Sinhala story Blog

ඔක්තෝබර් 24, 2011

අපි ජීවත්වන්නෝ -323 කමකට නැති කඩදාසි කෑල්ලක්

Filed under: Uncategorized — sinhalashortstories @ 8:05 පෙ.ව.

අනතුරුව ඔහු තම පොකැට්ටුවට අත දමා ලේන්සුවක් එළියට ගෙන එයින් නළල පිස දා ගත්තේ ය.

පොඩි වූ කොළ කැබැල්ලක් බිමට වැටිණ.

ක්ෂණික හා දැඩි උවමනාවෙන් ගැස්සී ඒ වෙත දිව ගිය මොර‍සොව්ගේ අත නිසා ටිමොෂෙන්කෝ අත දුව ගොස් මොරසොව්ගෙ අත වටා රැඳින. “ඒ මොකක් ද, යාළුවා?” ටිමොෂෙන්කෝ විමසීය.

ටිමොෂෙන්කෝට අහුලා ගත නොහැකි දුරකට මොරසොව් ඊට පයින් ගැසුවේ ය. එය පෙරළී ගොස් හිස් මේසයක් යට නැවතින. ඔහුගේ පැතලි නාස්පුඬු යටින් දිහදිය බිංදු දිළිසෙයි. “ආ ඒක ද? කිසිත් නැහැ සහෝදරයා, කිසිත් නැහැ. කමකට නැති කඩදාසි කෑල්ලක් විතරයි,” යැයි ගණනකට නොගන්නා ලෙසින් මොරසොව් කීවේ ය.

“ඔහ්,” ටිමොෂෙන්කෝ කීවේ ය, ඔහු මොරසොව් දිහා බලාගෙන සිටියේ කිසිත් වෙරිමතක් දිස් නොවනු දෑස් වලිනි. “ඔහ්, කමකට නැති කඩදාසි කෑල්ලක් විතරයි. ඉතින්, එහෙම නම් අපි ඒක එතැන තියෙන්නට ඉඩ හරිමු. ඒක කුණු බක්කියට දාන්න කාමරය අතුගාන එක්කෙනාට ඉඩ දෙමු.”

“ඔව්,” මොරසොව් උනන්දුවෙන් එකතු කළේ ය, “අන්න හරි. කුණු බක්කියට. හරියට කිව්ව, සහෝදරයා.” ඔහු නළල පිස දමමින් කෙකර ගෑවේ ය. “අපි කාමරය අතුගාන එක්කෙනාට ඒක කුණු බක්කියට දාන්න ඉඩ දෙමු. ඔයා තව බොන්න කැමැති ද, සහෝදරයා? බෝතලය ඉවරයි. ඊ ළඟ එක මා ගානේ. වේටර්! මේ ජාතියේ ම තව බෝතලයක් ගේන්න.”

“සහතිකයෙන් ම,” ටිමොෂෙන්කෝ කීවේ හිටි තැනින් නොසෙල්වී ය. මොරසොව් වීදුරු දෙක පිරවීය. මේසය මැදින් මිත්රතශීලී ලෙසින් නැඹුරු විය. තම හඬ අක්ෂරයෙන් අක්ෂරය නතු කරගනිමින් “ඔබ දන්නවා, සහෝදරයා, ඔයා මාව වැරදියට වටහා ගත්ත. ඒත් මම ඔයාට අවලාද කියන්නෙ නැහැ. මට ඔයාගේ අරමුණු දකින්න පුළුවන්. ඒව ගැන මම සත්යයෙන් ම කණගාටු වෙනවා. අකමැත්ත පළ කළ හැකි අය -අපි කියමු ගෞරව කරන්න බැරි අය?- කොච්චර දෙනෙක් මේ දවස්වල ඉන්නවා ද? අයෙක් ප්රවේසම් වෙන්න ඕන. අපි වඩා හොඳින් එකිනෙකාව අඳුනාගන්න ඕන, සහෝදරයා. බැලූ බැල්මට කියන්න අමාරුයි. ඔයා දන්නවානෙ, විශේෂයෙන් ම මේ වගේ ස්ථානයක දී. මට ඔට්ටුයි ඔයා හිතුව මම -මම කාල්පනියෙක් බව. නැත්නම් ඒ වගේ කෙනෙක් බව. එහෙම නේද? හරි විහිළුවක්, ඒක නේද?”

“හරි විහිළුවක්,” ටිමොෂෙන්කෝ කීවේ ය. “ඔයා මොකට ද බිම දිහා බලන්නෙ, මොරසොව් සහෝදරයා?”

“ඔහ්,” මොරසොව් කෙකර ගෑවේ ය. ගස්සා හිස ඉස්සී ය. “මම නිකම් මගේ සපත්තු දිහා බැලුවේ, සහෝදරයා. ඒක ටිකක් තදයි, ඔයා දන්නවානෙ, සුව පහසු නැහැ. සමහර විට ඒ මම වැඩිපුර හිටගෙන ඉන්න නිසා වෙන්නැති, ඔයා දන්නවානෙ, මගේ කාර්යාලයේ දී.”

“අහ් -හහ්,” ටිමොෂෙන්කෝ කීවේ ය. “කකුල් ගැන නොසලකා හරින්න එපා. ගෙදර ගියාම උණු වතුර බේසමක දාගෙන ඉන්න ඕන. උණු වතුරයි විනාකිරියි දාපු බේසමක. ඒක වේදනා දෙන කකුල් වලට හොඳ ප්රතිකාරයක්.”

“ඔහ්, ඇත්තටම? මට සතුටුයි ඔයා මට ඒක කීව එක ගැන. ඔව්, සත්යගයෙන් ම, බොහොම ස්තූතියි. මම මතක ඇතුව ඒක කරලා බලන්නම්. ගෙදර ගිය ගමන් කරන මුල් වැඩේ ඒක තමයි.”

“දැන් ඉතින් ගෙදර යන්න කාලෙ හරි නේද, මොරසොව් සහෝදරයා?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: