Sinhala story Blog

නොවැම්බර් 21, 2011

අපි ජීවත්වන්නෝ -348 ඒ යක්ෂ රදළයා ඔයාගෙ කවුද?

Filed under: Uncategorized — sinhalashortstories @ 10:37 පෙ.ව.

“ඉතින්, එහෙනම්, මොකද කියන්නෙ අපි කේවල් කළොත්?

ඔයා මේ නඩුව අත්හැරලා දාන්න. මම බලාගන්නම් ඔයාට ඔයාගෙ පක්ෂ සාමාජික පත අහෝසි නොවී යෑම ගැන. ඒක විතරක් නෙමෙයි, ඔයාට රහස් පොලීසියේ ඔයාට කැමති ඕන රස්සාවක් ලබා ගන්න පුළුවන්. ඔයාගෙ පඩිය කීයක් දැයි කියලත් ඔයාට තීරණය කරන්න පුළුවන්. කිසිම ප්රශ්නයක් අහන්නෙ නැහැ. කිසිම තරහක් හිතේ තියාගන්නෙ නැහැ. අපි හැමෝටම අපේ පාරවල් වල යන්න පුළුවන්. ඔයයි මායි – අපි දෙන්නට දෙන්න උදව් කරගන්න පුළුවන් ගොඩක්. ඔයා මොකක් ද කියන්නෙ?”

“ඔයා ඇයි හිතන්නෙ මට තවත් පක්ෂයේ රැඳිලා ඉන්න උවමනාවක් තියෙනවා කියල?”

“අන්ද්රෙ!”

“ඔයා කරදර වෙන්න ඕන නැහැ මට ඊ ළඟ පක්ෂ සුද්ද කිරීමේ දී උදව් කරන්න. මාව පක්ෂයෙන් පන්නලා දායි, නැත්නම් මට වෙඩි තියාවි, නැත්නම් මාව ලොරියක් යට කරගෙන යාවි. ඒකෙන් ඔයාට කිසි වෙනසක් වෙන්නෙ නැහැ. තේරුනා ද? ඒත් ලියෝ කොවැලෙන්ස්කිව අල්ලන්න එපා. එයාව කවුරුත් අල්ලන්නෙ නැති වෙන්න වග බලාගන්න. ඔයාගෙ දරුවාව බලාගන්න විදියට එයාව බලාගන්න. මට ඕන දෙයක් වුනාට කමක් නැහැ. මම නෙමෙයි ඔහුගේ ආරක්ෂාව සපයන සුරදූතයා, ඔබයි.”

“අන්ද්රෙ,” සියරොව් කෙඳිරි ගෑවේ ය, “ඒ යක්ෂ රදළයා ඔයාගෙ කවුද?”

“මම ඒ ප්ර‍ශ්නයට එක සැරයක් උත්තර දීලා තියනවා.”

දෙපැත්තට වැනී හිටගත් සියරොව් අන්ද්රෙ නතු කරගන්නට අන්තිම උත්සාහයක් ගත්තේ ය: “මේ අහන්න අන්ද්රෙ, මට ඔයාට කියන්න දෙයක් තියනවා. මම හිතුවා ඔයා ඒක දන්නවා කියල, ඒත් මට පේන්නෙ ඔයා ඒක දන්නෙ නැති වගයි. ඔන්න කලබල නොවී අහන්න, මුලින් කියපු වචනය ඇහුණම මාව මරන්න හදන්න එපා. මම දන්නවා සඳහන් කරනවාට ඔයා අකමැති නමක් තියන වග. ඒත් මම ඒ නම කියන්නම්. ඒ කීරා ආර්ගුනෝවා.”

“ඉතින්?”

“අහන්න, අපි වචන පොඩි කරන්නෙ නැහැනෙ මෙතැන, එහෙම නේද? යකාට ගියාවේ, අපි දැන් වෙන මොනව හංගන්න ද? ඉතින්, එහෙනම්, අහන්න. ඔයා ආදරෙයි එයාට. ඔයා දැන් අවුරුද්දකට වඩා කාලයක් එයා එක්ක කාලය ගෙවලා තියනවා. ඉතින් … ඉන්න පොඩ්ඩක්! මට ඉවර කරන්න ඉඩ දෙන්න .. ඉතින් එයා මුළු කාලය පුරා ම ලියෝ කොවැලෙන්ස්කි ගේ අනියම් කාන්තාව .. ඉන්න පොඩ්ඩක්! ඔයා මගෙ වචනය විශ්වාස කරන්න ඕන නැහැ. ගිහින් පොඩ්ඩක් හොයල බලන්න ඔයාට ම පෙනේවි.”

“මොකට ද හොයල බලන්නෙ? මම දන්නවා ඒක.”

“ඔහ්!” පවෙල් සියරොව් කීවේ ය.

ඔහු කකුල් අඩි වලින් ඇඟිලි වලට ත්, ආපසු කකුල් අඩි වලටත් මාරුවෙන් මාරුවට බර දෙමින් අන්ද්රෙ දිහා බලාගෙන සිටගෙන සිටියේ ය. අනතුරුව හේ සිනාසුනේ ය. “ඉතින්,” ඔහු කීවේ ය, “මම දැනගෙන ඉන්න තිබුණ.”

“ඔයාගෙ කබාය ගන්න,” අන්ද්රෙ නැඟිටිමින් කීවේ ය.

“මම දැනගෙන ඉන්න තිබුණ,” සියරොව් සිනාසුනි. “ඇයි කොමියුනිස්ට් පක්ෂයේ සාන්තුවරයා ඔය වගේ තර්ජනයක් කරන්නෙ කියල. මෝඩයා! දුප්පත්, ගුණවත්, මොළයක් නැති මෝඩයා! ඉතින් එහෙම නම් ඒ වගේ ප්රධාන වේදිකාවක ඔයා රඟන්නෙ නේද? මම දැනගෙන ඉන්නා තිබුණ උතුම් වීර ක්රියාවන් කවදාවත් හොඳ වෙන්නෙ නැති ලෙඩක් කියල! එන්න එහෙම නම්, අන්ද්රෙ! ඔයාට මොලේ ටිකක් වත් ඉතුරු වෙලා නැද්ද? කිසිම ආඩම්බරයක්?”

“අපි කතා කලා ඇති ඕනාවටත් වඩා,” අන්ද්රෙ කීවේ ය. “ඔයා මා ගැන ගොඩක් දන්නවා වගෙයි. එහෙම නම් ඔයා දැන ගන්නත් ඕන මම මගේ අදහස වෙනස් කරන්නෙ නැති කෙනෙක් බවත්.”

පවෙල් සියරොව් තම කබාය අරගෙන හැඳ ගත්තේ ය. ඔහුගේ සුදුමැලි තොල් වල පැතිර ඇති සිනාවකි.

“එහෙම හරි, සර් ගැලහැඩ් හෝ කවුරු හරි එහෙම හැඳින්වෙන කෙනා … “ ඔහු කීවේ ය, “තර්ජනය කරන අවියේ සර් ගැලහැඩ්. ඔයා දිනුම් -මේ වතාවේ. ඔයාට පස්සෙ යමක් කරනවා කියල තර්ජනය කරලා වැඩක් නැහැ. ඔයා වගේ මිනිස්සු මම වගේ අයගෙ උදව්වක් නැතිව ඒක විඳිනවා. වසරක් යද්දී -මේ පුංචි අකරතැබ්බය අමතක වෙලා යයි. මම සෝවියට් රුසියාවේ දුම්රිය මාර්ග දුවවමින් මගේ මෘග පැටියට සැටින් නැපි අරන් දෙයි. ඔයා පෝලිමක හිටගෙන ඉඳියි සුප් භාජනයක් ගන්න -සමහර විට ඒක ඔයාට ලැබේවි. ඒත් ඔයාට සතුටක් ද ලැබේවි ඔයාගෙ ආදරවන්තියව …. ඔයා ද්වේෂ කරන අයෙක් අතින් ..!”

“ඔව්,” අන්ද්රෙ කීවේ ය, “සුබ පැතුම්, සියරොව් ස‍හෝදරයා.”

“සුබ පැතුම්, ටැගනොව් සහෝදරයා.”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: