Sinhala story Blog

නොවැම්බර් 18, 2011

අපි ජීවත්වන්නෝ -346 ඒ මැජික් පොල්ල මොකක් ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:02 පෙ.ව.

ඔවුනට දොරට තට්ටු කරන සද්දයක් ඇසිණ.

තට්ටුව පමණට වඩා වැඩියෙන් වැදුනක් විය. බැහැර ලා නොසිට දොර ඇරිය යුතු වූවකි. සියරොව් පුවත්පත බිමට හලා හිස ඔසවා “ඇතුලට එන්න,” යැයි කීවේ ය.

අන්ද්රෙ ටැගනොව් ඇතුලට විත් දොර වැසුවේ ය. සෝනියා සහෝදරිය අතින් කැලැන්ඩරය බිමට වැටුණි. පවෙල් සියරොව් හිමිහිට නැඟිට්ටේ ය.

“සුබ සැන්දෑවක්,” අන්ද්රෙ කීවේ ය.

“සුබ සැන්දෑවක්,” සියරොව් කීවේ හිටගෙන ය, ඔහු දිහා කෙළින් බලාගෙන ය.

“මොකක් ද මේ ලොකු අදහස, ටැගනොව්?” සෝනියා සහෝදරිය විමසුවා ය. ඇයගේ කටහඬ ගැඹුරු ය, බැරෑඬි ය, බියකරු ය.

අන්ද්රෙ ඇය දිහාට හැරුනේ නැත. “මට ඔයා එක්ක කතා කරන්න තියනවා, සියරොව්,” ඔහු කීවේ ය.

“කියන දෙයක් කියන්න,” සියරොව් හුන් තැනින් හෙලවෙන්නේ නැතිව කීවේ ය.

“මම කිව්වේ, මට ඔයාට තනිවම කියන්න දෙයක් තියනවා කියල.”

“මම කිව්වෙ, කියන දෙයක් කියන්න කියල.” සියරොව් ප්රතිචාරය කළේ ය.

“ඔයාගෙ භාර්යාවට කියන්න එළියට යන්න කියල.”

“මගේ සැමියා සහ මම,” සෝනියා සහෝදරිය කීවා ය, “එකිනෙකා ගෙන් රහස් සඟවලා තියාගන්නෙ නැහැ.”

“ඔයා මෙතැනින් පිටවෙලා යන්න,” අන්ද්රෙක තම ස්වරය උස්සන්නේ නැතිව කීවේ ය, “එළියට ගිහින් කොරිඩෝවෙ ඉන්න.”

“පවෙල්! එයා එහෙම …”

“ඔයා යන එක හොඳයි, සෝනියා,” සියරොව් ඇය දිහා නොබලා සෙමෙන් කීය, ඔහුගේ දෑස් බැඳී තිබුනේ අන්ද්රෙ ගේ දෑස් සමඟ ය.

කට කොනකින් සාවඥ කැස්සක් පිට කර, “ටැගනොව් සහෝදරයා තාම හරි වේගෙන් යනවා නේද? ඉතින් අපි බලමු අපි දකින්නෙ මොකක් ද කියලා, අපිට වැඩි කලක් බලාගෙන ඉන්න වෙන්නෙ නැහැ.”

ඇය තම ලැවෙන්ඩර් මල් පැහැති කිමෝනාව තම උදරය වටා තදින් ඇද වසාගෙන, මුවේ සිගරැට්ටුවක් ද රඳවා ගෙන, කකුල් අඩිවල සෙරෙප්පු පතුල් වැදෙද්දී නිවසින් පිට වී ගියා ය.

“මම හිතුවා,” පවෙල් සියරොව් කීවේ ය, “පහුගිය දවස් ටිකෙන් ඔයා පාඩමක් ඉගෙන ගත්ත කියල.”

“මම ඉගෙන ගත්ත,” අන්ද්රෙ කීවේ ය.

“වෙන මොකක් ද ඔයාට ඕනා?”

“ඔයා සපත්තු දෙක දාගන්න එක හොඳයි මම කතා කරද්දි. මොකද ඔයා ගමනක් යනවා. නාස්ති කරන්න කාලයක් නැහැ.”

“මම යනවා? ඔයාගෙ පුංචි රහස බෙදා ගන්න ඉඩ දීපු එකට ස්තූතියි. නැත්නම් මට එහෙම කොහේවත් යන්න අදහසක් නැහැ කියල මම කියන්න ඉඩ තිබුණ. ඉතින්, සමහරවිට, මම තාම ත් එහෙම කියන්න ඉඩ තියනවා. මම කොහෙද යන්නෙ, මුසිලිනි ටැගනොව් සහෝදරයාට අනුව?”

“ලියෝ කොවැලෙන්ස්කි නිදහස් කරන්න.”

සියළු බර දමමින් පවෙල් සියරොව් හිඳ ගත්තේ ය. ඔහුගේ කකුල් වැදී සූර්යකාන්ත මල් ඇට පොතු පොළව හැම තැනම විසිරී ගියේ ය. “ඔයා මොකක් ද කරන්න හදන්නෙ, ටැගනොව්? පිස්සු හැදිලා ද, ඔයාට?”

“නිහඬව අහගන හිටියොත් හොඳයි. මම කියන්නම් ඔබ කළ යුත්තේ කුමක් දැයි කියා.”

“ඔයා මම කළ යුත්ත කුමක් දැයි කියනවා? ඒ ඇයි?”

“ඉතින් ඊට පස්සෙ, මම කියන්නම් ඔයා ඒක කරන්නෙ ඇයි කියලත්. ඔයා දැන් ඇඳගෙන ඔයාගෙ යාළුවා හමුවෙන්න යනවා. ඔයා දන්නවා මම කතා කරන්නෙ මොන යාළුවා ගැන ද කියල. රහස් පොලීසියේ ඉන්න යාළුවාව.”

“මේ වේලාවෙ?”

“එයාව ඇඳෙන් හරි එළියට ගන්න, එහෙම කරන්න සිද්ධ වුනොත්. ඔයා එයාට මොනවා කියනවා ද කියන එකත්, ඒක කියන්නෙ කොහොම ද කියන එකත් තීරණය කරන එක මගේ වැඩක් නෙමෙයි. මට දැනගන්න ඕන එකම දේ පැය 48 ක් ඇතුලත ලියෝ කොවැලෙන්ස්කි නිදහස් කරපු බව විතරයි.”

“දැන් ඔයා මා ලවා ඒක කරවන්න පුළුවන් ඒ මැජික් පොල්ල මොකක් ද කියලත් කියනවා ද?”

“ඒක පුංචි කඩදාසි පොල්ලක්, සියරොව්. එකම විදිහෙ දෙකක්.”

“කවුරු ලියපු එකක් ද?”

“ඔබ.”

“හහ්?”

“ඔයා ලියපු එකෙන් ගත්තු ඡායාරූප, හරියටම කිව්වොත්.”

සියරොව් හෙමිහිට නැඟිට්ටේ ය. අත් දෙකම තබා මේසයට හේත්තු විය. “ටැගනොව්, දෙයියන් පල්ලා, උඹ වගේ ඌරු මීයෙක්!” ඔහු පිම්බේ ය. “මේක විහිළු කරන්න හොඳ අවස්ථාවක් නෙවෙයි.”

“විහිළුවක් ද?”

“ඉතින්, මම ගිහින් මගේ යාළුවා හමුවෙන්නම්. ඔයා ලියො කොවැලෙන්ස්කි දකීවි -ඒකට ඔයාට පැය 48 ක් යන එකකුත් නැහැ. එයා ඉන්න හිරකාමරයට අල්ලපු කාමරයට ඔයාව දාන්න මම බලාගන්නම්. ඊට පස්සෙ අපි බලමු මේ කඩදහි ගැන …”

“ඒකෙන් ගත්තු ඡායා පිටපත් දෙකක් තියනවා, මම කිව්ව විදියට. එකම දේ ඒවා තියෙන්නෙ මා ළඟ නෙමෙයි.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: