Sinhala story Blog

ඔක්තෝබර් 23, 2011

අපි ජීවත්වන්නෝ -321 මෙට්ටය මුදු නැති නිසා ඒකෙන් එයාගෙ බුරිය කසන්න ගත්ත නිසා

Filed under: Uncategorized — sinhalashortstories @ 9:35 පෙ.ව.

ටිමොෂෙන්කෝගේ හකු උඩින් මත්පැන් බිංදු බිංදු ඇද වැටේ.

ඔහු වීදුරුවක් පිරවීය. එය ඔහුගේ මුව සොයමින් ඔහුගේ අතේ අවිනිශ්චිතව සෙලවුණි. මොනවා ද බොන්නේ යැයි නොදැන ඔහු එය බිව්වේ ය. ඔහුගේ දෑස් රැඳී තිබුණේ මොරසොව්ගේ දෑස් සමඟ ය.

“1917 වසරේ දී අපි කළේ ඒක තමයි. දැන් මම කියන්නම් අපි ඒක කළේ මොකට දැයි කියල. අපි ඒක කළේ මොරසොව් පුරවැසියාට උදේ ට නැඟිටලා එයාගෙ බඩ කහන්න පුළුවන් වෙන්න. මොකද මෙට්ටය මුදු නැති නිසා ඒකෙන් එයාගෙ බුරිය කසන්න ගත්ත හින්ද. අපි ඒක කළේ එයාට ජනේලය අසලින් පුංචි වීදුරු ටියුබ් එකක මිටියාවතක වැවිච්ච ලිලී මල් දාලා තියන ලිමොසීනයක, තාරාවන්ගෙ පිහාටු වලින් පිරිච්ච කොට්ට මත ගමන් යන්න පුළුවන් වෙන්න. මේ වගේ තැනක ඔහුට කොනියැක් බොන්න පුළුවන් වෙන්න. නිවාඩු දවස්වල අමාරුවෙන් නැඟලා ගිහින් කම්කරුවන් ගැන රතු කොඩි ලෙල දෙන වේදිකාවක කතාවක් පවත්වන්න පුළුවන් වෙන්න. අපි ඒක කළා මොරසොව් පුරවැසියා, අපි ඒකට කඳ නමා ආචාරය පිළිගන්නවා. මා දිහා ඔහොම රවා බලාගෙන ඉන්න එපා, මොරසොව් සහෝදරයා, මම ඔයාගෙ යටහත් පහත් සේවකයා පමණයි. මම මට පුළුවන් තරම් හොඳින් ඔබට සේවය කරලා තියනවා. ඔයා සිනාවක් පාලා මට ස්තූති කරන්න ඕන. ඇත්තෙන් ම, ඔයාට මට ස්තූති කරන්න දේවල් ගොඩක් තියනවා.”

“සහෝදරයා!” මොරසොව් හති දැම්මේ ය, “මට යන්න දෙන්න!”

“ඔහොම හිඳින්!” ටිමොෂෙන්කෝ ගුගුලේ ය. “වත්කර ගන්න ඔයාට තවත් වීදුරුවක්. බොන්න. ඔයාට ඇහුණා ද? බීපන්, අවජාතකයා! බොන ගමන් අහගෙන හිටපන්!”
මොරසොව් අවනත විය. ඔහුගේ වීදුරුව බෝතලයේ වැදී සෙලවී නාද වුණි.

“ඔයා බලන්න,” ටිමොෂෙන්කෝ කීවේ ය, හරියට හැම වචනයක් ම උගුර ඉරාගෙන එළියට එන විලසිකිනි, “මට කමක් නැහැ අපි පරාජය වුනාට. මට කමක් නැහැ අපි ඉතා ම ලොකු අපරාධ අපේ උරහිසට අරගෙන ඒවා අපේ ඇඟිලි අස්සෙන් ලිස්සලා යන්න ඉඩ දුන්නට. දුම් පිඹින මිනිස් මකරෙක්, යකඩ හිස්වැසුමක් දාගෙන ඉන්න උස සටන්කාමීයෙක් අතින් පැරදුනා නම් මට කමක් නැහැ. ඒත් අපිව පරාජය කරලා තියෙන්නෙ තඩියෙක්. ලොකු, තරබාරු, හෙමින් යන, බ්ලොන්ඩ් පාට තඩියෙක්. තඩි දැකලා තියෙනවා ද කවදා හරි? බ්ලොන්ඩ් පාට අය තමයි වැඩියෙන් ම තරබාරු …. ඒක අපේ ම වැරැද්ද. එක කාලයක්, මිනිසුන් පාලනය වුනේ හෙණහඬට අධිපති දෙවියන් ගෙන්. ඒ කාලේ එයාලව පාලනය වුනේ සියපත් වලින්. දැන් එයාලව පාලනය වෙන්නෙ ප්රයිමසයෙන්. කාලයක් ඔවුන් තුල වූ ගෞරවයෙන් අල්ලා ගෙන සිටියා. ඊට පස්සෙ එයාලව අල්ලා ගෙන හිටියෙ භීතියට පත් කරලා. දැන් එයාලව අල්ලා ගෙන ඉන්නෙ බඩවල් වලින්. මිනිස්සු එයාලගෙ කරේ දම්වැල් දාගෙන ඉඳලා තියනවා. එයාගෙ මැණික් කටුවල දම්වැල් දාගෙන ඉඳලා තියෙනවා. එයාගෙ වළලුකර වල දම්වැල් දාගෙන ඉඳලා තියෙනවා. දැන් එයාලව අල්ලා ගෙන ඉන්නෙ උන්ගෙ ගුද පෘෂ්ටයෙන්. එකම දේ ඔබ වීරයන්ව ඔවුන්ගේ ගුද පෘෂ්ටයෙන් අල්ල ගත යුතු නැහැ. ඒක අපේ ම වැරැද්ද.”

“සහෝදරයා, දෙවියන්ගෙ නාමයෙන්, සහෝදරයා, ඇයි මට මේවා කියන්නෙ?”

“අපි පංසලක් හදන්නට උත්සාහ කළා. ඒත් අපිට වඳින්න තැනක් ලැබුණ ද? නැහැ! අනික, අපිට එළිපත්තෙ වැසිකිළියක් වත් ලැබුනෙ නැහැ. අපිට ලැබුනෙ පිළුණු ගඳ ගහන කුස්සියකුයි පාවිච්චි කරපු ලිපකුයි! අපි කේතලයක් යටින් ගින්නක් ගහලා ලේ එක්ක යකඩ සහ ගින්දර මිශ්රණයක් උණු කරමින් හැඳි ගෑවා. දැන් අපි ඒ උණු කරපු මිශ්රණයෙන් මොකක් ද හොයන්නෙ? අළුත් මනුෂ්යත්වයක්? ග්රනයිට් වලින් හැදිච්ච මිනිස්සු? නැත්නම් අඩු ම ගානේ හොඳ හා ඝෝර රාක්ෂයෙක් ද? නැහැ! කුඩා ඉතා දුර්වල දඟලන අය. ඩිංගිත්තන් නිසා දෙපැත්තට ම නැවෙන්න පුළුවන්, කිසිම පැත්තකට නැති ආත්ම තියෙන්නවුන්. කස පහරක් දෙන්න වත් නිහතාමනීව නැමෙන්නෙ නැතිවුන්. නැහැ! ඔවුන් කසය කීකරු විදියට ඉල්ලා ගෙන තමන්ට ම පහර දී ගන්නවා! කවදා හරි සමාජ ක්රියාශීලිත්වය සඳහා වූ සමාජයක රැස්වීමකට සහභාගී වෙලා තියනවා ද? යන්න ඕන. ඒක ඔයාට හොඳක් සිද්ධ කරාවි. මනුෂ්ය ජවය ගැන ගොඩක් ඉගෙන ගන්න ලැබේවි.”

“සහෝදරයා!” මොරසොව් හුස්ම ඉහළ පහළට දැම්මේ ය, “ඔයාට මොනවා ද ඕනා? ඔබට සල්ලි ද ඕනා? මම ගෙවන්නම්. මම …”

ටිමො‍ෂෙන්කෝ කොයි තරම් මහත් හඬ නඟමින් සිනා වූවා දැයි කිව්වොත් ඔවුන් වෙත හැරුණු හිස් නිසා මොරසොව් ඔවුනට නොපෙනෙන්ට මෙන් හැකිළිණ. “තඩියා!” ටිමොෂෙන්කෝ සිනහා නඟමින් ගුගුලේ ය. “ඔබ මෝඩයෙක්, ළඟ පමණක් දකින, සිහිය විකල් කරගත් තඩියෙක්! ඔයා කතා කරන්නේ කාට කියලා හිතුවා ද? වික්ටර් ඩුනේව් සහෝදරයාට කියලා හිතුවා ද? පවෙල් සියරොව් සහෝදරයාට කියල හිතුවා ද? සහෝදරයා …”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: