Sinhala story Blog

නොවැම්බර් 11, 2011

අපි ජීවත්වන්නෝ -340 මට නැතිවෙන්න කිසිවක් නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 2:12 ප.ව.

XIII

රහස් පොලීසියේ සිර කූඩුවක ලියෝව අගුල් ලා ඇත. අන්ද්රෙ තම නිවසට පැමිණ ඇත. මාලිගා උද්යානයේ දී පක්ෂ සහෝදරයෙක්, සමාජයට ඉක්මනින් යන ගමන්, අන්ද්රෙ ව ගේට්ටුව අසල දී නැවත්තුවේ ය.

“ඔබ අද රෑට අපිට කෘෂිකාර්මික තත්වය ගැන වාර්තාවක් දෙනවා, ටැගනොව් සහෝදරයා, එහෙම නේද?”

“ඔව්,” අන්ද්රෙ පිළිතුරු දුන්නේ ය.

“නවයට, නේද? අපි හැමෝම බලාගෙන ඉන්නෙ, ටැගනොව් සහෝදරයා. නවයට හමුවෙමු.”

“ඔව්,” අන්ද්රෙ පිළිතුරු දුන්නේ ය.

උද්යානයේ වැටී තිබි මහත් හිම ගොඩවල් මැදින් ඔහු ඇවිද්දේ ය. තරප්පු පෙළ නැඟ අඳුරු කාමරයට ගියේ ය.
මාලිගාවේ සමාජය හමුවන කාමරයේ ජනේලයෙන් එළිය විහිදී බිමට කහ පැහැති හතරැස් හැඩයක් වැටී ඇත. අන්ද්රෙ ඔහුගේ කැප් තොප්පිය ගැලවීය. ඔහුගේ හම් කබාය ගැලවීය. ඔහුගේ තුවක්කුව ඉවත් කළේ ය. අළු පාට අඟුරු වලට පයේ ඇඟිල්ලකින් ගසමින් ඔහු උදුන අසල හිට ගත්තේ ය. අඟුරු මතින් දර කොටයක් තබා ඊට ගිනිකූරක් ඇල්ලුවේ ය.

උදුන අසල වූ පෙට්ටිය මත ඔහු වාඩි වී සිටියේ ය. ඔහුගේ දණහිස් මැදින් අත් එල්ලා වැටුණි. අඳුර මැද්දේ ඔහුගේ දෑත් සහ ඔහුගේ නළල රෝස පැහැය ගති.

තරප්පු පෙළ අවසානයේ කකුල් වැදෙනා හඬ ඔහුට ඇසිණ. අතක් තදින් දොරට තට්ටු කරන හඬ ඇසිණ. ඔහු දොර අගුල් දමා තිබුනේ නැත. “ඇතුලට එන්න,” ඔහු කීවේ ය.

කීරා ඇතුලට ආවා ය. ඇය තඩාස් ගා ඇය පිටුපසින් දොර වසා දැම්මා ය. ඔහුගේ කාමරයට ඇතුල් වෙන දොර රාමුව අසල සිටගෙන සිටියා ය. අඳුර මැද්දෙන් ඇයගේ දෑස් ඔහුට දකිනු නොහැකි ය. ඇයගේ නළලත් ඇයගේ දෑස් කළු සෙවනැලි අරක් ගෙන තිබුණි. එහෙත් රතු දිස්නයක් ඇයගේ මුවට වැටී තිබුණි. ඇයගේ මුව පලල් වී තිබුණි. එය ලිහිල් ය. එය මෘග ය.

ඔහු නැඟිට, නිහඬව හිටගෙන ඇය දිහා බලා සිටියේ ය.

“ඉතින්,” ඇය ඔහු වෙත දමා ගැසුවේ ම්ලේච්ඡ ලෙසකිනි. “ඔයා ඒ ගැන මොකක් ද කරන්න යන්නෙ?”

“මම ඔයා නම්, මම මෙතැනින් පිටවෙලා යනවා,” ඔහු කීවේ හෙමිහිට ය.

ඇය දොර උළුවස්සට හේත්තු වූවා ය. “ගියෙ නැත්නම්?” යැයි ඇසුවා ය.

“මෙතැනින් යන්න,” ඔහු කීවේ ය.

“ඇය තොප්පිය උදුරා පැත්තකට විසි කළා ය. කබාය ගලවා බිමට හැලුවා ය.

“පිට වෙන්න, ඔයා ..”

“… ගණිකාව?” ඇය ඔහුගේ වදන් නිමා කළා ය. “සත්යයෙන් ම. මට උවමනා වූයේ මම ඒ බව යැයි ඔයාට පැහැදිලිව දැනගන්න ඉඩ ලබා දෙන්නයි.”

“ඔයාට මොකක් ද ඕන? ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ මට.”

“ඒත් මට තියනවා. ඉතින් ඔයා අහන්න ඕන. ඔයාට මාව අහුවුනා. එහෙම නේද? ටැගනොව් සහෝදරයා? ඉතින්, ඔයා ඔයාගෙ පළිගැනීම ගන්න යනවා? ඔයා ආවා ඔයාගෙ සොල්දාදුවෝ එක්ක. ඔයාගෙ ඉනේ තුවක්කුවක් දාගෙන, රහස් පොලීසියේ ටැගනොව් සහෝදරයා, ඔයා ඔහුව අත් අඩංගුවට ගත්තා? දැන් ඔයා ඔයාගෙ සම්පූර්ණ බලය පාවිච්චි කරලා ඔයාගෙ විශිෂ්ඨ පක්ෂයේ බලය පාවිච්චි කරලා එයාව වෙඩි තියා මරන්න ඉදිරිපත් කරනවා, එහෙම නේද? සමහර විට, වෙඩි තියන්න අණ දෙන වරප්රාසාදයත් ඔයා ඉල්ලා ගනීවි? එහෙම කරන්න! ඔයාගෙ පළිගැනීම කරන්න. මේක මගේ පළිගැනීම. මම එයා වෙනුවෙන් යාප්පු වෙනවා නොවේ. මට දැන් බය වෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. නමුත්, පළමු වතාවට, මට කතා කරන්න පුළුවන්. ඉතින් මම කතා කරනවා. මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියනවා. ඔයාලා හැමෝටම. මම දිගු කාලයක් නිහඬව හිටියා, ඒක මාව කෑලි කෑලි වලට ඇදලා කඩනවා! මට නැතිවෙන්න කිසිවක් නැහැ. ඒත් ඔයාට තියනව.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: