Sinhala story Blog

ඔක්තෝබර් 28, 2011

අපි ජීවත්වන්නෝ -327 වාඩිවෙලා ඉඳගෙන මීයෝ එළවන එක මිසක්

Filed under: Uncategorized — sinhalashortstories @ 10:43 පෙ.ව.

මහපට ඇඟිල්ලෙන් හා වෙදැඟිල්ලෙන් සේවකයා ඔහුගේ නාසය පිස දැම්මේ ය.

ලයිනෝරු තෙල් බෝතලයේ කට ඔහු ඇඳුමට උඩින් හැඳ සිටි උඩ වැස්මෙන් පිහි දැම්මේ ය. “අදට එච්චරයි ද, පුරවැසියෙනි?”

“එච්චරයි,” අන්ද්රෙ ටැගනොව් කීවේ ය.

සේවකයා පත්තරයකින් කෑල්ලක් ඉරාගෙන ඉන් බෝතලය එතුවේ ය. එය මතුපිටින් තෙල් පැල්ලම් මතු විණ.

“බිස්නස් හොඳයි ද?” අන්ද්රෙ විමසීය.

“වැඩකට නැහැ,” සේවකයා කීවේ ය. පරණ නිල් ජර්සියක් හැඳ සිටි ඔහු දෙවුර හැකිළීය. “ඔයා තමයි පැය තුනකින් ආපු පළමු පාරිභෝගිකයා. මම හිතන්නෙ. මනුෂ්ය කටහඬක් ඇහෙනවාටත් සතුටුයි. මෙතැන වෙන කරන්න දෙයක් නැහැ වාඩිවෙලා ඉඳගෙන මීයෝ එළවන එක මිසක්.”

“ඒක අපරාදේ. පාඩුයි, එහෙනම්?”

“කාට ද, මට ද? මේ තැන මට අයිති නැහැ.”

“එහෙනම් ඉතින් ඔයාට ළඟ දී රස්සාව නැතිවේවි. අයිතිකාරයා ඇවිත් බඩු විකුණන වැ‍ඩේ කරාවි.”

“කවුද? මගේ බොස්?” සේවකයා බැරෑඬි වූ හඬකින්, කෙකර ගාන හඬකින් හිනාවක් පිට කළේ ය. ඔහුගේ පළල් මුව කැඩිච්ච දත් දෙකකින් හා කළු වී ගිය දත් වලින් යුතු විය. “මගේ බොස් කරන එකක් නැහැ. කොවැලෙන්ස්කි පුරවැසියා වැනි ශෝභන අයෙක් හෙරින් මාළු සහ ලයිනෝරු තෙල් එක්ක වැඩ කරනවා දකින්න මම ආසයි.”

“ඉතින් මේ වගේ පාඩු බිස්නස් කරද්දී එයා තව දුරටත් ශෝභන වෙන එකක් නැහැ.”

“සමහර විට ඔහු එහෙම වෙන එකක් නැහැ,” සේවකයා කීය, “සමහර විට ඔහු එහෙම වේවි.”

“සමහර විට,” අන්ද්රෙ ටැගනොව් කීය.

“කොපෙක් පනහක්, පුරවැසියෙනි.”

“මෙන්න, සුබ රාත්රියක්, පුරවැසියෙනි.”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: