Sinhala story Blog

ඔක්තෝබර් 27, 2011

අපි ජීවත්වන්නෝ -326 මම මොනවා වත් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:55 පෙ.ව.

XI

පවෙල් සියරොව් තම කාර්යාල කාමරයේ වූ තම මේසයේ වාඩිගෙන සිටියේ ය. ඔහු විසින් දිය යුතු දේශනයක් ටයිප් කරපු අත් පිටපතක අඩුපාඩු හදමින් සිටියේ ය. එහි සිරස්තලය වූයේ “දුම්රිය මාවත් සහ පංති අරගලය” යන්නය. ඔහුගේ ලේකම්වරිය ඔහු අසලට වී ඔහුගේ අතේ වූ පැන්සල දිහා නොසන්සුන්ව බලා සිටියා ය. ඔහුගේ කාර්යාලයේ වූ ජනේලය ඊට යටින් වූ දුම්රිය පදිකවේදිකාවක් වෙත විවෘත වී ඇත. ඔළුව ඔසවද්දී උස සිරුරකින් යුතු හම් කබායක් හැඳි අයෙක් පදිකවේදිකාවෙන් බැස නොපෙනී යනවා යාන්තමින් දැකගන්නට හැකිවුණි. ඔහු මඳක් ඉස්සරහට ඇදුනත් එවිට ඔහු නොපෙනී ගොසිනි.

“ඒයි, ඔයා අර මිනිහා ව දැක්කා ද?” ඔහු ලේකම්වරිය වෙත කඩා පැන්නේ ය.

“නැහැ, සියරොව් සහෝදරයා. කොහේ ද?”

“කමක් නැහැ, ඒකෙන් ඵලක් නැහැ. මම නිකම් හිතුවා ඒ මම දන්න හඳුනන කෙනෙක් කියල. එයා මොනවා ද මේ පැත්තෙ කරන්නෙ?”

පැයකට පසුව පවෙල් සියරොව් තම කාර්යාලයෙන් පිටත් විය. ඔහු පඩිපෙළ බැස ගියේ වීදිය දෙසට ය. ඔහු සූර්යාකාන්ත මල් ඇට සපමින් පොතු හැම තැනම කටින් පිඹ විසි කර දමමින් ඇවිද්දේ ය. තමා දැකි හම් කබාය හැඳි මිනිසා නැවත දැක්කේ ය. ඔහුට වැරදී නැත. ඒ අන්ද්රෙ ටැගනොව් ය.

පවෙල් සියරොව් නැවතිණ. ඔහුගේ ඇහිබැම එකට එකතු විය. කට කොනකින් ඉතිරි වී තිබි තවත් එක පොත්තක් පිඹ ඉවතට දැම්මේ ය. අනතුරුව කිසිත් කලබලයක් නැති විලසකින් ඔහු අන්ද්රෙ වෙත ගියේ ය. “සුබ සැන්දෑවක්, ටැගනොව් සහෝදරයා.”

“සුබ සැන්දෑවක්, සියරොව් සහෝදරයා,” අන්ද්රෙ පිළිතුරු දුන්නේ ය.

“කොහෙ හරි ගමනක් යන්න හිතනවා ද, අන්ද්රෙ?”

“නැහැ.”

“දුම්රිය කාල්පනිකයෝ අල්ලන්න ද?”

“නැහැ.”

“රහස් පොලීසියේ ප්රවාහන අංශයට මාරු කරලා වත් ද?”

“නැහැ.”

“ඉතින්, මට සතුටුයි ඔයාව දකින්න ලැබුණට. කලාතුරකින් දකින කෙනෙක් නේද, ඔයා? කොච්චර කාර්ය බහුල දැයි කිව්වොත් පරණ යාළුවෝ වෙනුවෙන් ඔයාට කාලයක් නැහැ. සූර්යකාන්ත මල් ඇට ටිකක් ඕන ද?”

“එපා, ස්තූතියි.”

“ඒ ජරා ඇබ්බැහිය ඔයාට නැද්ද? දුරාචාරය නැති කෙනෙක්. කිසිම නරක වැඩක් නොකරන කෙනෙක්, එහෙම ද? ඉතින්, මට සතුටුයි මගේ නිවහන යැයි කියන්න පුළුවන් වෙච්ච මේ පරණ දුම්රිය නැවතුම්පොල ගැන ඔබ උනන්දුවක් දක්වන එක ගැන. පැයක් විතර මේ පැත්තෙ හිටියා ඔයා, එහෙම නේද?”

“තව අහන්න ප්රශ්න තියනවා ද?”

“කාට ද, මට ද? මම මොනවා වත් ප්රශ්න ඇහැව්වෙ නැහැ. ඇයි මම ඔයාගෙන් ප්රශ්න අහන්නෙ? මම නිකම් සමාජශීලී වූවා පමණයි. ඉඳහිටලා කෙනෙක් සමාජශීලී වෙන්න ඕන. කෙනෙකුට ඒකීය පුද්ගලයෙක් කියලා නමක් පටබැඳෙන්න ඉඩ තියනවා නැත්නම්. ඔයා දන්නවානෙ. ඇයි, ඔයා මේ පැත්තෙ ආවම මාව බලන්න ඇවිත් යන්න වෙලාවක, එහෙම නම්?

“සමහර විට මම එයි,” අන්ද්රෙ හෙමිහිට කීවේ ය. “සමුගන්නම්, සියරොව් සහෝදරයා.”

සියරොව් හුන් තැනම සිටියේ ය. ඇස් බැමි එකතු කරගෙන සිටියේ ය. සම්පූර්ණ සූර්යාකාන්ත මල් ඇටයක් ඔහුගේ දත් අතර රැඳී තිබිණ. ඔහු අන්ද්රෙ පඩිපෙළ බැස යනවා බලාගෙන සිටියේ ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: