Sinhala story Blog

නොවැම්බර් 23, 2011

අපි ජීවත්වන්නෝ -350 ඔයා මේ මහපොළවට කවදා ද එන්නෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 10:22 පෙ.ව.

“කිසිත් නැහැ.”

“ඔවුන් .. ඔවුන් … මම අහලා තියනවා සමහර අවස්ථා වල …”

“නැහැ, ඔවුන් මට වදහිංසා දුන්නෙ නැහැ. ඒකට කාමරයක් තියන බව කිව්වා. ඒත් මට ඒ වරප්‍රසාදය ලැබුනෙ නැහැ … මට තනියම ඉන්න ලස්සන සිරකාමරයක් ලැබුණ. ආහාර වේල් තුනක් දවසට ලැබුණ. ඒත් සුප් එක නම් නරක් වෙලයි තිබ්බෙ. මම දවස් දෙකක් එතන වාඩි වෙලා වෙඩි තියන හමුදාව ඉස්සරහා දී කියන මගේ අන්තිම වචන මොනවා ද කියල හිතුව. කාලය ගෙවන්න කරන්න තියන දේවල් අතරින් හොඳ තවත් එකක් විතරයි.”

ඇය ඔහුගේ කබාය ගැලවූයේ ය. ඔහුව ඇඳි පුටුවක් වෙත තල්ලු කලා ය. ඇය දණගසා ගෙන ඔහුගේ සපත්තු ආවරණ ගැලවූවා ය. ඔහුගේ දණහිසට හිස මොහොතකට හේත්තු කරගත් ඇය ක්ෂණිකව එය ඉවතට ඇද ගත්තා ය. හිස සඟවා ගත් ඇය ඔහුගේ සපත්තු ලේස් වෙව්ලන ඇඟිලි වලින් ගැලවූවා ය.

“මට පිරිසිදු යට ඇඳුම් ඉතුරු වෙලා තියනවා ද?” ඔහු ඇසුවේ ය.

“ඔව් .. මම අරගෙන එන්නම් … එකම දේ .. ලියෝ … මට දැනගන්න ඕන .. ඔයා මට කිව්වෙ නැහැ ..”

“‍මොනවා ද කියන්න තියෙන්නෙ? මම හිතන්නෙ ඔක්කොම ඉතින් ඉවරයි කියල. නඩුව වහලා. ඔවුන් මට කිව්වා වගබලා ගන්න තුන්වැනි පාරටත් රහස් පොලීසියට නොඑන්න කියල.” ඔහු වැඩි ගණනකට නොගෙන මෙසේ ද කියුවේ ය: “මම හිතන්නෙ ඔයාගෙ යාළුවා ටැගනොව් මගේ නිදහස ගැන මොකක් හරි කරලා තියනවා.”

“එයා .. ”

“ඔයා ඉල්ලුවා ද එයාගෙන්?”

“නැහැ,” ඇය නැඟිටිමින් කීවා ය, “නැහැ, මම ඉල්ලුවේ නැහැ.”

“එයාල සේරම ගෘහ භාණ්ඩ විනාශ කරා ද, ඇඳත් එක්ක ම?”

“කවුද? … ඔහ්, සෙවිල්ලට ආපු අය .. නැහැ .. ඔව්, මම හිතන්න ඔවුන් විනාශ කලා … ලියෝ!” ඇය හදිසියේ ම හඬා වැටුනා ය. ඇස් පියන් අමාරුවෙන් අරිමින් ඔහු ගත වෙව්ලමින් ඇය දෙස බැලුවේ ය. “ලියෝ, ඔයාට කියන්න මුකුත් දෙයක් නැද්ද?”

“මට මොකක් කියන්න කියල ද කියන්නෙ?”

“ඔයා … ඔයාට සතුටු නැද්ද මාව දැක්කම?”

“සහතිකයෙන් ම. ඔයා බලන්න ලස්සනයි. ඔයා කොණ්ඩය පීරගන්න ඕන.”

“ලියෝ, ඔයා මා ගැන හිතුවා ද … එහෙ දී?”

“නැහැ.”

“ඔයා … නැහැ?”

“නැහැ. අහවල් දෙයකට ද? ලේසි වෙන්න ද?”

“ලියෝ, ඔයා .. මට ආදරෙයි ද?”

“ඔහ්, මොන ප්රශ්නයක් ද ඒක … මොන ප්රශ්නයක් ද ඒ මේ වගේ වේලාවක අහන … ඔයා කෙල්ලෙක් වගේ හැසිරෙන්න හදනවා, කීරා … අනේ ඇත්තටම, ඒක ඔයාට හරියන්නෙ නැහැ .. කිසිම විදියකින් ගැලපෙන්නෙ නැහැ.”

“මට සමාවෙන්න, ප්රියාදරය. මම දන්නවා ඒක මෝඩ බව. ඒත් එහෙම අහන්න හිතුනෙ ඇයි කියලා මම දන්නෙ නැහැ .. ඔයාට හරි මහන්සියි. මම ඔයාගෙ යට ඇඳුම් අරන් දෙන්නම්. ඊට පස්සෙ ඔයාට රෑට කන්න දෙයක් හදන්නම්. ඔයා රෑට මුකුත් කෑවේ නෑ නේද?”

“නැහැ. මට මුකුත් එපා. මේ ගෙදර බොන්න මොනවා හරි තියනවා ද?”

“ලියෝ .. ඔයා ආයෙත් .. යන්නෙ නැහැ නේද .. පටන් ගන්න ….?”

“අනේ මට පාඩුවේ ඉන්න දෙන්නකො. බැරි ද පිටවෙලා යන්න ඔයාට? කරුණාකරලා? යන්න ඔයාගෙ දෙමාපියන්ගෙ ගෙදර .. නැත්නම් වෙන කොහෙ හරි …”

“ලියෝ!” ඇය සිටගෙන සිටියා ය. ඔහු දිහා පුදුමයෙන් බලාගෙන දෑත් හිසේ ගසාගෙන සිටියා ය. “ලියෝ, ඔවුන් ඔයාට මොකක් ද කලේ?”

ඔහු හිස පුටුවේ ඇන්ඳට තබාගෙන පිටුපස්සට හේත්තු වී සිටියි. ඔහුගේ වෙව්ලන නිකට හා බෙල්ල රැගත් සුදු ත්රිකෝණය දිහා ඇය බලාගෙන සිටියා ය. ඔහු දෑස් පියාගෙන හඬ අවදි කලේ ය. තොල් පමණක් සෙලවුණි. ඔහුගේ කටහඬ එකම ස්වරයකින් විය: “කිසිත් නැහැ … කවුරුත් මට කිසිම දෙයක් කරන්නෙ නැහැ තව දුරටත් .. කිසිම කෙනෙක් .. ඔයාටත් බැහැ වෙන කාටවත් බැහැ .. කාටවත් බැහැ .. මට හිත් වේදනා දෙන්න ඔයාට විතරයි පුළුවන් වුනේ .. දැන් ඔයාටත් බැහැ .. කාටවත් බැහැ…”

“ලියෝ!” ඇය ඔහුගේ සුදුමැලි මුහුණින් යුතු අප්රාණික හිස අල්ලා කරුණාවකින් තොරව, කෝපයෙන් යුතුව සෙලවීය.

“ලියෝ! ඒකට ඔයාව මෙහෙම අල්ල ගන්න බැහැ! ඒකට ඔයාව අල්ල ගන්න බැහැ!”

ඔහු ඇයගේ අතින් ඇද එය වෙනතකට තල්ලු කළේ ය. “ඔයා මේ මහපොළවට කවදා ද එන්නෙ? ඔයාට මොකක් ද ඕනා? රහස් පොලීසියට යන ගමන් අතර මැද දී ජීවිතය ගැන ස්තූති ගී ගායනා කරන්න ඕන ද? ඔවුන් මාව බිඳ දැම්මා කියල බය ද? ඔවුන් මාව අල්ලා ගත්තා යැයි බිය ද? ඒ ගොහොරුවට වැටෙන්නෙ නැති දෙයක් මා තියාගන්න ඕන කියල ද කියන්නෙ? මාව ඇතුලට ඇදගෙන යද්දී තවත් දුක් විඳින්න ඕන දෙයක් විතරයි එතකොට. ඔයා මට කාරුණික වෙනවා කියල හිතනවා ද, ඔයා මට ගොඩක් ආදරේ නිසා? ඒත් මට ඒ ගොහොරුවට වැටෙන්න ඉඩ දුන්නොත් ඊට වඩා කාරුණිකයි කියලා හිතෙන්නෙ නැද්ද? එතකොට මම කාලයේ විදියට එකතු වෙලා තව දුරටත් කිසිම දෙයක් දැනෙන්නෙ නැති .. කිසිම දෙයක් .. කවදාවත් ..”

දොර‍ට තට්ටු කරන හඬක් ඇසිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: