Sinhala story Blog

නොවැම්බර් 19, 2011

අපි ජීවත්වන්නෝ -347 අපි දෙන්නා ගෙන් එක්කෙනෙකුට පිස්සු හැදිලා

Filed under: Uncategorized — sinhalashortstories @ 7:52 පෙ.ව.

“මොකක් … මොකක් ද ඔයා …”

“ඒවා තියෙන්නෙ මට විශ්වාසය තබන්න පුළුවන් යාළුවෝ දෙන්නෙක් ළඟ. එයාලගෙ නම් හොයාගන්න දරන උත්සාහයක් නිශ්ඵල වේවි. ඔයා මාව හොඳට දන්නවානෙ. රහස් පොලීසියේ වදක කාමරය ගැන කිසියම් අදහසක් -එහෙම අදහසක් ඔයාට ආවා නම්- අත්හැරලා දාන්න. ලියෝ කොවැලෙන්ස්කි නිදහස් වෙන්න කළින් මට මුකුත් හරි වුනොත් ඒ දෙන්නට මම උපදෙස් දීලා තියෙන්නෙ ඒ ඡායා පිටපත් මොස්කව් වෙත යවන්න කියල. -ඒ වගේම ඔහුට මුකුත් සිද්ධ වුවහොත් ඔහු නිදහස් වුනාට පස්සෙ, ඒකම කරන්න කියල.”

“ඔබ, යකාගෙ …”

“ඔයා කැමති නැහැනෙ ඒ ඡායා පිටපත් මොස්කව් යැවෙනවා නම්. එතකොට ඔයාගෙ යාළුවාට ඔයාගෙ බෙල්ල බේරගන්න බැරි‍වේවි. සමහර විට ඔහුගෙ බෙල්ලත් බේරගන්න බැරි වේවි. ඔයාට මාව කරදරයක් වෙයි කියල බයවෙන්න කාරණයක් නැහැ. ඔයාට කරන්න තියන එකම දේ තමයි ලියෝ කොවැලෙන්ස්කි නිදහස් කරන එක. මේ සම්පූර්ණ නඩුව වසන් කරලා දාන එක. ඔයාට ආයෙ කවදා වත් ඒ ඡායා පිටපත් ගැන අහන්න වෙන්නෙ නැහැ. ඔයා කිසිදාක ඔවුන් දකින එකක් ද නැහැ.”

තම ලේන්සුව ඇදගත් සියරොව් ඉන් නළල පිස දා ගත්තේ ය. “ඔයා බොරු කියන්නෙ?” ඔහු ගොරෝසු වූ කටහඬින් කී‍වේ ය. “ඔයා ඡායා පිටපත් අරගත්තෙ නැහැ.”

“සමහර විට,” අන්ද්ර කීවේ ය, “ඒක ගැන චාන්ස් එකක් ගන්න ඕනා ද?”

“වාඩිවෙන්න,” සියරොව් කීවේ ය. ඔහු දිවානය මතට වැටුණි.

අන්ද්රෙ ‍මේස ගැට්ටේ වාඩි වී කකුල් දෙක පටලවා ගත්තේ ය.

“මේ අහන්න අන්ද්රෙ‍,” සියරොව් කීවේ ය, “අපි කල්පනාවෙන් කතා කරමු. හරි, ඔයා අත තමයි කසය තියෙන්නෙ. ඒත්, ඔයා දන්නවා ද ඔයා ඉල්ලන්නෙ මොකක් ද කියලා?”

“ඔයාට කරන්න බැරි තරම් දෙයක් ඉල්ලන්නෙ නැහැ.”

“ඒත්, උඩ ඉන්න දෙවියනේ, අන්ද්රෙ! ඒක කොච්චර ලොකු නඩුවක් ද, අපි පළමු පංතියේ ප්රොපගැන්ඩා ප්රචාරයක් දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. පුවත්පත් වල සිරස්තල පවා ලැහැස්තියි … ”

“ඔවුන් නවත්තන්න.”

“ඒත් මම කොහොම ද කරන්නෙ? මම කොහොම ද ඔහුගෙන් ඉල්ලන්නෙ? මම මොනවා ද ඔහුට කියන්නෙ?”

“ඒක මගේ වැඩක් නෙවෙයි.”

“ඒත් එයා දැනටමත් මාව බේරලා …”

“ඒක එයාගෙත් හොඳට හේතු වෙන බව අමතක කරන්න එපා. එයාටත් මොස්කව් වල යාළුවෝ ඉන්නවා ඇත. සමහර විට යා‍ළුවො නොවන අයත් ඇති.”

“නමුත්, මේ අහන්න … ”

“තව දුරටත් පක්ෂ සාමාජිකයෝ බේරාගන්න බැරි වුනාම, එයාල තමයි පුද්ගලික කාල්පනිකයන්ටත් වඩා වැඩියෙන් දඬුවම් ලබන්නෙ. ඔයා දන්නවානේ. ඒකත් හොඳ පළමු පංතියේ ප්රොපගැන්ඩා ව්යාපාරයකට හරියන වැඩක්.”

“අන්ද්රෙ, අපි දෙන්නා ගෙන් එක්කෙනෙකුට පිස්සු හැදිලා. මට ඒක වටහා ගන්න බැහැ. ඔයාට මොකට ද කොවැලෙන්ස්කි නිදහස් කරගන්න අවශ්ය?”

“ඒක ඔයාගෙ වැඩක් නෙවෙයි.”

“ඉතින් ඔයා එයාව ආරක්ෂා කරන දේවදුතයා හැටියට පත් කරගන්න ඕන නම්, එහෙනම් මොන ඉලව්වකට ද මේ පව්කාර නඩුව පටන් ගත්තෙ? ඔයා තමයි ඒක පටන් ගත්තෙ, ඔයා දන්නවා.”

“ඔයා කිව්වා මම ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා කියල.”

“අන්ද්රෙ, ඔයාට පක්ෂය ගැන ගෞරවයක් ඉතිරි වෙලා නැද්ද? මේ වෙලාවේ අපිට කාල්පනිකයන්ට හොඳ පාරක් ගහන්න ඉතා සුදුසු අවස්ථාවක්, ආහාර තත්වය මේ විදියට තියෙද්දී … ”

“එක ගැන මට වැඩක් නැහැ දැන් ඉතින්.”

“ඔබ පරද්රෝහියෙක්! ඒක දෙනකොට ඔබ කිව්වෙ තියන එකම කොපිය එය පමණක් යැයි කියලා!”

“සමහර විට ඒ වෙලාවේ මම බොරු කියන්න ඇති.”

“මේ අහන්න, අපි බිස්නස් කතා කරමු. මෙන්න -සිගරැට්ටුවක් ගන්න.”

“එපා, ස්තූතියි.”

“මේ අහන්න, අපි කතා කරමු යාළුවෝ විදියට. මම ඔයා ගැන කියපු දේවල් සේරම ආපහු ගන්නවා. මම සමාව ඉල්ලනවා. ඔයාට බැහැ මට වැරැද්දක් කියන්න. ඔයා දන්නවා ඒක කොහොම ද කියල. ඔයාට පේනවා ඒක මිනිහෙක්ගෙ ඔළුව පොඩ්ඩක් අවුල් කරන වැඩක් බව. ඔක්කොම හරි, ඔයාට තියනවා ඔයාගෙ සෙල්ලම නටන්න. මට තියනවා මගේ සෙල්ලම. මට පොඩ්ඩක් අඩිය වැරදුනා විතරයි. ඒත් අපි දෙන්න ම අහිංසක දේව දූතයෝ නෙමෙයි මට පේන තරමින්. ඉතින් අපිට එකිනෙකාව වටහා ගන්න පුළුවන්. අපි ඉස්සර හොඳ යාළුවෝ, මතක ද පුංචි කාලේ? ඉතින් අපිට මේ ගැන සිහිකල්පනා වෙන් කතාබහ කරන්න පුළුවන්.”

“මොකක් ගැන ද?”

“අන්ද්රෙ, ඔය ඔයාට යමක් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳ අවස්ථාවක්. අර මගේ හොඳ යාළුවා. මම එයාට ඔයා ගැන හොඳ වචන ටිකක් කිව්වොත් එයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයා දන්නවානෙ. ඔයාට හිතාගන්න පුළුවන්නෙ. ඔයාට හිතාගන්න පුළුවන් මට තියනවා එයාව වෙඩි තියන හමුදාවක් ඉදිරියට යවන්න පුළුවන් තරම් දේවල් එයා ගැනත්. ඔයා ඉගෙන ගන්නෙ එකම සෙල්ලම කියල මම හිතන්නෙ. ඔයා ඒක විශිෂ්ඨ විදියට කරනවා. මම ඔයාට ඒකට අත්පුඩි ගහන්න ඕන. ඔන්න හරි, අපි දෙන්න දෙන්නාව හඳුනා ගත්ත. දැන් මම කෙලින් කතා කරන්නම්. ඔයා දන්නවානේ ඔයාගේ පක්ෂ තත්වය තියෙන්නේ තව දුරටත් ඒ තරම් හොඳ තැනක නොවන බව. කිසිම විදියකින් හොඳ තැනක නොවේ. අද රෑ කිව්ව අර පුංචි කතාවට පස්සෙ විශේෂයෙන් ම. ඇත්තට ම, ඔයා දන්නවා, ඊ ළඟ පක්ෂ සුද්ද කිරීමේ දී ඔයාට පහසු වෙන්නෙ නැහැ කියල.”

“මම ඒක දන්නවා.”

“මේ පාර ඔයාව කැපිලා යන බව ඔයා නිශ්චිතව ම දන්නවා.”

“මම දන්නවා.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: