආ යන්න පොත තාම ආපහු ආවේ නැහැ, සහෝදරිය.”

රහස් පොලීසි කාර්යාල වල ඔවුන් රහසින් කතා කළහ: “ටැගනොව් සහෝදරයා ඊ ළඟ පක්ෂ සුද්ද කිරීමට මුහුණ දෙන හැටි බලාගෙන ඉන්නකෝ.”

ටැගනොව් සහෝදරයා ඊ ළඟ පක්ෂ සුද්ද කිරීම එනතෙක් බලාගෙන සිටියේ නැත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: