Sinhala story Blog

නොවැම්බර් 3, 2011

අපි ජීවත්වන්නෝ -333 ඔහුව අල්ලස් දීලා ගන්න බැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 6:44 පෙ.ව.

පැයකට පසු,

අඳුරෙන් වැසී තිබි ‘ලෙව් කොවැලෙන්ස්කි – ආහාර නිෂ්පාදන” යැයි නාම පුවරුව රැගත් කඩයේ පසුපස දොර අසලට සද්දයක් නොමැතිව ගමන් ගත් හිම වාහනයක් ළඟා විය. පුරුෂයන් දෙදෙනෙක් එයින් බැස විදුලි එළියක් නොතිබි හිමෙන් මිදුණ තරප්පු පෙල නිහඬව බැස බිම් මහලට ගියහ. ලියෝ සහ කඩේ සේවකයා වැඩි එළියක් විදහන්නේ නැති පරණ ලාම්පුවක් අතැතිව ඔවුන් එනතෙක් බලා සිටියහ. ආපු අමුත්තෝ කිසිත් සද්දයක් නොකළහ. ලියෝ ගෝනි සහ පෙට්ටි දිහාට අත දිගු කර පෙන්වූයේ ය. පුරුෂයන් දෙදෙනා හනිකට ඒවා කරතබා ගෙන හිම වාහනයට ගෙන ගියහ. හිම යානය විසාල ලොම් පොරවනයකින් වසා තිබුණි. මිනිත්තු දහයකට අඩු කාලයක දී බිම් මහල හිස් විය.

“ඉතින්?” ලියෝ ගෙදර ආ විට කීරා ඉතා නොසන්සුන්ව ඇසුවා ය.

“නිදා ගන්න යන්න,” ලියෝ කීවේ ය, “රහස් පොලිස් ඒජන්තවරු ගැන සිහින දකින්න එපා.”

“ඔයා මොකද කළේ?”

“ඔක්කොම හරි. අපි සේරම ඉවත් කළා. හරියට මේ මිනිත්තුවේ දී ම ඒවා රතු ලෙනින්ග්රෑඩ් වලින් පිටත් වෙලා යනවා. අපිට හෙට රෑට සියරොව් ගෙන් තවත් බඩු තොගයක් එන්න තිබුනෙ. ඒත් අපි ඒක අවලංගු කලා. ඉතින් අපි දැන් ගෙන යන්නෙ කුඩා අවංක ආහාර කඩයක් -ටික කාලයකට. සියරොව් සේරම හොයල බලන තෙක්.”

“ලියෝ, මම ..”

“ඔයා ආයෙත් ඔන්න වාද එහෙම පටන් ගන්න එපා. මම ඔයාට එක වතාවක් කියල තියෙන්නෙ. මේ නගරය හැර දාලා මම යන්නෙ නැහැ. ඒක තරම් වැඩියෙන් ම භයානක, වැඩියෙන් ම සැක සහිත වැඩේ. අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ. රහස් පොලීසියේ සියරොව් අත බලය වැඩියි කිසි ..”

“ලියෝ, ඔයා අන්ද්රෙ ටැගනොව් හඳුන්නෙ නැහැ.”

“නැහැ, මම දන්නෙ නැහැ. ඒත් ඔයා හොඳට එයාව දන්න බව පේනවා.”

“ලියෝ, එයාලට ඔහුව අල්ලස් දීලා ගන්න බැහැ.”

“සමහර විට බැරිව ඇති. නමුත් එයාලට පුළුවන් ඔහුගේ කට වහන්න.”

“ඔයාට බය නැත්නම් …”

“සහතිකයෙන් ම, මට බයක් නැහැ!”

නමුත් ඔහුගේ මුහුණ වෙනදාට වඩා පැහැයෙන් සුදුමැලි විය. කබාය ගැල වූ ඔහුගේ අත් වෙව්ලන බව ඇය දුටුවා ය.

“ලියෝ, කරුණාකරල! අහන්න!” ඇය වැඳ වැටුනා ය. “ලියෝ, කරුණාකරල! මම ..”

“කට වහගන්න!” ලියෝ කීවේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: