Sinhala story Blog

නොවැම්බර් 12, 2011

අපි ජීවත්වන්නෝ -341 එයාගෙ ජීවිතය ගන්න ඔයා ඒකට ගෙවලා තියෙන්නෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:18 පෙ.ව.

“ඔයාට හිතෙන්නෙ නැද්ද ඒක ඵලක් නැති වැඩක් කියල? ඇයි මුකුත් කියන්නෙ? ඔයාට සමාවට හේතු තියනවා නම් …” ඔහු කීවේ ය.

ඇය සිනාසුනා ය. මිනිස් ස්වභාවයකින් නොවූ මිනිස් හිනාවකි. එහෙත් එය හිනාවක් සේ ඇසුනේ නැත. “මෝඩයා! මේ ඇහුණ ද? මම තැවෙන්නෙ නැහැ! මම ඒ ගැන ආඩම්බරයි! ඉතින් ඔයා හිතුවෙ මම ඔයාට ආදරය කළා කියල, එහෙම නේද? මම ඔයාට ආදරය කළා, ඒ වගේම පැත්තකින් ඔයාට ද්රෝහි වූවා, හරියට අනිත් ගෑණු වගේ? ඉතින්, එහෙනම්, අහන්න: ඔයා මට වූයේ එකම එක දෙයක්, ඔයයි ඔයාගෙ විශිෂ්ඨ ආදරයයි, ඔයාගෙ සිප ගැනීම්, ඔයාගෙ සිරුර, ඒ ඔක්කොම මට වූයේ අළුත්, සුදු, හතරැස්, එක කොනක දෑ කැත්තයි මිටියයි මුද්රණය කරපු රූබල් දහයේ නෝට්ටු පැකට් එකක් විතරයි! ඔයා දන්නවා ද ඒ නෝට්ටු කොහාට ද ගියේ කියලා? ක්රිමියාවේ ක්ෂය රෝගීන් සඳහා වූ සනීපාරක්ෂක ස්ථානයකට. ඔයා දන්නවා ද ඒ නෝට්ටු වලින් ගෙවුනේ මොකකට ද කියලා? ඔයාව දකින්නත් කළින් මම ආදරය කරපු මිනිහෙකුගේ ජීවිතය බේරා ගන්න. ඔයා කවදාවත් අතින් අල්ලන්න වත් කළින් මාව තමන්ගෙ කරගත්තු සිරුරක ජීවය රකින්න. ඉතින් දැන් ඔයා ඒ මිනිහා ව ඔයාගෙ හිර කාමරයක හිර කරගෙන ඉන්නවා. ඔයා එයාට වෙඩි තියල මරන්න යනවා. ඇයි නැත්තෙ? ඒක සාධාරණයි. එයාට වෙඩි තියන්න. එයාගෙ ජීවිතය ගන්න. ඔයා ‍ඒකට ගෙවලා තියෙන්නෙ.”

ඇය ඔහුගේ දෑස් දැක්කා ය. ඒ දෑස් දුකින් පිරී නොතිබුණි. ඒවා කෝපයෙන් පිරී නොතිබුණි. ඒවා බියෙන් පිරී තිබුණි. “කීරා .. මම .. මම … මම දැනගෙන හිටියෙ නැහැ,” ඔහු කීවේ ය.

ඇය පිටුපස්සට වූවා ය. අත් බැඳ ගත්තා ය. හිමිහිට වැනෙන්නට වූවා ය. සිනහ වූවා ය: “ඉතින් ඔයා මට ආදරය කළා? මම තමයි එහෙනම් ස්ත්රීන් අතරින් ඉහළ වූයේ, පන්සලක් වගේ කාන්තාවක්, හරියට මිලිටරි පා ගමනක් වගේ, හරියට දෙවියන්ගෙ ප්රතිමාවක් වගේ? මතක ද කවුද මට එහෙම කිව්වෙ කියල? ඉතින් මා දිහා බලන්න! මම ගණිකාවක් විතරයි. ඉතින් ඔයා තමයි මුල් ම මුදල ගෙව්වෙ! මම මාව විකුණුවා -මුදල් වලට- ඔයා තමයි ගෙව්වෙ. පල්දොරුවට දාන්න, මා සුදුසු එතැනටයි. ඔයාගෙ අති විශිෂ්ට ආදරයත් එතනට දාන්න. මම හිතුවා ඒක දැනගන්න ඔයා සතුටු වෙයි කියල. සතුටු නැද්ද? ඉතින් ඔයා හිතුව මම ඔයාට ආදරය කරා කියල? ඔයාගෙ අත් දෙකින් මාව අල්ලා ගෙන ඉන්න කොට මම හිතුවෙ ලියෝ ගැන! මම ආදරය ගැන කතා කරද්දි -මම කතා කළේ එයාට. ඔයාට ලැබිච්ච හැම හාදුවක් ම, හැම වදනක් ම, හැම පැයක් ම දුන්නෙ එයාට. එයා වෙනුවෙන්. ඔයාගෙ ඇඳේ ඉන්දැද්දී තමයි මම ඔහුට වැඩියෙන් ම ආදරය කළේ! … නැහැ, මම ඔයාට ඔයාගේ මතකයන් ඉතුරු කරන්නෙ නැහැ. ඒවා එයාගෙ. මම ඔහුට ආදරෙයි. ඔයාට මාව ඇහුණා ද? මම ඔහුට ආදරෙයි! ඉතින් යන්න! ඔහුව මරන්න. ඔහුට කරන කිසිම දෙයක් මම ඔයාට කළ දේ හා සංසන්දනය කරන්න බැහැ. ඔයා ඒක දන්නවා, එහෙම නේද?”

ඇය වැනි වැනී හිටගෙන සිටියා ය. ඇයගේ සෙවනැල්ල සිවිලිම කරා ඉහළ ගියේ ය. ඒ සෙවනැල්ල වැනුනේ පහතට කඩා වැටෙන්න හදන්නක් මෙනි.

ඇය තමන් ඉදිරියේ නැති ලෙසින්, හරියට උදව් පිණිස පිට කරන වදන් අල්ලා ගන්නට තැත් දරන‍ ලෙසින්, ඔහු කරකියා ගත නොහැකි විදියට නැවත නැවතත් කීවේ, “මා දැන ගෙන හිටියෙ නැහැ ..” කියාය.

“නැහැ, ඔයා දැනගෙන හිටියෙ නැහැ. ඒත් ඒක හරි සරලයි. ඒත් ඒක එච්චර අමුතු නැහැ. ඔයාගෙ රතු නගර වල මිනිස්සු ජීවත් වෙන අගුපිලි වලයි බිම් මහල් වලයි ඇවිදින්න යන්න. ගිහින් බලන්න මේ වගේ වැඩ කොච්චර හොයා ගන්න පුළුවන් දැයි කියල. ඔහුට ඕන වුනේ ජීවත් වෙන්න. ඔයා හිතනවා හුස්ම ගන්න හැම එකක් ම ජීවත් වෙනවා කියල? ඔයා වෙන විදියකට ඉගෙන ගෙන තියන බව මම දන්නවා. ඒත් එයා ජීවත්වෙන්න පුළුවන් වූ අයෙක්. ඒ වගේ අය වැඩිය නැහැ, ඒ නිසා ඔයාට වැදගැම්මක් නැහැ. දොස්තර කිව්වා ඔහු මැරෙන බව. මම ඔහුට ආදරෙයි. ඔයත් ඒක මොකක් ද කියල ඉගෙන ගත්ත නේද? ඔහුට වැඩි දෙයක් අවශ්ය වුනේ නැහැ. නිවාඩුවක්, පිරිසිදු වාතය සහ ආහාර. ඒත් එයාට ඊට අයිතියක් තිබ්බෙ නැහැ නේද? මොකද ඔයාගෙ රජය එහෙම කියපු නිසා. අපි හිඟා කන්න උත්සාහ කළා. අපි යටහත් පහත් ව බැගෑපත් වුනා. ඔයා දන්නවා ද ඔවුන් කීවේ මොකක් ද කියල? ඉස්පිරිතාලයක දොස්තර කෙනෙක් හිටිය. එයා කිව්වෙ සිය ගණනක් පොරොත්තු ලේඛන වල බලාගෙන ඉන්නවා කියල.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: