Sinhala story Blog

ඔක්තෝබර් 23, 2011

අපි ජීවත්වන්නෝ -320 අරගලය පරාජය කළ මිනිහාට!

Filed under: Uncategorized — sinhalashortstories @ 9:33 පෙ.ව.

ඔවුන් වීදුරු එකිනෙකට ගැටූහ.

කරකියා ගත නොහැකිව මොරසොව් හොරෙන් විපරම් කරමින් වටපිට බැලුවේ ය. එහෙත් ඔහුගේ උදව්වට කිසිවෙක් ආවේ නැත. ඔහු බීවේ ය, තොල් අද්දර දී ඔහුගේ වීදුරුව වෙව්ලී ය. හොඳහිත ඉල්ලන විලසින් ඔහු සිනාසුණි. “ඔබ මෙය කිරීම ලස්සනයි, සහෝදරයා,” ඔහු තොල් මතුරා අසුනින් නැඟිට්ටේ ය. “මම ඉතා අගය කරනවා එය සහෝදරයා. දැන් ඔයාට කමක් නැත්නම් මම යන්න ඕන …”

“ඔහොම ඉන්න,” ටිමෙෂෙන්කෝ අණ දුන්නේ ය. ඔහුගේ වීදුරුව පුරවා ගනිමින් ඔහු එය එසැවී ය. පුටුවේ ඇන්දට බර දී පිටිපස්සට හේත්තු වූයේ ය. සිනාවක් පෑ ය. එහෙත් ඔහුගේ සිනාව තව දුරටත් සුහද නොවී ය. ඔහුගේ අඳුරු වූ දෑස් මොරසොව් දිහා බලාගෙන හිටියේ ස්ථිර ව ය, සාවඥ ලෙස ය. “ශ්රේෂ්ඨ පුරවැසි මොරසොව්ට, අරගලය පරාජය කළ මිනිහාට!” ඔහු කියුවේ ය, හඬ හැම තැනම පැතිර යන ලෙසින් සිනහා වූයේ ය. ඔළුව පිටිපස්සට දමමින් එක උගුරකින් ගිල දමමින් වීදුරුව බී අවසන් කළේ ය.

“සහෝදරයා ..” ඇරගන්නට නොහැකි වූ තොල් යාන්තමින් බලහත්කාරයෙන් විවර කරමින් මොරසොව් මැතිරී ය, “සහෝදරයා … ඔයා ‍මොකක් ද අදහස් කරන්නේ?”

ටිමොෂෙන්කෝ තවත් මහ හඬින් සිනහ වෙන්නට වූයේ ය. ඔහු මේසය දිගින් ඇදී මොරසොව් අසලට ළං වූයේ ය. දහදියෙන් හිසට ඇලවුනු කළු කැරලි කෙස් රොදවල් උඩින් වැටී තිබිණ කැප් තොප්පිය හිසේ පිටුපස්සට ඇදී යද්දී, හදිසියේ ම කපා හැරිය ලෙසකින් සිනාව නැවතිණ. හඬ පැතිර වූ හිනාවට වඩා මොරසොව් භීතියට පත් කරන මුහුණේ ඇඳි හිනාවකින්, මුදු බසින්, එකඟ කරවා ගන්නා ස්වරයකින්, “බයවෙලා වගේ බලන්න එපා, මොරසොව් පුරවැසියාණෙනි. මා ගැන ඔයා බයවෙන්න ඕන නැහැ. මම පරාජයට පත් වූ කාලකණ්ණියෙක් පමණයි. මොරසොව් පුරවැසියාණෙනි, ඔයා විසින් පරාජය කළ අයෙක්. මට ඕනා එකම දෙයයි. ඔයාට කියන්න නිහතමානීව, මම දන්නවා මම පරාද වුනා කියල. මම ඒක ගැන කිසිත් අමනාපයක් නැහැ. යකාට ගියාවේ, මොරසොව් පුරවැසියාණෙනි, මට ඇත්තේ ඔබ ගැන හෘද්යාංගම ප්රශංසාවක්. මුළු ලෝකය ම දුටු විශිෂ්ඨතම විප්ලවය අරගෙන ඔබ ඒකෙන් තමන්ගෙ කලිසමේ පස්ස පැත්ත පිහ ගත්ත!”

“සහෝදරයා,” දැඩි අධිෂ්ඨානයෙන් පිරි නිල් පැහැති තොල් වලින් මොරසොව් කීවේ ය, “ඔයා මොනවා කියනවා දැයි මම දන්නෙ නැහැ.”

“ඔව්, පැහැදිලිව ම,” පසුතැවිලි ස්වරයකින් ටිමොෂෙන්කෝ කීවේ ය, “ඔව්, පැහැදිලිව ම, ඔබ දන්නවා. ඒ ගැන මම දන්නවාට වඩා වැඩියෙන් ඔබ දන්නවා. අපි දිහා ලෝකේ වටේ ඉඳන් පූජනීය ලෙසින් බලා ඉන්න මිලියන ගණනක තරුණ පිරිස් වලට වඩා හොඳින් ඔබ දන්නවා. ඔවුන්ට ඔබ කියන්න ඕන, මොරසොව් සහෝදරයා, ඔවුන්ට කියන්න ගොඩක් දේවල් ඔබට තියනවා …”

“අවංකව ම, සහෝදරයා, මම …”

“ඔන්න අරගන බලමු, ඔයා දන්නවා ඔයා අපිව එහෙම කරන්න මෙහෙයුවේ කොහොමදැයි කියල. මම දන්නෙ නැහැ. මම දන්නෙ අපි එහෙම කළ බව විතරයි. අපි විප්ලවයක් කළා. අපිට රතු බැනර් තිබුණ. ලෝක කම්කරුවන් වෙනුවෙන් අපි ජයගත් බව ලෝකයට කියන රතු බැනර් අපිට තිබුණ. ලෝකෙ පෑගිලා ඉන්න අහිංසකයෝ සේරම වෙනුවෙන් එයාලගේ පරිහානියට ගිය ජීවිත ගොඩගන්න අපි සටන ජයගත්තා කියල හද පත්ලෙන් විශ්වාස කරපු මෝඩයෝ අපිට ඉන්නවා. ඒත්, මොරසොව් සහෝදරයා, ඔයයි මායි, අපිට රහසක් තියනවා. අපි දන්නවා, ඒත් අපි කියන්නෙ නැහැ. ඇයි කියන්නෙ? ලෝකයට ඒක අහන්න ඕන කමක් නැහැ. අපි දන්නවා ඒ විප්ලවය -ඒක කළේ ඔයාට හරියන්න වගෙයි, මොරසොව් සහෝදරයා, මගේ තොප්පිය ගලවා මම ඔබට ආචාර කරනවා!”

“සහෝදරයා, ඔයා කවුරු වුනත්, සහෝදරයා,” මොරසොව් කෙඳිරිගෑවේ ය, “ඔයාට කුමක් ද උවමනා?”

“ඒක ඔයාගෙ යැයි ඔයාට කියන්න පමණයි, මොරසොව් සහෝදරයා.”

“මොකක් ද?” මොරසොව් ඇහුවේ ඔහුට සිහි විකල් වී යනවා දැයි කල්පනා කරමිනි.

“විප්ලවය,” ටිමොෂෙන්කෝ සුහදව කීවේ ය, “විප්ලවය. ඔයා දන්නවා ද මොකක් ද විප්ලවයක් කියන්නෙ කියලා? මම කියා දෙන්නම්. අපි මැරුවා. අපි වීදිවල ඉන්න මිනිස්සු, ගෙවල් වල බිම් මහල් වල ඉන්න මිනිස්සු, අපේ නැව්වල හිටපු මිනිස්සු .. අපේ නැව්වල හිටපු මිනිස්සු … මට මතකයි .. එක කොල්ලෙක් හිටියා -නිලධාරියෙක්- එයාට වයස විස්සක් වත් නැතිවෙන්න ඇති. එයා කුරුසියේ සටහන ඇන්ඳ. ඒක එයාගෙ අම්මා එයාට කියලා දෙන්න ඇති. එයාගෙ කටින් ලේ වැගිරුණා. ඔහු මා දිහා බලාගෙන හිටිය. එයාගේ ඇස් -ඒ ඇස් තව දුරටත් බියෙන් වූ ඇස් නොවුන. ඒවා හරියට පුදුමයට පත් වෙච්ච ඇස් වගේ. එයාගෙ අම්මා එයාට කියා නොදුන්න යමක් ගැන. ඔහු මා දිහා බැලුව. ඒක තමයි එයාගෙ අන්තිම ක්රියාව. එයා මා දිහා බැලුව.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: