Sinhala story Blog

ඔක්තෝබර් 29, 2011

අපි ජීවත්වන්නෝ -328 සියළු ම කලා අතුරින්, රුසියාවට වඩාත් ම වැදගත් වනුයේ සිනමාවයි!

Filed under: Uncategorized — sinhalashortstories @ 8:46 පෙ.ව.

මැරින්ස්කි නත්යාගාරයේ අළුත් ම බැලේ නැටුම් සංදර්ශනය සඳහා අවසර පත් ඇන්ටෝනියා පැව්ලොව්නා සතු විය.

ඒ වෘත්තීය සමිති සඳහා වූ සංදර්ශනයයි. ආහාර පදනමේ දී මොරසොව්ට ඒ අවසර පත් ලැබී තිබුණි. එහෙත් බැලේ නැටුම් ගැන උවමනාවක් මොරසොව්ට නොතිබිණ. ඔහුට පාසැල් රැස්වීමක් සඳහා යන්නට තිබිණ. ඔහුට එහි දී “කම්කරුවන් බෙදාහරින ආහාර නිෂ්පාදන” මැයෙන් කතාවක් පවත්වන්නට යෙදී තිබිණ. ඉතින් ඔහු අවසර පත් ඇන්ටෝනියා පැව්ලොව්නාට දුනි. ඇය ලියෝට සහ කීරාට තමා සමඟ ඊට සහභාගී වන්න යැයි ඇරයුම් කළා ය. “ඉතින්, ඇත්තෙන් ම, ඒක අරගල හිතවාදී බැලේ නර්තනයක්,” ඇය විස්තර කළා ය. “පළමු රතු බැලේ නැටුම් සංදර්ශනය. ඒ වගේ ම, ඇත්තෙන් ම, ඔයාල දන්නවානේ දේශපාලනය ගැන මගේ චිත්ත ස්වභාවය, ඒත් ඉතින්, කලාව ගැන කෙනෙක් පුළුල් මනසකින් ඉන්න ඕන. ඔයාල එහෙම හිතන්නෙ නැද්ද? අඩු ගානේ, ඒක සිත්ගන්නා පර්යේෂණයක්.”

කීරා ඇරයුම ප්රතික්ෂේප කළාය. ලියෝ ඇන්ටෝනියා පැව්ලොව්නා සමඟ ගියේ ය. ඇන්ටෝනියා පැව්ලොව්නා ඇන්ඳේ හරිතමණී කොළ පැහැයෙන් වූ ගවුමකි. එය එම්බ්රොසයිඩර් කර තිබුනේ රත්තරන් පාටිනි. ඇයගේ කුස උඩින් එය තදින් ඇදී තිබුණි. ඇය සිප්පිකටු මුතු වලින් හැඩ වූ දිගු රත්තරන් අල්ලුවකින් වූ ඔපෙරා කණ්ණාඩියක් රැගෙන ගියා ය.

එදින කීරා අන්ද්රෙ හමුවන්නට යොදාගත් දිනයක් විය. එහෙත් ඇය ට්රෑම් පාරෙන් ඉවත් වී මාලිගා උද්යානය වෙත යන අඳුරු පාරේ ඇවිද ගෙන යනවිට තම කකුල් වලට සිත්පිත් ඇත්තා සේ කකුල් හෙමින් හෙමින් ඇදෙන හැටි ඇය දැක්කා ය. ඇයගේ සිරුර අකමැත්තෙන් යන ගමනක් යනවා වැනි ය. හඹා එන සුළඟක් ඉදිරියට ගමන් කරනා සේ ය. එය ඇයව බියට පත් කළේ ය. හරියට ඇයගේ සිරුරට ඇය අමතක කරන්න හදන යමක් මතක් වී ඇත්තා සේ ය. ඊට පෙර දින රාත්රිය, වසර තුනකට වඩා කාලයක්, අළු හා රිදී පැහැයෙන් වූ කාමරයේ ඇය ලියෝ හා ගෙවූ පළමු රාත්රිය වැනි වූවකි. ඇයගේ සිරුර නිර්මල සහ පිරිසිදු කරන ලද්දක් සේ විය. ඇය යන ගමන ඇයගේ සිරුර කෙලෙසීමක් නිසා ඇයගේ පාද ඇය යන ගමන අඩාල කරන්නට සෙමෙන් ගමන් කරවන්නා සේ ය. මන්ද ඇයට ගමන යන්නට උවමනා වූවත් අද රෑ යන්නට කැමැත්තක් නොතිබිණි.

ඇය දිගු අඳුරු තරප්පු පෙළ උඩට පිවිසෙද්දී අන්ද්රෙ දොර හැරියේය. “අන්ද්රෙ, ඔයා මට යමක් කරලා දෙනවා ද?” ඇය ඇසුවා ය.

“ඔයාව සිපගන්න කළින්?”

“නැහැ, ඊට පස්සෙ හනිකට. අද රෑට මාව චිත්රපටියක් බලන්න එක්කන් යනවා ද?”

ඔහු ඇයව සිප ගත්තේ ය. ඔහු මුහුණින් විදහා පෑවේ ඇයව නැවතත් දැකීමේ දී ඇති ඉහවහා ගිය ප්රීතිය පමණකි. අනතුරුව “එක්කන් යන්නම්,” යැයි ඔහු කීවේ ය.

ඔවුන් එකට ඇවිදෙන ගියහ. අත් අල්ලා ගෙන, අළුතින් වැටි හිම මතින් කිරිස් කිරිස් ගා අඩි තබමින් ඇවිද්ද හ. නෙව්ස්කියේ විශාලතම සිනමා ශාලා තුන සුදු කපු රෙද්දෙන් නිමැ වූ රතු අකුරින් ලියූ දැවැන්ත බැනර් ප්රදර්ශනය කළහ.

සමයේ වඩාත් ම ජනප්රිය චිත්රපටිය!
සෝවියට් සිනමාවේ අළුත් ම ‍විශිෂ්ඨ කෘතිය!
“රතු සටන්කාමියෝ”
සිවිල් යුද්ධයේ දී විප්ලවීය රතු වීරයන්ගේ අරගල ගැන අති විශාල මහා කාව්යය!
කම්කරුවන්ගේ පුරාණ කතාව!
කම්කරුවන් හා සොල්දාදුවන් පිරි නොදන්නා ජන සමූහයන් කරන ලද වීර ක්රියා ගැන වූ දැවැන්ත නාට්යය!

එක සිනමා ශාලාවක් මේ බැනරය ද ප්රදර්ශනය කළේ ය:
“සියළු ම කලා අතුරින්, රුසියාවට වඩාත් ම වැදගත් වනුයේ සිනමාවයි!” යැයි ලෙනින් සහෝදරයා කියා ඇත.

සුදු එළියෙන් සිනමා ශාලාව ඉදිරිපිට නැහැ වී ඇත. අවසර පත් නිකුත් කරන්නෝ ඒ අසලින් යන එන අය දිහා චින්තාපරව බලමින් ඈනුම් හැරියහ. කිසිවෙකුත් ප්රදර්ශනයට තිබි නිශ්චල රාමු බලන්නට නැවතුනේ නැත.

“ඔයාට ඕන නැහැනෙ ඒක බලන්න,” අන්ද්රෙ කීවේ ය.

“නැහැ,” කීරා කීවා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: