Sinhala story Blog

නොවැම්බර් 9, 2011

අපි ජීවත්වන්නෝ -338 යෝග්‍යතමයා කියන්නෙ කුමකට යෝග්‍ය වූයෙක් ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:36 පෙ.ව.

සොල්දාදුවෙක් බයිනේත්තුවෙන් කොට්ටයකට ඇන්නේ ය.

කුඩා සුදු පාත්ත පිහාටු හැම අතක ම හිම වැටෙනා සේ විසිරී ගියේ ය. අන්ද්රෙ කැබිනෙට්ටුවක දොරක් තදින් සොලවමින් හැරියේ ය. ඔහු එහි වූ වීදුරු සහ පිඟන් කෝප්ප ඉක්මණින් මුදු ලෙසින් බිම් පලස මත තබද්දී ඒවා සිහින් හඬින් ගැටෙන නාදය ඇසිණ.

ලියෝ තම රත්තරන් සිගරැට් රඳවනය හැර එය අන්ද්රේ වෙත පෑවේ ය.

“එපා, ස්තූතියි,” අන්ද්රෙ කීවේ ය.

ලියෝ සිගරැට්ටුව දල්වා ගත්තේ ය. ගිනිකූර ඔහුගේ ඇඟිලි වල මොහොතක් වෙව්ලා ඉන්පසු හොඳින් දැල්වුණි. ඔහු මේසය අගිස්සේ හිඳ ගත්තේ ය. එක කකුලක් වනන්නට විය. ඔහුගේ සිගරැට්ටුවෙන් සිහින් නිල් පැහැති දුම් රැල්ලක් හෙමිහිට ඉහළට ඇදුණි.

“යෝග්යතමයා,” ලියෝ කීවේ ය, “ජයගැනීම. කෙසේ වෙතත්, හැම දාර්ශනිකයෙක් ම නිවැරදි නැහැ. මට ඕන වුනා ඔවුන් ගෙන් අහන්න මේ ප්රශ්නය: යෝග්යතමයා කියන්නෙ -මොකට යෝග්ය වූවෙක් ද? … ඔබට ඊට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනා, ටැගනොව් සහෝදරයා. මොනවා ද ඔබගේ දාර්ශනික මතවාදය? අපිට ඒ ගැන කතාබහ කරන්න කිසිම අවස්ථාවක් ලැබුනේ නැහැ -මේක සුදුසු අවස්ථාවක්.”

“මම යෝජනා කරනවා ඔබට,” අන්ද්රෙ කීවේ ය, “කට වහගෙන සිටින්න.”

“රහස් පොලීසියේ නියෝජිතයෙක් යෝජනාවක් කළාම ඒක,” ලියෝ කීවේ ය, “නියෝගයක් නේද? ආණ්ඩු බලයක තියන විභූතියට සෑම සියළු අවස්ථාවක දී ම ගෞරව කරන්න කෙනෙක් දැනගන ඉන්න ඕන බව මම දන්නවා. ඒ බලය තියන අයගේ ආත්ම ගෞරවයට ඒක කොච්චර දුෂ්කර වූවත්, නේද?”

එක සොල්දාදුවෙක් ඔහුගේ හිස ඔසවා ලියෝ වෙත ළං වන්නට අඩියක් ඉස්සරහට තැබුවේ ය. අන්ද්රෙ එල්ල කළ බැල්මක් ඔහුව නවතන ලදි. සොල්දාදුවෙක් අල්මාරියක් ඇර ලියෝගේ සූට් කට්ටල එකින් එක එළියට ගත්තේ ය. ඔහු එහි සාක්කු හා ඇතුලින් ඇල්ලූ රෙදිකඩ අත ගා බැලුවේ ය.

අන්ද්රෙ තවත් අල්මාරියක් හැරියේ ය.

ඒ අල්මාරියෙන් අනගි ප්රංශ විලවුන් සුවඳක් හමා ආවේ ය. කාන්තා වස්ත්ර එහි එල්ලා තිබෙනවා ඔහු දුටුවේ ය.

“මොකක් ද ප්රශ්නෙ, ටැගනොව් සහෝදරයා?” ලියෝ විමසීය.

අන්ද්රෙ අත වූයේ රතු ගවුමකි.

ඒ චාම් රතු ගවුමේ හම් බෙල්ට් පටියක් තිබිණ. බොත්තම් හතරක් තිබිණ. රවුම් කොලරයක් හා දැවැන්ත බෝ පටියක් තිබිණ.

එය තම දෑතේ දිග හැරගත් අන්ද්රෙ ඒ දිහා බලා සිටියේ ය. රතු රෙද්ද ඇඟිලි අතර මිරිකී පිම්බුණ කුඩා පිපිණු හැඩයන් ඉලිප්පුවේ ය.

අනතුරුව ඔහුගේ දෑස් හිමිහිට ඇදී ගියේ, අවකාශය තුලින් පාවෙන බරක් වැනි වූ බැල්මක්, අල්මාරියේ වූ අනිකුත් වස්ත්ර දෙසට ය. ඔහු දන්නා කළු වෙල්වට් ගවුමක් ඔහු දුටුවේ ය. ලොම් ‍කොලරයක් ඇති කබායක් ඔහු දුටුවේ ය. සුදු බ්ලවුස් එකක් දුටුවේ ය.

“මේවා කාගේ ද?” ඔහු ඇසීය.

“මගේ අනියම් කාන්තාවගේ,” ලියෝ පිළිතුරු දුන්නේ ය. ඔහුගේ දෑස් අන්ද්රෙගේ දෑස් මත රැඳී තිබුණි. ඔහු වදන් පිට කළේ අශික්ෂිත වූ කුණුහරුපයක් කියන සාවඥ වූ විලාසයකිනි.

අන්ද්රෙගේ මුහුණේ කිසිදු හැඟීමක් දැකිය නොහැකි විය. මිනිස් තේරුමක් නැත. ඔහු අතැති වූ ගවුම දිහා පහතට මුහුණ යොමු කළේ ය. වල ගැසුණු කම්මුල් වල ඔහුගේ ඇස් පිහාටු කළු අඩ සඳවල් දෙකක් සේ දිස්විය. ඉක්බිතිව ඔහු ගවුම සෙමෙන් දිග හැර, ප්රවේසමෙන්, මඳක් නුහුරු ලෙසකින්, හරියට එය කැඩී බිඳී යා හැකි වීදුරුවක් සේ, නැවතත් අල්මාරියේ එල්ලුවේ ය.

ලියෝ කෙකර ගෑවේ ය. ඔහුගේ දෑස් අඳුරු ය. ඔහුගේ මුව නළියයි. “කලකිරීමක්, එහෙම නේද? ටැගනොව් සහෝදරයා?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: