Sinhala story Blog

ඔක්තෝබර් 23, 2011

අපි ජීවත්වන්නෝ -318 ස්ටීවන් ටිමොෂෙන්කෝ පක්ෂ සාමාජිකයෙකි

Filed under: Uncategorized — sinhalashortstories @ 9:28 පෙ.ව.

යුරෝපීය උද්යාන වහලේ වූ අවන්හලේ සිවිලිම නිමැ වී තිබුනේ වීදුරු වලිනි.

අන්ධකාරය පෙනුනේ කළු ශුන්යයක් ලෙස ය. යකඩින් තැනූ බොකු වහලකට වඩා දැඩිව යටින් ඉන්නා අයව තද කර පාගා ඇති සේ ය. එතැන ලයිට් දල්වා තිබුණි. සිගරැට් දුමින් පිරි අවන්හලේ ඒ කහ ලයිට් යාන්තමින් එළියක් පැතිරී ය. ඇතුලත වූ උෂ්ණත්වයෙන් හා පිටතින් එන අන්ධකාරයෙන් පාගා දමන තද කිරීමෙන් මිරිකී සිටින ලයිට් මෙන් පෙනුණි. සුදු මේස විය. ඒ මත කහ පැහැයෙන් දිළිසෙන හැඳි ගෑරුප්පු විය.

පිරිමි මේස අසල වාඩි වී සිටියහ. ඔවුන් පැළඳි දියමන්ති කමිස ආභරණ වල කහ දිස්නය වැදිණ. ඔවුන්ගේ රතු මුහුණු වල පිරි දහදිය බිංදුවල කහ දිස්නය වැදිණ. ඔවුන් ආහාර අනුභව කළහ. ඉතා උනන්දුවෙන් ඔවුන් තම පිඟන් වලට නැඹුරු වී සිටියහ. පුදුමයෙන් යුතුව හනිකට කෑම විකා දැමුවහ. ඔවුන් කිසිත් කරදර සිත් නැතිව සන්ධ්යාවක් ගෙවා දමනවා නොවේ. ඔවුන් ආහාර බුදිති.

එක කොණක, සුදු පිඟානක වූ රතු මස් පෙත්තක් උඩින් නැවී තිබි කහ පැහැති තට්ට ඔළුවකි. පිරිමියා ඔහුගේ විසල් රතු තොල් වලින් තලු මරමින් මස් පෙත්ත කැපුවේ ය. ඔහුට ඉදිරියෙන් මේසයේ අවුරුදු පහළොවක රතු හිසකෙස් ඇති කෙල්ලක් ඉක්මණින් කෑම කෑවා ය. ඇයගේ හිස උරහිස් වෙත නැවී තිබුණි. ඇය හිස ඔසවද්දී ඇයගේ ගෝමර වැටි කෙටි නැහැයේ අග සිට ගෝමට වැටි බෙල්ල දක්වා ඇය ලැජ්ජාවෙන් රතු වූවා ය. ඇය කෑ ගහන්නට හදනවා මෙන් ඇයගේ මුව ඇද වී තිබුණි.

අඳුරු ජනේල කොණක් අසල කවුදෝ තදින් සිගරැට් දුම් පිට කරයි. සිහින් සිරුරකින් වූවෙකි. ඔහුගේ දිගු මුහුණ අනාගතයේ දී හිස්කබලක් විය හැකි ආකාරය මනාව පිළිබිඹු කළේ ය. ඔහු පුටුවේ පසුපස කකුල් වලින් පුටුව පද්දවමින්, සිහින් දිගු කහ පැහැති ඇඟිලි වලින් අල්ලා ගත් සිගරැට්ටුවකින් නොනවත්වාම දුම් බොමින් සිටියේ ය. ඔහුගේ පැතලි නැහැයෙන් දුම් පිටවෙද්දී, ඔහු සාවඥ හා රෝගී බවකින් යුතු හිනාවක් පාමින් සිටියේ ය.

කාන්තාවන් මේස වටා ඇවිද්දේ නුහුරුවට ය. ලැජ්ජාවෙන් යුතු අහංකාරකමකිනි. සුමුදු රත්තරන් පැහැති හිසකෙස් පිරි ඔළුවක් අස්ථිර ලෙසකින් ලයිට් එළියට යටින් වැනුනි. විසල් ඇස් වටා තද නිල් රවුම් වැටී ඇත. නපුරු නින්දා සහගත සිනාවකින් තරුණ මුව විවෘත ය. කාමරය මැද, උරහිස් ඇට එළියට නෙරා පැන ඇති, කුලල් ඇට පෑදිච්ච කෘශ සිරුරකින් යුතු වූ, තම හමේ පැහැය මඩ පැහැති කෝපි පාටින් වූ කාන්තාවක් පමණට වඩා වැඩි හඬකින් සිනාසුණි. ඇයගේ තොල් විවර වුනේ ශක්තිමත් සුදු දත් පෙළක් හා තද රතු වීදුරු මස් වෙන් කරමින් කැපුණු තුවාලයක් ඇරෙන විලසකිනි.

සංගීත කණ්ඩායම වාදනය කළේ ‘ජෝන් ග්රේ’ සංගීතයයි. කෙටි, මොට තනුවන් අවකාශයට විසි කරමින්, ඒවා පැහෙන්නට පෙර තන්ත්රී වලින් ගලවා යවන ලෙසකිනි. වෙව්ලන රිද්මයේ අල්ලා ගත නොහැකි සතුට සැඟ වී තිබිණ.

මේස මතට නියාලුව සහ නුවුමනා ආචාරශීලිත්වයෙන් නැවුනු සේවකයෝ හඬ නොනඟමින් සෙනඟ අතර එහා මෙහා ගියහ. ඔවුන්ගේ එල්ලා වැටි කම්මුල් වලින් පෙන්වූයේ ගෞරවය, අවඥාව හා සතුටින් සිටින්නට මහත් උත්සාහයක් ගන්නා නුහුරු ගතියෙන් වූ අය වෙත පෑ අනුකම්පා ව ය.

පසු දා උදෑසනට පෙර මුදල් සොයාගත යුතු බව මොරසොව් ට මතක තිබුණි. ඔහු යුරෝපීය වහලේ අවන්හලට ආවේ තනිවම ය. ඔහු මේස තුනක තුන් වතාවක් වාඩි වූයේ ය. ඔහු සුරුට්ටු හතරක් බිව්වේ ය. කලබලයක් නොපෙන් වූ පෘථුල සිරුරු යුතු වූවන්ගේ කන් පහකට විශ්වාසවන්තව රහසින් කෙඳුරුවේ ය. පැය දෙක අවසානයේ දී ඔහුගේ පසුම්බියේ අවශ්ය මුදල තැන්පත් විය.

ඔහු සහනය ලැබුවෙකු සේ තම නළල පිහිදා ගත්තේ ය. අඳුරු කොනක වූ මේසයක තනිවම වාඩි වී කොනියැක් වීදුරුවක් ඇණවුම් කළේ ය.

ස්ටීවන් ටිමොෂෙන්කෝ සුදු මේස රෙද්දක් ඇතිරූ මේසයක් මත කොතරම් ඇල වී සිටියා දැයි කිවහොත් ඔහු මේසය අසල හිඳගෙන නොව මේසය මත නිදාගෙන සිටින ලෙසින් දිස්විය. ඔහුගේ ඔළුව ඔහු වැලමිට උඩ රැඳින. ඔහුගේ පළල් බෙල්ල අසල ඔහුගේ ඇඟිලි දකින්නට ලැබිණ. ඔහුගේ අනෙක් අතේ වීදුරුවකි. වීදුරුව හිඳී යද්දී ඔහු අවිනිශ්චිතව එය ඉහළට ඔසවා සිටියි. එක අතකින් වීදුරුව පුරවන්නේ කෙසේදැයි කියා සිතාගත නොහැකි ව සිටියි. ඔහු ගැටළුව විසඳුවේ වීදුරුව මහත් සද්දයක් නඟමින් බිඳ වැටෙන්නට පොළවට අත හැරීමෙනි. අනතුරුව හේ බෝතලය කටට තබාගත්තේ ය. හෝටලයේ මහ සේවකයා ඔහු දිහා ඇස් කොනකින්, නළල රැළ කරමින්, නොසන්සුන්ව බැලීය. ඔහු නළල රැළි කළේ සාව හමෙන් නිමැ වූ කොලරය ඇති කබාය දිහා බලමිනි. එක කනක් මතින් පහළට ලිස්සන නාවුක තොප්පිය දිහා බලමිනි. අනිත් මේසයේ වාඩි වී සිටි කාන්තාවකගේ සැටින් ගවුම් වාටියේ මඩ පහරක් සටහන් කරමින් දිගට ඇදී තිබි මඩ සපත්තු දිහා බලමිනි. ඒත් අවන්හලේ මහ සේවකයා ප්රවේසම් විය යුතු ය. ස්ටීවන් ටිමොෂෙන්කෝ මීට කළින් අවන්හලට පැමිණ ඇත්තෙකි. ඔහු පක්ෂ සාමාජිකයෙක් බව කවුරුත් දන්නා කාරණයකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: