Sinhala story Blog

නොවැම්බර් 27, 2011

අපි ජීවත්වන්නෝ -352 මාව පක්ෂයෙන් පන්නලා දායි

Filed under: Uncategorized — sinhalashortstories @ 9:55 පෙ.ව.

වීදිය යටින් ට්රක් රථයක් ගෝරනාඩු නඟමින් ගියේ ය. නිහඬ ජනේල පියන් වෙව්ලීය.

අන්ද්රෙගේ ඇස් කීරාගේ ඇස් හා මුණ ගැසිණ. මොහොතක් මුණ ගැසි ඇස් ඉක්මණින් වෙනතක ගියහ. ලියෝ ඔවුන් දිහා බලාගෙන සිටියි.

මුලින් කතා කළේ ලියෝ විසිනි. ඔහු නැඟිට අන්ද්රෙ වෙත පියවර තැබුවේ ය. ඔහු දිහා හිස පහත් කර බලා සිටියේ ය. අනතුරුව ඔහු “මම හිතන්නෙ එහෙනම් මම ඔබට ස්තූති කරන්න ඕන කියල. ඉතින්, මම ස්තූතිවන්තයි කියල හිතාගන්න. ඒත් මම කියන්නෙ නැහැ මම හද පත්ලෙන් ඔබට ස්තූති කරනවා කියල. මොකද මගේ හද පත්ලෙ දී මම හිතන්නෙ මම කැමතියි ඔයා මා හිටපු තැන ඉන්න ඇරිය නම් හොඳයි කියල,” යැයි කියුවේ ය.

“ඇයි?” අන්ද්රෙ ඔහු දිහා හිස ඔසවා බලමින් ඇසුවේ ය.

“ඔයා හිතන්නෙ ලැසරස් ස්තූති පූර්වක වූවා කියා ද ක්රිස්තුස් ඔහුව මරණයෙන් යලි නැඟිටවා ගත්තාම -එයා එහෙම කළා නම්? මම ඔයාට ස්තූති වන්නේ ඒ තරමට වඩා වැඩියෙන් නෙමෙයි මම හිතන්නෙ.”

අන්ද්රෙ ඔහු වෙත එල්ල වූ දෑස් ඉවත් කර නොගත්තේ ය. ඔහුගේ මුහුණ දැඩි ය. ඔහුගේ වදන් තර්ජනයක් විය: “පිස්සු නටන්නෙ නැතිව ඉන්න. ඔයාට ජීවත් වෙන්න කොච්චර දේවල් තියනවා ද?”

ලියෝ දෙවුර හැකිළීය. කිසිත් නොකීවේ ය.

“ඔයාගෙ කඩේ වහලා දාන්න වෙයි. රස්සාවක් හොයා ගන්න උත්සාහ කරන්න. වැඩිය කැපී පෙනෙන රස්සාවක් නෙවෙයි. ඔයා ඒකට තදින් අකමැති වෙයි. ඒත් ඔයාට ඒක කරන්න වෙයි.”

“මට පුළුවන් නම්.”

“ඔයාට පුළුවන්. ඔයා කරන්න ඕන.”

“එහෙම ද?” ලියෝ ඇසුවේ ය, ඔහුගේ දෑස් අන්ද්රෙ ගේ දෑස් දිහා සුපරීක්ෂාකාරීව බලා සිටිනා ආකාරය කීරා දුටුවා ය.

“අන්ද්රෙ, ඇයි ඔයා අපිට සියරොව්ගේ ලියුම ගැන කිව්වෙ?” කීරා ඇසුවා ය.

“ඔයාල දැනගෙන ඉන්න ඕන නිසා … මට මොකක් හරි වුනොත්.”

“ඔයාට මොකක් ද වෙන්නෙ, අන්ද්රෙ?”

“කිසිත් නැහැ .. මම දන්න තරමින් කිසිත් නැහැ.” ඔහු කීවේ ය. ඔහු යන්නට නැඟිට්ටේ ය. “එකම දේ, මම හිතනවා මාව පක්ෂයෙන් පන්නලා දායි කියල.”

“ඒක … ඒක ඔයාට ලොකු වැදගත් කමක් තිබ්බ දෙයක් නේද? .. ඔයාගෙ පක්ෂය?”

“වැදගත් කමක් තිබ්බ.”

“ඉතින් … ඔයාට ගොඩක් වැදගත්කමක් තිබිච්ච දෙයක් නැති වෙලා ගියාම .. එත‍කොට මුකුත් වෙනසක් තියනවා ද?”

“නැහැ, ඒක මට තාමත් ගොඩක් වැදගත්.”

“ඔයා .. එයාලට ද්වේෂ කරනවා ද .. ඔයාව පන්නලා දැම්ම එක ගැන?”

“නැහැ.”

“ඔයා .. එයාලට සමාව දෙනව ද .. කවදා හරි දවසක?”

“මම සමාව දෙන්න කිසිම දෙයක් නැහැ. මොකද, ඔයා බලන්න, මම ස්තූති පූර්වක විය යුතු ගොඩක් දේවල් තියනවා, අතීතයේ දී, මම අයිතිය කියද්දී .. පක්ෂයට. මට අවශ්ය නැහැ ඔවුන්ට දැනෙන්න ඉඩ අරින්න ඒක … ඒක අයුක්තියක් කියල. නැත්නම් මම ඔවුන්ට දෝෂාරෝපණය කරනවා කියල. මට කවදාවත් කියන්න බැහැ ඔවුන්ට මට වැටහෙනවා කියල. ඒත් මම කැමතියි ඔවුන් ඒක දැන ගන්නවා නම්.”

“සමහර විට ඔවුන් සිත් කරදර කරගන්නවා ඇති … ඔවුන්ට ඔයාගෙන් තවත් විමසන්න අයිතියක් නැතිවුනාට … ඔවුන් කැඩූ ජීවිතයක් ගැන ..”

“මට එක දෙයක් ඉල්ලන්න පුළුවන් නම් -ඔවුන් මාව එළියට පන්නලා දාද්දී- මම ඔවුන් ගෙන් ඉල්ලන්නෙ මා ගැන සිත් කරදර කරගන්න එපා කියලයි. එතකොට … පක්ෂ වාර්තා වල … මම තුවාලයක් විදියට පෙනෙන්නෙ නැතුව දරා ගන්න පුළුවන් මතකයක් වෙයි. එතකොට මගේ මතකයන් ද දරාගන්න මට පුළුවන් වේවි.”

“මම හිතනවා ඔවුන් එය ඔබට දේවි .. ඔවුන් දන්නවා නම්.”

“එහෙම නම් මම ඔවුන්ට ස්තූති කරනවා .. මට පුළුවන් නම්.”

ඔහු හැරී සිය කැප් තොප්පිය මේසයෙන් රැගෙන කබායේ බොත්තම් පියවා ගත්තේ ය. “ඉතින්, මම යා යුතුයි. ඔහ්, ඔව්, තවත් එකක්. මොරසොව් වෙතින් ඈත් වෙලා ඉන්න. මම දන්න තරමින් ඔහු නගරයෙන් පිටවෙලා යනවා. ඒත් ඔහු ආපහු එයි තවත් මොකක් හරි සැලැස්මක් හදාගෙන. ඈත් වෙලා ඉන්න. ඔහු හැම තිස්සෙ ම ගැලවිලා යයි. ඔයාල අත වැරැද්ද පටවලා.”

“අපි ආයෙත් … ඔයාව දකිවී ද, අන්ද්රෙ?” කීරා ඇසුවා ය.

“සහතිකයෙන් ම, මම ටික දවසක් ගොඩක් කාර්යබහුල වේවි. ඒත් මම අහල පහල ඉඳිවි. … ඉතින් එහෙනම් සුබ රාත්රියක්!”

“සුබ රාත්රියක්, අන්ද්රෙ!”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: