Sinhala story Blog

ඔක්තෝබර් 30, 2011

අපි ජීවත්වන්නෝ -329 රතු සටන්කාමීන්ගේ දේශප්‍රේමීත්වය කම්කරු අරගලයටයි

Filed under: Uncategorized — sinhalashortstories @ 7:45 පෙ.ව.

තුන්වැනි හා ප්රමාණයෙන් කුඩා වූ සිනමා ශාලාව විදේශීය චිත්රපටියක් ප්රදර්ශනය කරයි.

එය පරණ, කවුරුත් නම නොදන්නා, සිනමා තරු රඟ නොපාන, නළු නිළියන්ගේ නම් සඳහන් කර නැති වූවකි. සායම් දිය වී ගිය නිශ්චල රාමු ජනේලය අසල අලවා ඇත. වසර දහයකට පමණ පෙර ජනප්රිය වූ ගවුමකින් සැරසී ගත් වත්සුණු පමණට වඩා වැඩියෙන් ගා ගත් කාන්තාවක් පින්තූරයෙන් දිස් වෙයි.

“අපි එහෙම නම් මේකවත් බලමු,” කීරා කීවා ය.

අවසර පත් විකුණන ස්ථානය වසා දමා තිබුණි.

“සමාවෙන්න, පුරවැසියෙනි,” වාඩි විය යුතු ආසන පෙන්වන ‍සේවකයෙක් කීය, “සේරම පුටු විකිණිලා ඉවරයි. මේ දර්ශනයටත් ඊ ළඟ දර්ශනයටත් දෙකට ම. ඇතුලේ සෙනඟ පිරිලා ඉතිරිලා පටන් ගන්න කම් බලාගෙන ඉන්න අයගෙන්.”

“ඉතින්,” ඔවුන් එතැනින් යද්දී කීරා ඉවසීමෙන් එය දරා ගන්නා අයුරින් කීවා ය, “අපි එහෙනම් ගිහින් ‘රතු සටන්කාමීයෝ’ වත් බලමු.”

සුදු කුළුණු වලින් තැනූ ‘පැරිසියානා’ වේ විශාල ඇතුල්වීමේ ශාලාව හිස් ය.

චිත්රපටිය පෙන්වීම ආරම්භ කර ඇත. දර්ශනය මැද දී කාටවත් ඇතුල්වීම තහනම් ය. එහෙත් ආසන මඟ පෙන්වන්නා ඔවුනට උනන්දුවෙන් නැවී ආචාර කර ඇතුලට යන්න අවසර දුන්නේ ය.

ශාලාව අඳුරු ය. සීතල ය. සංගීත කණ්ඩායමේ ඝෝෂාව දැවැන්ත, හිස් ශාලාවේ දෝංකාරය දුන් බව නිසා එහි නිහඬ බව තවත් ඉලිප්පී පෙනුණි. අළු පැහැයෙන් වූ හිස් පේළි අතරින් හිස් කිහිපයක් දිස්විය.

තිරයේ, අළු වැරහැලි නිල ඇඳුම් වලින් යුතු කල්ලියක් බයිනේත්තු වනමින් මඩ ගොහොරුවක් මැදින් දුවති. නිමා නොවන තරම් මිනිත්තු ගණනාවක් පුරා, අළු පැහැති වැරහැලි නිල ඇඳුම් ඇඳගත් කල්ලි වලින් පිරුණු ‍ඇරුණු පෙට්ටි ගණනාවකින් යුතු, එක දිගු දුම්රියක් හෙමින් ඇදී ගියේ ය. එහි යටින් “මාසයකට පසු” යැයි අකුරින් සඳහන් කෙරුණි. අළු වැරහැලි නිල ඇඳුම් ඇඳගත් කල්ලියක් මඩ ගොහොරු මැදින් බයිනේත්තු වනමින් පැන ගියහ. අත් වලින් පිරි ජන සමූහයක් රතු බැනර් වැනූහ. කළු අහසක් පසුබිමින් දිස්වෙද්දී වැරහැලි අළු නිල ඇඳුම් ඇඳගත් කල්ලි හාරා තිබූ වලවල් වලට රිංගූහ. “සැවරාශිනෝ හි සටන” යැයි අකුරින් සඳහන් කෙරුණි. හම් සපත්තු දමාගත් අය බාස්ට් සපත්තු දමා ගත් අයව තාප්පයක් අසල දී වෙඩි තබා මරා දැමූහ. “සැම්සොනොව් හි සටන” යැයි අකුරින් සඳහන් කෙරුණි. අළු වැරහැලි නිල ඇඳුම් වලින් යුතු කල්ලියක් බයිනේත්තු වනමින් මඩ ගොහොරුවක් මැදින් පැන ගියහ. “සති තුනකට පසු” යැයි අකුරින් සඳහන් කෙරුණි. දිගු දුම්රියක් බැස යන හිරු දිහාවට හෙමින් ඇදී ගියේ ය. “කම්කරුවන් ඔවුන්ගේ ශක්තිමත් බූට් සපත්තුවෙන් ද්රෝහී රදළයන්ගේ පාපිෂ්ට ගෙලයන් පාගා දැමූහ” යැයි සිරස්තලය විය. හම් සපත්තු පැළඳ ගත් කල්ලියක් අතිභූෂිත වූ ගණිකා නිවාසයක කැඩුණු බෝතල් හා කැමරාව දිහා බලන අඩ නිරුවතින් වූ කාන්තාවන් අතරින් නටනා ආකාරය දිස් විය. “ඒත් අපේ රතු සටන්කාමීන්ගේ දේශප්රේමීත්වය වූයේ කම්කරු අරගලයට ය” යැයි සිරස්තලය කීය. අළු වැරහැලි නිල ඇඳුම් ඇඳගත් කල්ලියක් බයිනේත්තු වනමින් මඩ ගොහොරුවක් මැදින් පැන ගියහ. එහි කතා වස්තුවක් නොවීය. වීරයෙක් නොවීය. “කම්කරු කලාවේ අරමුණ වන්නේ,” නැවතීම් ශාලාවේ වූ පෝස්ටරයක් පහදයි, “සාමූහික ජීවිතයේ ලාස්ය සහ පාට පිළිබිඹු කිරීම ය.”

විවේක කාලයෙන් පසු දෙවැනි කොටස පටන් ගන්නට පෙර “ඔයාට ඒකෙ මුල දකින්න ඕනා ද?” යැයි අන්ද්රෙ කීරාගෙන් විමසීය.

“ඔව්,” කීරා කීවා ය, “තාම පරක්කු නැහැ.”

“මම දන්නවා ඔයා ඒකට කැමැති නැහැ කියලා.”

“මම දන්නවා ඔයත් ඒකට කැමැති නැහැ කියල. මේක විහිළු වැඩක්, අන්ද්රෙ. අද මට මැරින්ස්කි නත්යාමගාරයේ අළුත් ම බැලේ නැටුම බලන්න යන්න අවස්ථාවක් තිබුණ. මම ඒක බලන්න ගියේ නැහැ ඒක විප්ලවීය නිසා. ඉතින් දැන් මම මෙතැන, මේ පුරා වෘත්තාන්තය බලනවා.”

“ඔයාට අවස්ථාවක් තිබ්බෙ කා එක්ක යන්න ද?”

“ඔහ් -මගේ යාළුවෙක් එක්ක.”

“ලියෝ කොවැලෙන්ස්කි එක්ක නෙවෙයි ද?”

“අන්ද්‍රෙ! ඔයා ප්ර්ශ්න අහනවා ඕනෑවට වැඩියි නේද කියලා හිතන්නෙ නැද්ද?”

“කීරා, ඔයාගෙ ඔක්කොම යාළුවෝ අතරින් එයා තමයි …”

“ඔයා කැමැති නැති එක්කෙනා. මම දන්නවා. ඒත් ඉතින්, ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා එයා ගැන සඳහන් කරන්නෙ අනවශ්ය තරමින් කියල.”

“කීරා, ඔයා දේශපාලනය ගැන උනන්දු නැහැ නේද, එහෙම නේද?”

“නැහැ, ඇයි?”

“ඔයාට කිසිදාක අවශ්ය වුනේ නැහැ කිසිත් කමකට නැතිව ජීවිතය පූජා කරන්න. කිසිත් හොඳ හේතුවක් නැතිව වසර ගණනාවක් ජීවිතෙන් අයින් කරලා දාන්නට. වසර ගණනාවක් හිරගෙදරක තපින්න හෝ පිටුවහල් කරලා දානවාට. එහෙම නේද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: