Sinhala story Blog

ඔක්තෝබර් 19, 2011

අපි ජීවත්වන්නෝ -315 ඒ අපි සියරොව්ට දෙන්න තිබ්බ මුදල්

Filed under: Uncategorized — sinhalashortstories @ 6:54 පෙ.ව.

“ගොඩක් වෙරිමතෙන්, මගෙන් ඇහැව්වොතින්,” හදිසියේ නැඟි කෝපයකින් මොරසොව්ගේ මුහුණේ වූ ගෝමර තිත් නොපෙනී යන්නට තරම් මුහුණ රතු විය.

“කොච්චර වෙරිමතින් ද කිව්වොත් මම අද උදේ නැඟිටිද්දී එයා ඉස්තෝප්පුවේ දිවානයේ මුළු ඇඳුම් සූට් කට්ටලය එක්කම දිගාවෙලා නිදි. භූමි කම්පාවකින් වත් නැඟිට්ටවන්න බැරි විදියට.”

“ඉතින්,” ලියෝ ගණනකට නොසලකා හරිමින් ඇසුවේ ය, “ඒකට මොකෝ?”

“ඒක ඉහළින් පැවත්වෙච්ච සාදයක්,” ඇන්ටෝනියා පැව්ලොව්නා කීවා ය. “ලියෝට සල්ලි වියදම් කරන්න පුළුවන් හැටි! ඒක බලන්න අපූරු දැක්මක්. ඇත්තෙන් ම, ලියෝ ඩාලිං, ඔයා අවදානම් ගත්තා වැඩියි ඒ වුනාට.”

“මොකක් ද මම කළේ? මට මතක නැහැ.”

“ඉතින්, මට කමක් නැහැ ඔයා රූලෙට් මේසයේ දී සල්ලි නාස්ති කරගත්තට. අර ඔයා කඩපු ලාභ වීදුරුවට රූබල් දහයක් දීමත් ඉතින් ‍ප්රිය උපදවන්නක්. ඒත් ඔයා වේටර්ලාට රූබල් සීයක ටිප් දීම නම් කරන්න තිබ්බෙ නැහැ.”

“ඇයි එපා? ඔවුන්ට පෙනිච්චාවේ අද ඉන්න රතු කුණු ගොඩවල් අතරත් වැදගත් මිනිහෙක් අතරත් වෙනස.”

“ඔව්, ඒත් ඔයා අකමැති සිංදුවක් වාදනය කරන්න පටන් ගන්න හැම සැරේටම ඒක නවත්තන්න සංගීත කණ්ඩායමට රූබල් පනහක් දීමත් කරන්න තිබ්බෙ නැහැ. ඉතින් ඊට පස්සෙ, එතැන හිටපු ලස්සන ම කෙල්ල හොයාගෙන, කවදා වත් ඔයා දැකලා වත් නැති එයාට, අමුත්තන් ඉදිරියේ ඇඳුම් ගලවන්න කියලා ඔයා එයා කියන ඕනෑම ගාණක් ගෙවන්නම් යැයි ඉදිරිපත් වුනා. ඔයා ඒ සීයේ කොළ ඇයගේ යට ඇඳුම් වල එබුවා …”

“ඉතින්,” ලියෝ දෙවුර හැකිළීය, “ඇයට ලස්සන දේහයක් තිබුණ.”

“අපි යමු, ලියෝ,” කීරා කීවා ය.

“පොඩ්ඩක් ඉන්න, ලෙව් සර්ගියෙවිච්,” පීරිසය මේසයේ තබමින් මොරසොව් හිමිහිට කීවේ ය, “ඔයාට කොහෙන් ද ඒ සල්ලි ඔක්කොම ලැබුනේ?”

“මම දන්නෑ,” ලියෝ කීවේ ය, “ටෝනියා මට දුන්නෙ.”

“ඇන්ටෝනියා, කොහෙන් ද ඔයා ..”

“ඔහ්?” ඇන්ටෝනියා පැව්ලොව්නා ඇස් බැමි උස්සා කම්මැලි ගතියක් පෑවේ ය, “අර කුණු කූඩය යට ඔයා තියලා තිබුණු පොදිය මම ගත්තෙ.”

“ටෝනියා!” මොරසොව් ගුගුලේ ය, උඩ පැන්නේ ය, මේසය මත වූ තේ කෝප්ප පීරිසි සියල්ල හෙලවුණි. “ඔයා ඒක ගත්තෙ නැහැ!”

“සත්තකින් ම මම ගත්ත,” ඇන්ටෝනියා පැව්ලොව්නා නිකට දික් කර එදිරිවාදී ව කීවා ය. “මට පුරුදු නැහැ සල්ලි ගැන එහෙම බැන වදිනවාට. මම ඒක ගත්ත. ඒක එච්චරයි. ඉතින් ඔයා ඒ ගැන මොකක් ද කරන්නෙ?”

“මගේ දෙවියනේ! අහෝ මගේ දෙවි‍යනේ! අහෝ උඩ ඉන්න මගේ දෙවියනේ!” මොරසොව් තම අත් වලින් හිස බදාගෙන ඔළුව වනමින්, දුන්න කැඩුණු සෙල්ලම් බඩුවක් සේ වැනෙන්නට වූයේය. “අපි මොකද කරන්නෙ? ඒ අපි සියරොව්ට දෙන්න තිබිච්ච මුදල්. ඒක දෙන්න තිබ්බෙ ඊයේ. අපිට වෙන රූබලයක් වත් නැහැ අතේ … ඉතින් සියරොව් … ඉතින්, මම අද ඒක දුන්නෙ නැත්නම්, ඔහු මාව මරාවි .. මම මොකද කරන්නේ? … ඔහු කැමති නැහැ බලාගෙන ඉන්න ..”

“ඔහ්, ඔහු කැමති නැහැ, එහෙම ද?” ලියෝ හිත්පිත් නැති ලෙසින් කෙකර ගෑවේ ය. “ඉතින්, ඔහුට බලාගෙන ඉන්න සිද්ධ වෙයි, ඔහු ඊට කැමති වෙයි. පර බල්ලෙක් වගේ කන් කෙඳිරිල්ලිය නවත්ත ගන්න. ඔයා මොකට ද බය වෙන්නෙ? අපිට මුකුත් කරන්න එයාට බැරි බව එයා දන්නවා.”

“මට ඔයා ගැන පුදුමයි, ලෙව් සර්ගියෙවිච්,” මොරසොව් ගෙරවීය, ඔහුගේ ගෝමර රතු පැහැයෙන් වැසී ගිහින් ය,
“ඔයාට ඔයාගෙ නිසි කොටස ලැබෙනවා, නැද්ද? ඔයා හිතන්නේ ඒක උදාර වැඩක් කියල ද ගන්න එක ..”

“උදාර?” ලියෝ පැතිර යන්නට තරම් හඬින් පෑවේ ඔහුගේ සතුටින් පිරී ගියා වූ, සැහැල්ලුවෙන් පිරී ගියා වූ, හැකි තරම් අවඥා සහගත වූ හිනාව ය. “ඔබ කතා කරන්නේ මට ද? මගේ හිතවත් යාළුවා, ඒ වචනය ගැන කිසිම සිත් කරදරයක් කර නොගන්නට විශිෂ්ඨ වරප්රසාදයක් මම ලබාගෙන තියෙන්නෙ. කිසිම විදියකින් නැහැ. ඇත්තෙන් ම කිව්වොත්, යම්‍ විශේෂයෙන් නොහොබිනා වැඩක් ගැන ඔයාට ඇහුනොත් -ඔයාට විශ්වාස කරන්න පුළුවන් මම තමයි ඒක කරන්නෙ තියෙන්නෙ කියල. වැඩියෙන් ම පහත් තරමට වැඩියෙන් හොඳයි. මම ඔබට ‍සුබ දවසක් පතනවා … එන්න, කීරා.” ඔහු අවිනිශ්චිත ලෙසින් වටපිට බැලීය: “කෝ මගේ තොප්පිය?”

“ඔයාට අමතක ද, ලියෝ?” ඇන්ටෝනියා පැව්ලොව්නා ඔහුට ආදරයෙන් මතක් කර දුන්නා ය. “ගෙදර එද්දී ඔයා ඒක නැති කරගත්ත.”

“අන්න හරි, මම නැති කරගත්ත. ඉතින්, මම වෙන එකක් මිල දී ගන්නම්. එකට තුනක් මිල දී ගන්නම්. සමුගන්නම්.”

කීරා අශ්ව කරත්තයක් කැඳවා ගත්තා ය. ඔවුන් ගෙදර ගියේ නිහඬව ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: