Sinhala story Blog

ඔක්තෝබර් 16, 2011

අපි ජීවත්වන්නෝ -312 මම හරියට නිරුවත් වෙලා වගේ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:35 පෙ.ව.

ඉක්බිතිව ඔහු ‍නිහඬව හැරී, දිගු පටු පෙට්ටියක් රැගෙන එය ඇයගේ ඔඩොක්කුව මතට දමා හිටගෙන සිනාවෙමින් ඇය දිහා බලාගෙන සිටියේ ය.

“මේ මොකක් ද, අන්ද්රෙ?” ඇය ඇසුවා ය.

“පිටරටින් යමක්.”

ඇය කඩදාසිය ඉරා එළියට ගත් පෙට්ටිය හැරියා ය. ඇයගේ මුව සද්දයකින් තොරව විවර විය. කළු ෂිෆොන් වලින් නිමැ වූ නිදන ඇඳුමක් එහි තිබිණ. එය කොතරම් විනිවිද පෙනෙන ලෙසකින් නිමා වී තිබියා දැයි කිවතොත් එහි නැවුන කළු රෙදි පොටවල් අතරින් උදුනේ නටන ගිනි දැල් දැකිය හැකි විය. එය ඇය තම බියගත්, පුදුමය පිරි ඇඟිලි වලින් අල්ලා ගෙන සිටියා ය. “අන්ද්රෙ … ඔයා කොහෙන් ද ඒක ගත්තේ?”

“හොරබඩු ප්රවාහකයෙකු ගෙන්.”

“අන්ද්රෙ! ඔයා -හොරබඩු ප්රවාහකයෙකු ගෙන් මිල දී ගන්නවා?”

“ඇයි එපා?”

“නීති විරෝධී … කාල්පනිකයෙකු ගෙන්?”

“ඔහ්, ඇයි බැරි? මට ඕන වුනා. මම දැන සිටියා ඔයාට ඕන වෙයි කියල.”

“ඒත් එක කාලයක් තිබුණ …”

“එහෙම කාලයක් තිබුණා. දැන් නෙමේ.” ඇයගේ ඇඟිලි ඒවායේ කිසිත් රැඳී නැති ලෙසකින් කළු ෂිෆෝන් ‍ගුලි කර ගති. “ඉතින්?” ඔහු ඇසුවේ ය. “ඔයා කැමති නැද්ද?”

“අයියෝ අන්ද්රෙ!” ඇය කෙඳිරි ගෑවා ය. “අන්ද්රෙ! පිටරට අය මේ වගේ ඒවා අඳිනවා ද?”

“එහෙම නේන්නම් පේන්නෙ.”

“කළු යට ඇඳුම්? කොහොම ද .. ඔහ්, හරි පිස්සුවක් ඒ වගේම කොයි තරම් සුන්දර ද?”

“ඒවා තමයි ඒ අය කරන්නෙ පිටරට වල. එයාලා බය නැහැ ලස්සන දේවල් කරන්න පිස්සු වැඩ වුනාට. එයාලා හිතනවා ලස්සන විතරක් ඇති ඒක විතරක් හේතුවක් වුනාට කමක් නැහැ කියල යමක් කරන්න.”

ඇය හිනා වූවා ය. “අන්ද්රෙ , ඔයා ඔහොම කියනවා ඇහුනොත් ඔයාව පක්ෂයෙන් පන්නලා දායි.”

“කීරා, ඔයා කැමති ද පිටරට යන්න?”

කළු නිදන ඇඳුම බිමට වැටුණි. ඔහු සංසුන් ලෙස සිනාවෙමින් එය ඇහිඳ ගත්තේ ය. “මට සමාවෙන්න, මම ඔයාව බය කළා ද, කීරා?”

“මොකක් ද … මොකක් ද ඔයා කිව්වේ?”

“මේ අහන්න!” හදිසියේ ම ඇය අසලින් ඔහු දණගසා ගත්තේ ය. ඔහුගේ අත් ඇය වටා ගියේ ය. ඇය කවදාවත් දැක නැති භයානකත්වය ගණනකට නොගන්නා උනන්දුවකින් ඔහුගේ දෑස තියුණු අවධානයකින් පිරී තිබිණි. “ඒක මට ටික කාලයක ඉඳන් ඇති වෙලා තියන අදහසක් … මුලින්, මම හිතුවා ඒක උමතුවක් කියල, ඒත් ඒක ආපහු ආපහු මා වෙත එන අදහසක් .. කීරා, අපිට පුළුවන් .. ඔයාට වැටහෙනවා ද? පිටරට … හැමදාට ම ..”

“ඒත්, අන්ද්රෙ ..”

“ඒක කරන්න පුළුවන්. මට තවමත් පුළුවන් රහස් පොලීසියේ රහසිගත වැඩකට මාව පත්කර යැවෙන විදියක් හදා ගන්න. මගේ ලේකම් හැටි‍යට යන්න මම ඔයාටත් ගමන් බලපත්රයක් හදා ගන්නම්. අපි මායිම පසු කරා ම -අපි ‍වැඩේ අත්හැරලා දාලා, අපේ රතු ගමන් බලපත්ර විසි කරලා, අපේ නම් අත්හැරලා දාමු. එයාලට ආයේ හොයාගන්න බැරි තරම් ඉතා ඈත දුරකට අපි පැනලා යමු.”

“අන්ද්රෙ, ඔයා දන්නවා ද ඔයා මොකක් ද කියන්නේ කියලා?”

“ඔව්, මම නොදන්න එකම දේ මම එහෙ ගියාම මොනවා ද කරන්නෙ කියලා විතරයි. මම තාම ඒක දන්නෙ නැහැ. මම ඒ ගැන හිතන්න බියයි, මම තනියම ඉන්න කොට. ඒත් දැන් මට ඒ ගැන හිතන්න පුළුවන්. මට ඒ ගැන කතා කරන්න පුළුවන් ඔයා මා ළඟින් ඉන්න කොට. අපි අවට දකින දේවල් මම වැඩියෙන් දකින්න කළින් මට පැනලා යන්න ඕන. එක පාරින් සේරමෙන් ගැලවෙන්න. මම කැමතියි අළුතින් පටන් ගන්න. මුල ඉඳලා. කිසිම දැයක් නැති තැනක ඉඳලා. ඒත් ඒකට මට ඔයාව ඕන. ඉතිරියෙන් කිසිම වැඩක් නැහැ. ඔයාගෙන් මම ඉගෙන ගන්න දේවල් දැන් මට හිමිහිට වැටහෙන්න පටන් ගෙන. එය තව දුරටත් වටහා ගන්න පුළුවන් වේවි.”

“අන්ද්රෙ,” ඇය ගොත ගහන්නට වූවා ය, “ඔයා තමයි ඔයාගෙ පක්ෂයෙන් ලෝකයට දුන්න හොඳම දේ …”

“ඉතින්, කියන්න. කියන්න මම ද්රෝහියෙක් කියල. මට කමක් නැහැ. සමහර විට මම ද්රෝහියෙක් වෙන්නැති. නැත්නම් සමහර විට මම දැන් ද්රෝහිවීම නවත්තලා ඇති. සමහර විට මම මේ පහුගිය අවුරුදු කිහිපයේ දී ම ද්රෝහියෙක් වෙන්න ඇති. මම දන්නෙ නැහැ. මට කමක් නැහැ. මට දැනෙන්නෙ මම හරියට නිරුවත් වෙලා වගේ කියල. නිරුවත්, හිස්, සහ පැහැදිලියි. මොකද, ඔයා බලන්න, ඔවුන් ඒ පැවැත්ම යයි කියන අවුලේ කිසිම ස්ථිර බවක් මට දැනෙන්නෙ නැහැ. ඔයා හැරෙන්නට වෙන කිසිම දෙයක.” ඔහු කීරාගේ දෑස්වල වූ බැල්ම දැක්කේ ය. “මොකද කාරණය, කීරා? ඔයාට බය වෙන්න මොකක් හරි දෙයක් මම කිව්වා ද?” යැයි මුදු ලෙසින් ඇසුවේ ය.

ඔහු දෙස නොබලා ඇය රහසින් කෙඳිරී ය, “නැහැ, අන්ද්රෙ.”

“මම එක සැරයක් මගේ ඉහළ ම ගෞරවය ගැන කියපු දේ -මගේ ඉහළ ම ගෞරවය- මතක ද?”

“ඔව් ..”

“කීරා, ඔයා මා හා විවාහ වෙනවා ද?”

ඇයගේ දෑත් අප්රාණිකව කඩා හැලුණි. ඇය නිහඬව, ඇයගේ දෑස් විසල් වී, යාදින ලෙසකින් ඔහු දිහා බලාගෙන සිටියා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: