Sinhala story Blog

ඔක්තෝබර් 17, 2011

අපි ජීවත්වන්නෝ -313 මට වෙන මුකුත් ඉතිරි වෙලා නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 4:43 ප.ව.

“කීරා, මගේ දයාබරිය, ඔයාට පේන්නෙ නැද්ද අපි කරන්නේ කුමක් දැයි කියා?

ඇයි අපිට හැංගිලා ඉඳිමින් බොරු කියන්න සිද්ධ වෙන්නෙ? ඇයි මට මේ ආපහු අපි හමුවෙන්නෙ කවදාද කියල පැය, දින, සති ගණන් කරමින් වේදනාව උහුලගන්න බැරිව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ? ඔයාව දැක්කෙ නැත්නම් සිහි විකල් වෙයි කියලා හිතෙන වෙලාවට ඇයි මට ඔයාව අමතන්න කිසිම අයිතියක් නැතිවෙලා තියෙන්නෙ? ඇයි මම නිහඬ වෙලා සිටිය යුතු? ඇයි මට ඒ සියල්ලන් ට ම කියන්න බැරි, ලියෝ කොවැලෙන්ස්කි වගේ පිරිමින්ට කියන්න බැරි, ඔයා මගේ කියල, ඔයා … ඔයා මගේ භාර්යාව කියල?”

ඇය තව දුරටත් බිය වූ බවක් පෙන්වූයේ නැත. ඔහු උච්චාරණය කල නම ඇයට ධෛර්යයක් දුනි. ඇයගේ විශිෂ්ඨතම, දැඩි ම වූ, සටන් බිමක තිබිය යුතු ධෛර්යය. “අන්ද්‍රෙ, ම‍ට බැහැ,” ඇය කීවා ය.

“ඇයි?”

“මම ඉතා හදිසියෙන් ඔයාගෙන් යමක් ඉල්ලා සිටියොත් ඔයා ඒක මට දෙනවා ද?”

“ඕනෑම දෙයක්.”

“ඇයි කියලා අහන්න එපා.”

“හොඳයි.”

“අනික, මට පිටරට යන්න බැහැ. ඒත් ඔයාට තනිවම යන්න ඕනා නම් …”

“අපි ඒක අමතක කරමු, කීරා. මම ප්‍රශ්න අහන්නෙ නැහැ. ඒත් මම තනිවම යන එක ගැන -ඔයා හිතන්නෙ නැද්ද ඔයා ඒ ගැන කීම හොඳ නැහැ කියලා?”

ඇය සිනාසුනා ය. උඩ පැන නැඟිට්ටා ය. “ඔව්, අපි ඒක අමතක කරලා දාමු. අපි අපේ ම කියපු පුංචි යුරෝපයක් මෙතැන හදා ගමු. මම ඔයා දුන්න තෑග්ග දාලා බලනවා. අනිත් පැත්තට හැරෙන්න. ඔන්න බලන්න එපා.”

ඔහු අවනත විය. ඔහු නැවත හැරුණු විට, ඇය උදුන අසල සිටගෙන සිටියා ය.

ඇයගේ දෑත් ඔළුවට පිටුපසින් බැඳගෙන ය. තුනී කළු මීදුමක් වැන්නකින් ආවරණය වූ ඇයගේ සිරුරට පිටුපසින් උදුනේ ගින්න දැල්වෙයි.

ඔහු ඇයව ආපස්සට හරවා අල්ලා ගත්තේ ය. පහතට කඩා වැටුනු ඇයගේ කෙස් කලාපය ගින්නේ එළියෙන් රතු පාටින් දිස්විය. ඔහු රහසින් කොඳුරයි: “කීරා .. මම අද රෑ පැමිණිලි කළා නෙමෙයි. .. මම සතුටින් … මට සතුටුයි වෙන කිසිත් නැතිවුනාට ඔයා ඉන්න එක ගැන …”

ඇය කෙඳිරිගෑවා ය: “අන්ද්‍රෙ, එහෙම කියන්න එපා! කරුණාකරලා, කරුණාකරලා, එහෙම කියන්න එපා!”

ඔහු නැවතත් එසේ නොකීවේ ය. ඒත් ඔහුගේ දෑස්, ඔහුගේ දෑත්, ඇයගේ සිරුරට දැනුන ඔහුගේ සිරුර, හඬක් නොනඟා ඇය වෙත හැඬුවේ ය: “මට වෙන මුකුත් ඉතිරි වෙලා නැහැ ඔයා පමණයි … කිසිත් නැහැ … ඔයා පමණයි.”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: