Sinhala story Blog

ඔක්තෝබර් 25, 2011

අපි ජීවත්වන්නෝ -324 අහෝ මගේ දෙවියනි!

Filed under: Uncategorized — sinhalashortstories @ 7:22 පෙ.ව.

“ඔහ්! .. ඉතින්, මම හිතන්නෙ … ඉතින්, තාම එච්චර පරක්කු නැහැ …”

“මම හිතුවේ දැන් ටිකකට කළින් ඔයාට යන්න ලොකු හදිසියක් තිබුණ කියල.”

“මම .. ඉතින්, නැහැ, මට කියන්න බැහැ මට එහෙම ‍ලොකු හදිසියක් තිබ්බ කියල, අනික, ‍කොච්චර සුන්දර ද …”

“මොකක් ද කාරණය, මොරසොව් සහෝදරයා? මේ හරියෙ ඔයාට දාලා යන්න බැරි මොකක් හරි තියෙනවා ද?”

“කාට ද, මට ද? අනේ මම දන්නෑ එහෙම දෙයක් ගැන, සහෝදරයා … සහෝදරයා … ඔයා මොකක් ද ඔයාගෙ නම කියලා කිව්වේ, සහෝදරයා?”

“ටිමොෂෙන්කෝ. ස්ටීවන් ටිමොෂෙන්කෝ. දාලා යන්න බැරි අර මේසය යට තියන පුංචි කඩදාසි කෑල්ල ද නිකමට වත්?”

“ඔහ්, ඒක? ඇයි, ටිමොෂෙන්කෝ සහෝදරයා, මට ඒ ගැන සම්පූර්ණයෙන් ම අමතක වෙලා තිබ්බෙ. මට ඒකෙන් ඇති ඵලේ කුමක් ද?”

“මම දන්නෙ නැහැ,” ටිමොෂෙන්කෝ හෙමිහිට කීවේ ය.

“අන්න හරි, ටිමොෂෙන්කෝ සහෝදරයා, නැහැ, කිසිත් නැහැ. තවත් බොන්න, ටිමොෂෙන්කෝ සහෝදරයා?”

“ස්තූතියි.”

“මෙන්න ඔයාට, සහෝදරයා.”

“මේසය යට මොකක් හරි ප්රශ්නයක් ද, මොරසොව් සහෝදරයා?”

“ඇයි නැහැ, ටිමොෂෙන්කෝ සහෝදරයා. මම මේ නැවුනේ මගේ සපත්තුවේ ලේස් පටි ගැට ගහගන්නයි. ලේස් පටියක් ලිහිලා.”

“කොහෙද?”

“ඉතින්, හරි විහිළුවක් නේද? බලන්න ඒක ලිහිලා නෑනේ. මේ බලන්න? මම හිතුවා ලිහිලා ගිහින් කියල. ඔයා දන්නවානෙ ඒක කොහොම ද කියල. මේ සෝවියට් … මේ සපත්තු ලේස් මේ දවස්වල. හරි හැටියකට නැහැ. වගකිව යුතු ලෙසින් නැහැ.”

“නැහැ,” ‍ටිමොෂෙන්කෝ කීවේ ය, “ඒවා හණ නූල් වගේ කැඩෙනවා.”

“ඔව්,” මොරසොව් කීවේ ය, “හරියට හණ නූල් වගෙයි. හරියට, ඔයා කිව්ව විදියට, හරියට -හරියට හණ නූල් වගේ … ඔයා මොකද ඔය පැත්තට හේත්තු වෙලා ටිමොෂෙන්කෝ සහෝදරයා? ඔයාට එහෙම සිටීම සුව පහසු නැහැ. ඇයි මේ විදියට මේ පැත්තට මාරු වෙන්න, එතකොට ඔයාට වඩා පහසු …”

“නැහැ,” ටිමොෂෙන්කෝ කීවේ ය, “මම මේ ඉන්න තැන මට සුව පහසුයි. අර අතන මේසය හොඳට දැක බලාගන්න පුළුවන්. මම ඒ මේසයට කැමතියි. හොඳ මේස කකුල් තියනවා. එහෙම නේද? හරි කලාත්මකයි, ඔයා දන්නවානෙ.”

“ඔබ හරි, සහෝදරයා, හරි කලාත්මකයි. ඒත් අනිත් පැත්තෙන්, සහෝදරයා, අර අපේ වම් පැත්තෙන්, අන්න ඉන්නවා රූමත් බ්ලොන්ඩ් කාන්තාවක්. අර සංගීත කණ්ඩායම ළඟ? ලස්සන හැඩරුවක් තියෙන්නෙ, නේද?”

“ඔව්, සහතිකයෙන් ම, සහෝදරයා …. ඔයාට ලස්සන සපත්තු තියනවා, මොරසොව් සහෝදරයා. ප්‍රසිද්ධ නමක් තියන හම් සපත්තු වගේ. මට ඔට්ටුවක් අල්ලන්න පුළුවනි ඔයා ඕවා ගත්තෙ සමූපාකාරයෙන් නොවේ කියා.”

“නැහැ .. ඒ කියන්නෙ … ඔයාට ඇත්ත කිව්වොත් .. ඉතින්, ඔයා බලන්න …”

“සපත්තු වල මම කැමති තැන තමයි අගිස්ස. ඇඟිලි ළඟින් තියන රවුම් හරිය. හරියට කෙනෙක්ගෙ නළලේ ආපු ගෙඩියක් වගේ. දිළිසෙනවත් එක්ක. ඔව්, විදේශිකයෝ හරි හැටියට දන්නවා සපත්තු හදන හැටි.”

“නිෂ්පාදනයේ කාර්යක්ෂම භාවය ගැන කතා කළොත්, සහෝදරයා, ගන්න උදාහරණයක් හැටියට, ධනවාදී රටවල් … අර තියන ..”

“ඔව්, මොරසොව් සහෝදරයා, ධනවාදී රටවල?”

ලියුම ඇහිඳ ගන්නට පැන්නේ මොරසොව් ය. එහෙත් මොරසොව්ගේ ඇඟිලි පක්ෂියෙකුගේ නියපොතු වලට අසු වූ ලෙසකින් වට තම මිටින් වට කරගත්තේ ටිමොෂෙන්කෝ ය. එක මොහොතකට ඔවුන් දෙදෙනා ම අත් වලින් හා දණහිස් වලින් බිමට ඇණ තියාගෙන සිටියහ. මාරාන්තික සටනක යෙදෙන මෘගයන් දෙදෙනෙකු සේ ඔවුන් එකිනෙකාගේ දෑස් දිහා බලාගෙන සිටියහ. ඉක්බිතිව ටිමොෂෙන්කෝ අනිත් අත ලියුම උදුරා ගත්තේ ය. ඔහු මොරසොව් අතහැර හෙමිහිට නැඟිට්ටේ ය. මේසය අසලින් වාඩි වූයේ ය. මොරසොව් තවමත් අත් වලින් හා දණහිස් වලින් බිම සිටියේ ය. වෙඩි තබා මරන අණක් නිකුත් කරන තෙක් බලා සිටින දෑස් වලින් ඔහු දිහා මුහුණ යොමු කරගෙන බලා සිටියේ ය.

මොරසොව්, ඔබ පව්කාර බියගුල්ලා!
මට ලැබිය යුත්ත හෙට උදෑසන වන්නට පෙර නුදුන්නොත්, ඔබ උදේ කෑම කන්නේ රහස් පොලීසියේ දී ය. ඔය දන්නවා එහි අර්ථය.
හිතාදර,
පවෙල් සියරොව්

ලියුම කියවා ටිමොෂෙන්කෝ හිස ඔසවද්දී මොරසොව් නැවතත් මේසය අසලින් අසුන් ගෙන සිටියේ ය. ටිමොෂෙන්කෝ සිනහා වූයේ මොරසොව් විසින් කිසිත් දවසක එසේ මිනිසෙක් හිනා වෙනවා අසා නැති හිනාවකිනි.

ටිමොෂෙන්කෝ හෙමිහිට හිනාවෙමින් නැඟිට්ටේ ය. ඔහුගේ බඩ හෙලවුණි. ඔහුගේ සාව ලොම් කොලරය හෙලවුණි. ඔහුගේ පිටට පෙනුන බෙල්ල හෙලවුණි. ඔහු මඳක් වැනින. ඔහු තම අත් දෙකින් ම ලියුම අල්ලා ගෙන සිටියේ ය. අනතුරුව නාද වූ ග්රැමෆෝනයක් අවසන් වෙන්නා ලෙසින් හිමින් හිමින් ඇදී සක සුරුවමට හඬ බාල වී ගොස් එක වියළි කැස්සකින් වූ හඬකින් ඔහුගේ සිනාව නැවතිණ. ඔහු ලියුම පොකැට්ටුවට බහා ගත්තේ ය. උරහිස් කඩා වැටෙද්දී මදක් කුදු වී හෙමින් හැරුණි. ඔහුගේ ඉරියව් හදිසියේ නිහතමානී විය. හුරු නැති ලෙසකින් විය. හඬ නඟමින් කකුල් අද්දමින් ඔහු අවිනිශ්චිත ලෙසින් දොර වෙතට ගියේ ය. දොර අසල දී, අවන්හලේ ප්ර ධාන සේවකයා ඔහු දිහා ඇස් කොනකින් බැලුවේ ය. ටිමොෂෙන්කෝ ඒ බැල්මට ප්රතිචාර බැල්මක් හෙලුවේ ය. එය මොළොක් බවින් වූ බැල්මකි.

මොරසොව් තවමත් මේසය අසල අසුන් ගෙන සිටියි. ඔහුගේ එක අතක් ඉහළට එසැවී, ඇඹරී, හාස්යජනක ලෙසින් ගල් ගැසී ඇත. හරියට අංශය බාගය හැදි අයෙක් ගේ අතක් සේ දිස්විය. තරප්පු පෙළ බැස යන ටිමොෂෙන්කෝගේ එකම ස්වරයකින්, නැවති නැවතී, ඉක්කා ගහනවා මෙන් වූ, බුරනවා මෙන් වූ, ඉකි ගහනවා මෙන් වූ, කෙකර ගෑම ඔහුට ඇසුණි.

විගසින් ඔහු උඩ පැන නැඟිට්ටේ ය. “අහෝ මගේ දෙවියනි!” ඔහු කෙඳිරිගාන්නට විය. “අහෝ මගේ දෙවියනි!”

ඔහු දිව ගියේය, ඔහුගේ තොප්පියත් කබායත් අමතක කර දමා දිව්වේ ය. දිගු තරප්පු පෙළ දිගේ බැස එළියේ හිම මතට දිව්වේ ය. පළල්, සුදු, නිහඬ වීදියේ පෙනෙන තෙක් මානයක ටිමොෂෙන්කෝ දැකිය නොහැකි විය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: