Sinhala story Blog

නොවැම්බර් 7, 2011

අපි ජීවත්වන්නෝ -336 කෙනෙක්ට පැහෙන්න තියන කෙස් වලත් සීමාවක් තියනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 8:24 පෙ.ව.

රහස් පොලීසියේ ආර්ථික අංශයේ ප්රධානියා ඔහුගේ වීදුරු මස් විහදමින් පවෙල් සියරොව් වෙත සිනාවක් පෑය.

ඔහුගේ වදන් සිත්පිත් නැති ලෙසකින් විය: “‍මීට පස්සෙ, සියරොව් සහෝදරයා, ඔබගේ සාහිත්ය උත්සාහයන් සීමා කරගන්න ඔබගේ දුම්රිය රැකියාවේ වැඩ කටයුතු වලට.”

“ඔහ්, සහතිකයෙන් ම, මිතුරා,” පවෙල් සියරොව් කීය. “හිත කරදර කරගන්න එපා.”

“මම නෙමෙයි මේ නඩුව ගැන හිත කරදර කරගත යුත්තේ, මම ඔයාට මතක් කරන්නම්.”

“ඔහ්, අපායෙ හිටියෙ, මම කොච්චර සිත් තැවුලෙන් හිටියා ද කියතොත් මට වමනෙත් ගියා. වෙන මොකක් ද ඔයා බලාපොරොත්තු වෙන්නෙ? කෙනෙක්ට පැහෙන්න තියන කෙස් වලත් සීමාවක් තියනවා.”

“නමුත්, කෙස් යටින් තියෙන්නෙ එක ඔළුවක්.”

“මොකක් කිව්වා .. ඔයා මොකක් ද ඉන් අදහස් කරන්නෙ? ඔයා ළඟ ලියුම තියනවා නේද?”

“තව දුරටත් නැහැ.”

“ඒක කොහෙද?”

“උදුනට දැම්මා.”

“ස්තූතියි, මිතුරා.”

“ඔයාට ස්තූතිවන්ත වෙන්න හොඳ හේතු තියනවා.”

“ඔහ්, සහතිකයෙන් ම, සහතිකයෙන් ම, මම ස්තූතිවන්ත වෙනවා. එක හොඳක් තව හොඳක් ලබන්න සුදුසුයි. ඇහැකට ඇහැක් … කොහොම ද ඒ කියමන යන්නෙ? මම සමහර දේවල් ගැන කටපියා ගෙන ඉන්නවා එතකොට ඔයා මගේ පුංචි වැරදි ගැන අනිත් අයගෙ කටවල් පියවලා තියනවා. හරියට හොඳ මිතුරෝ වගේ.”

“ඒක එච්චර සරල නැහැ, සියරොව්. දැන් බලන්න, ඔයාගෙ රදළ හවුල්කාරයා, කොවැලෙන්ස්කි පුරවැසියා, නඩුවක් ඉදිරියට ගෙන යන්න ..”

“යකාට ගියාවේ, ඔයා හිතන්නෙ ඒක ඇහුණම මට ඇ‍ඬේවි කියල ද? ඒ අහංකාර නිකමා එයාගෙ සුදු බෙල්ල කරකවා ගන්න හැටි බලන එක මට ලොකු සතුටක්.”

“මොරසොව් සහෝදරයා, ඔබේ නිරෝගී සුවය පිණිස ඔබ දිගු නිවාඩුවක් යා යුතුයි. උණුසුම් පරිසරයකට සංචාරයක් යා යුතුයි,” නිලධාරියා කීය. “ඒ නිසා තමයි, ඔබගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගනිද්දී අපි මේ නිවාඩු නිවාසයට යන්න ඔබට ස්ථානයක් ලබා දෙන්නෙ. ඔබට වැටහුනා ද?”

“ඔව්,” මොරසොව් කීය. ඔහු තම නළල පිහිදා ගති. “මට වැටහුණා.”

“ඒක ක්රිමියාවේ සුවපහසු සනීපාරක්ෂක ස්ථානයක්. වැඩි සද්ද බද්ද වලින් තොර නිවාඩු පාඩුවේ ඉන්න පුළුවන් තැනක්. එතැන ඔබට නිරෝගී සුවය ලබා දෙන්න ගොඩක් උපකාර වෙයි. මම යෝජනා කරනවා ඔබ එහි සම්පූර්ණ ප්රයෝජනය ගන්න අවශ්යයයි කියල. ඒ වරප්රසාදය ඔබට, අපි කියමු මාස හයකට ලැබේවි. මම උපදෙස් දෙන්නෙ ඉක්මණින් ආපහු එන්න හදන්න එපා කියලයි, මොරසොව් සහෝදරයා.”

“නැහැ,” මොරසොව් කීය, “මම ඉක්මන් වෙන්නෙ නැහැ.”

“මට තියනවා ඔයාට දෙන්න තවත් උපදේශයක්, මොරසොව් සහෝදරයා. පත්තර වලින් කොවැලෙන්ස්කි පුරවැසියාට විරුද්ධව පවරලා තියන අරගල විරෝධී කාල්පනික උත්සාහය ගැන වූ නඩුව පිළිබඳ ව ගොඩක් දේවල් ඔයාට අහන්න ලැබෙයි. ඒ නඩුව ගැන ඔබ මුකුත් දන්නෙ නැති බව සනීපාරක්ෂක ස්ථානයේ ඉන්න අනිත් සේවකයන්ට හිතන්න ඉඩ හැරීම ඔබේ බුද්ධිමත් බව පෙන්වයි,”

“සහතිකයෙන් ම, සහෝදරයා. මම ඒ ගැන කිසිවක් දන්නෙ නැහැ. එකම එක දෙයක් වත්.”

නිලධාරියා මොරසොව් වෙත නැඹුරු වී කිසිත් ආවේගයකින් තොර ව, ඔහුව රහසකට එකතු කර ගන්නා ලෙසින්, රහසින් මෙසේ කීවේ ය: “ඉතින්, මම ඔයා නම්, කොවැලෙන්ස්කි වෙනුවෙන් කිසිම අත්තක් අල්ලන්න යන්නෙ නැහැ. එයාට වෙඩි තියන හමුදාව ඉදිරියට යන්න සිද්ධ වුනත්.”

මොරසොව් නිලධාරියාගේ මුහුණ දිහා උඩට හිස ඔසවා බලා, ඔහුගේ වදන් අපැහැදිලි වෙද්දී, එය කුණු කුණු ගෑමක් වී යද්දී, ඔහුගේ පැතලි නාස්පුඬු වෙව්ලද්දී මෙසේ ඇද පැද කීවේ ය: “කවුද? මම, අතු අල්ලන්න? ඔහු වෙනුවෙන්? මම ඇයි එහෙම කරන්නෙ, සහෝදරයා? මම ඇයි එහෙම කරන්නෙ? මට ඔහුත් සමඟ කිසිත් සම්බන්ධයක් තිබ්බෙ නැහැ. ඔහුටයි ඒ කඩය අයිති. ඔහු තනිවම. ඔබට බලන්න පුළුවන් ලියා පදිංචි සහතිකය දිහා. ඔහු තනිවම. ඔහුට ඔප්පු කරන්න බැහැ මම කිසිම දෙයක් ඒ ගැන … කිසිම දෙයක් ගැන දැන සිටියා කියල. ඔහු තනිවම. තනි අයිතිකාරයා. ලෙව් කොවැලෙන්ස්කි – ඔයාට ඒක හොයල බලන්න පුළුවන්.”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: