Sinhala story Blog

නොවැම්බර් 10, 2011

අපි ජීවත්වන්නෝ -339 ඔබේ පදිංචිය මෙතැන ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:43 ප.ව.

අන්ද්‍රෙ පිළිතුරු දුන්නේ නැත.

ඔහු ගවුම් සියල්ල එකින් එක හිමිහිට එළියට ඇද්දේ ය. සාක්කු හොයමින්, ප්රංශ විලවුන් සුවඳින් වූ රෙදි අතරින් ඇඟිලි යවා විපරම් කළේ ය.

“මම කියන්නෙ ඔබට බැහැ කියල, පුරවැසියෙනි!” දොර මුර කරන සොල්දාදුවාගේ ගුගුලන කටහඬ දොරට පිටතින් හදිසියේ ඇසුණි. “ඔබට දැන් ඇතුලට යන්න බැහැ!”

දොරට ඔබ්බෙන් අරගල කරන සද්දයක් ඇසිණ. හරියට අතකින් සිරුරක් පැත්තට තල්ලු කර දැම්මා වැනි වූවකි.

හඬක් කෑ ගැසුවේ ය. එය කාන්තාවකගේ කටහඬක් නොවී ය. එය ගැහැණු කට හඬක් නොවී ය. එය මරණ භයෙන් වූ සත්වයෙකුගේ බියකරු උඩුබුරලන හඬකි: “මට එහාට යන්න දෙන්න! මට යන්න දෙන්න!”

අන්ද්රෙ දොර දිහා බැලීය. ඒ වෙත හෙමින් ගොස් දොර හැරියේ ය.

අන්ද්රෙ ටැගනොව් සහ කීරා ආර්ගුනෝවා එකිනෙකාට මුහුණ ලා හිටගෙන සිටියහ.

ඔහු සෙමෙන්, වදනින් වදන වතුර බිංදු මනින සෙයින් පිට කරමින්, එක සමාන වදන් පිට කරමින් මෙසේ ඇසුවේ ය: “ආර්ගුනෝවා පුරවැසිනිය, ඔබේ පදිංචිය මෙතැන ද?”

ඇය පිළිතුරු දුන්නා ය. ඇයගේ හිස කෙළින් ය. ඇයගේ දෑස් ඔහුගේ දෑස් මුණ ගැසී ඇත. ඇයගේ කටහඬ ද ඔහුගේ කටහඬ වැනි විය: “ඔව්.”

ඇය කාමරය ඇතුලට පිවිසියා ය. සොල්දාදුවා දොර වැසීය.

අන්ද්රෙ ටැගනොව් හෙමින් හැරුනේ ය. ඔහුගේ දකුණු උරහිස පාත් විය. හැම බල නහරයක් ම සංචලනයට ගන්නා වෑයමෙන් මුළු සිරුර ම ඇදී ඇති ලෙසකින්, මහත් පරිශ්රවමයකින්, උරහිස් පතුල් අතරට පිහියක් ඇන ඇති විටෙක එය නොසෙල්වෙන ලෙසින් තමන් හෙලවෙන්නට ගන්නා උත්සාහයකින් ඔහු හැරුනේ ය. ඔහුගේ වම් අත අස්වාභාවික ලෙස වැලමිට අසලින් නැවී තිබුණි. බිම අත හරින්නට බැරි යමක් අල්ලා ගෙන සිටිනවා සේ ඔහුගේ අත්ල බාගෙට වැසී තිබුණි.

ඔහු සොල්දාදුවන් වෙත හැරී “අර කොනේ තියන පෙට්ටි සහ කැබිනෙට්ටු විපරම් කරන්න,” යැයි කීවේ ය.

අනතුරුව ඔහු නැවතත් විවෘත කර තිබුණ අල්මාරිය වෙත ගියේ ය. ඔහුගේ පාද සහ ගිනි උදුනේ වූ දර කොටන් පමණක් නිහඬතාවය බිඳියේ ය.

කීරා බිත්තියට හේත්තු වූවා ය. ඇයගේ තොප්පිය ඇයගේ අතේ විය. ඇඟිලි වලින් ලිස්සා ගොස් තොප්පිය බිමට වැටුණි. කවුරුත් එය දැක්කේ නැත.

“මට සමාවෙන්න, ප්රියාදරිය,” ලියෝ කීවේ ය, “මම බලාපොරොත්තුවෙන් හිටියෙ ඒක ඔයා එන්න කළියෙන් ඉවර වෙයි කියල.”

ඇය බලාගෙන සිටියේ ලියෝ දිහා නොවේ. ඇය බලාගෙන සිටියේ හම් කබායක් හැඳි, ඉනේ තුවක්කුවක් රැඳි, උස් රූපය දිහා ය.

අන්ද්රෙ ඇයගේ ඇඳුම් පෙට්ටිය වෙත ගියේ ය. ලාච්චු හැරියේ ය. ඇයගේ යට ඇඳුම් ඔහුගේ අතේ තියන ආකාරය ඇය දුටුවා ය. සුදු සිහින් කපු රෙද්දෙන් නිමැ වූ නිඳන ඇඳුම්, ලේස් රැලි ඔහුගේ ස්ථිර ඉක්මන් නැති ඇඟිලි වල පොඩි විය.

“දිවානයේ තියන කොට්ට ඇතුල බලන්න,” අන්ද්රෙ ‍සොල්දාදුවන්ට අණ දුන්නේ ය, “අර පාපිස්ස ඔසවලා බලන්න.”

කීරා බිත්තියට පිට දී සිටියා ය. ඇයගේ දණහිස් කඩා වැටෙයි. ඇයගේ උකුල, අත් හා උරපතුල් ඇයව කෙළින් තියාගෙන ඇත.

“එච්චරයි, දැන් ඇති,” අන්ද්රෙ සොල්දාදුවන්ට අණ දුන්නේ ය. ඔහු අවසාන ලාච්චුව හඬක් නොනඟා එක දිගට තල්ලු කර වැසීය.

ඔහු මේසය මත වූ ගමන් මල්ල අතට රැගෙන ලියෝ වෙත හැරුණි. ඔහුගේ මුව අමුතු විදියකට විවර කරමින්, ඔහුගේ උඩු තොල සොලවන්නේ නැතිව, යටිතොල පමණක් හඬ පිට කරන්නට සොලවමින් “කොවලැන්ස්කි පුරවැසියෙනි, ඔබව අත් අඩංගුවට ගන්නවා,” යැයි කීවේ ය.

ලියො දෙවුර හකුලා තම කබාය ගන්නට නිහඬව ගියේ ය. ඔහුගේ මුව සාවඥ ලෙසින් පහළට හැරී ඇත. එහෙත් තම ඇඟිලි වෙව්ලන බව ඔහු දුටී ය. ඔහු හිස ගස්සා ඉහළට ඔසවා, අන්ද්රෙු වෙතට මෙම වදන් වලින් දමා ගැසුවේ ය: “මට විශ්වාසයි මෙය තමයි ඔබ කවදා හෝ ඉටු කර ඇති වඩාත් ම සතුටුදායක වූ සේවය, ටැගනොව් සහෝදරයා.”

බිම එකතු වී තිබි බඩු වලට පයින් ගහමින් සොල්දාදුවන් ඔවුන්ගේ බයිනේත්තු ඔසවා ගත්හ.

ලියෝ කණ්ණාඩිය වෙත ගොස් තම ටයි පටිය සකස් කර ගත්තේ ය. කබාය සකස් කර ගත්තේ ය. කොණ්ඩය සකස් කර ගත්තේ ය. වැදගත් සමාජ කටයුත්තක් සඳහා යන අඳින පුරුෂයෙක් තුල වූ ඉතා පරීක්ෂා සහිත නියතාර්ථයක් ඔහු තුලින් දිස්විය. ඔහුගේ ඇඟිලි තව දුරටත් වෙව්ලන්නේ නැත. ඔහු ලේන්සුව සීරුවෙන් නවා එය කබායේ ඉහළ පොකැට්ටුවේ රැඳවීය.

අන්ද්රෙ ඔහු එනතෙක් නැවතී සිටියේ ය.

ලියෝ කීරා අසලින් නැවතිණ. “ඔයා මගෙන් සමුගන්නෙ නැද්ද, කීරා?”

ඔහු ඇයව දෑත් වලින් බදාගෙන සිප ගත්තේ ය. එය දිගු චුම්බනයකි. අන්ද්රෙ හිටගෙන බලා සිටියේ ය.

“මට තියෙන්නෙ අන්තිම එක ඉල්ලීමක් පමණයි, කීරා,” ලියෝ රහසින් කෙඳිරී ය, “මම බලාපොරොත්තු වෙනවා ඔයා මාව අමතක කරලා දායි කියල.”

ඇය පිළිතුරු දුන්නේ නැත.

සොල්දාදුවෙක් දොර විසිකර හැරියේ ය. අන්ද්රෙද පිට වී ගියේ ය. ලියෝ ඔහු පසු පසින් ගියේ ය. සොල්දාදුවා ඔවුන් පිටුපසින් දොර වැසුවේ ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: