Sinhala story Blog

ඔක්තෝබර් 15, 2011

අපි ජීවත්වන්නෝ -311 මම කරකියා ගන්න බැරි බියගුල්ලෙක් වෙමින් සිටිනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 12:50 ප.ව.

හිම වැටෙන්න පටන් ගෙන ඇත්තේ ‍සාමාන්යයෙන් හිම වැටෙන කාලයට පෙර ය.

පෙට්රොගෑඩයේ පදිකවේදිකාවන් හි හිම ගොඩවල් සිහින් කළු දැලි වලින් තැනින් තැන නහර සේ ඇඳී ගිය, සිගරැට් කොට වලින් හා දුඹුරු පිඬැලි වලින් තිත් වැටී ගිය, දිරා යන කොළ පැහැයෙන් වූ පුවත්පත් වලින් හැදි, පර්වතකූට සේ දිස්විය. එහෙත් නිවාසවල බිත්ති අතරින් හිම හෙමිහිට, බාධාවකින් තොරව, පුළුන් වැනි සුදු පැහැයෙන්, ගොඩ ගැසී, බිම් මහලේ ජනේල පඩි දක්වා ඉහළට නැඟින. දිගට එල්ලෙන අයිස් කූරු වලින් හැදි වීදුරු ලේස් රෙදි ඇතිරූ සේ ලීස්තරයන් දිළිසිණ. ඇපල් මල් පෙති උණු කරන ලෙසකින් අයිස් මෙන් සීතල වූ ගිම්හාන නිල් පැහැති අකාසයේ පුංචි පුළුන් රොදවල් සේ රෝස පැහැයෙන් දුමාරයක් ඉහළට නැඟ්ඟේය.

යකඩ වැටවල් පිටුපසින් උස් වූ වහල වල් වල භීතිය දනවන හිම පවුරු එකතු වන්නට පටන් ගති. ඝන අත්වැසුම් දමාගත් පිරිමි නගරය පුරා ඉස්කෝප්ප වලින් ඇදගත් දැවැන්ත අයිස් කුට්ටි බවට පත් වූ සුදු පිඬැලි පදික වේදිකාව වෙත විසි කළහ. දඩාස් ගා වැදුන ඒ හිම කුට්ටි සිහින් සුදු වළාකුලක් පතුරුවා හැරියේ ය. අශ්ව කරත්ත වේගයෙන් වෙනතක හැරුනේ ඒ කුට්ටි වැදීමෙන් වැළකෙන්නට ය. බඩගින්නේ වූ ගේ කුරුල්ලෝ හිම නිසා හඬ බාල වී බිමට වැදෙන අඩි සද්ද වලින් විසිරී ගොස් තම පිහාටු පුම්බා ගත්හ.

වීදි කොන්වල, පාට නොකළ ලෑලි වලින් හැදූ පෙට්ටි වලින් වටකර ගත් විශාල කල්දේරම් විය. ඉස්කෝප්ප රැගත් පිරිමි ඒ කල්දේරම් වලට හිම පිරවූහ. ගිනි උදුන් යටින් බුර බුරා පනින ජරා පටු වතුර දහරාවන්, දිගු කළු නූල් ලෙසින් සුදු වීදි හරහා කැපී ගියේය.

රාත්රියේ දී, ඒ උදුන් අඳුර වෙතට ඇරී පැවතිණ. බිමට ළං වූ කුඩා දම්-තැඹිලි ගින්දර දැල් දකින්නට හැකිවිය. ඒ රතු දැල්ලට අත් දිගු කරගත් වැරහැලි ඇඳගත් මිනිස්සු රාත්රිය ගෙවා දැමූහ.

මාලිගා උද්යානය කීරා පසුකර ගියේ හඬක් නොනඟිමිනි. අළුතින් පියරු‍ මෙන් වැටි හිමේ බාගයක් මිහිදන් වූ පටු පා සටහන් මණ්ඩපය අසල බහුල ව වැටි හිම පසුකරගෙන ගියේය. ඒ අන්ද්රෙගේ පා සටහන් බව කීරා දත්තී ය. ඒ උද්යානය පසුකර යන්නේ එහෙමත් කෙනෙකි. ගස් කඳවල් හිමෙන් වැසී නැත. ඒවා ලයිට් කණු සේ ප්රාණයක් නොමැති කළු පැහැයෙන් දිස්වුණි. මාලි‍ගාවේ ජනේල අඳුරින් වෙළී ඇත. ඒත්, ඈතක, උද්යානයේ කොනක, කොළ නැති අතු අගිස්සකින්, දීප්තිමත් කහ හතරැස් එළියක් අවුත් අන්ද්රෙ ගේ ජනේලය අසලින් වූ හිම පැල්ලම රත්තරන්-රෝස පාටින් පෙනේ.

ඇය ගරුඬ තරප්පු පෙළ ඉහළට හෙමිහිට නැඟ්ඟා ය. එහි එළියක් වූයේ නැත. අවිනිශ්චිත ලෙසින් හැම ලිස්සන, අයිස් වලින් මිදී ඇති පඩියක දී ම ඇයගේ පාදය තැබිය යුත්තේ කොතැනක දැයි විමසිල්ලෙන් විය. එළියේ වීදියට වඩා එතැන සීතලෙන් වැඩි ය. එය මිය ගිය, තෙතමනයෙන් යුතු, සොහොන් කොතක් සේ සීතල ය. පසු බැස්මකින් ඇයගේ අත කැඩුණ ගරුඬ වැට සොයා ඒ සමඟ ඉහළට යන්නට මඟ සොයා ගති. ඇයට ඉදිරියෙන් ඇති කිසිවක් නොපෙනේ. ඇයට දැනුනේ තරප්පු පෙළ කිසිදාක අවසන් නොවෙන ලෙසකිනි.
තරප්පු වැටේ කැඩුණ තැනට ආ විට, ඇය නැවතුනා ය. කරකියා ගත නොහැකි ‍හඬින්, ඇයගේ බියගුළු බව වසන් කරගන්නට තැත් ගන්නා පුංචි හිනා හඬක් පතුරවමින් ඇය “අන්ද්රෙ” කියා හඬ ගෑවා ය.

ඉහළින් වූ අඳුර කපා හරිමින් පටු ආලෝක තීරුවක් අන්ද්රෙ ඇරිය දොරෙන් මතුවිය. “ඔහ්, කීරා!” ඔහු සමාව අයදින හිනා හඬකින්, කඩිමුඩියේ ඇය වෙතට තරප්පු පෙළ පහළට බැස්සේ ය. “මට ගොඩක් සමාව දෙන්න! ඒ අර කැඩිච්ච විදුලි රෑන්.”

ඇය සිනාවෙද්දී, ඔහු ඇයව තම අත් දෙකට ඔසවා ගෙන ඔහුගේ කාමරයට රැගෙන ගියේ ය. “මට සමවෙන්න, අන්ද්රෙ. මම කරකියා ගන්න බැරි බියගුල්ලෙක් වෙමින් සිටිනවා!”

ඔහු ඇයව බුර බුරා දැල්වෙන උදුන අසලට ඔසවා ගෙන ගියේ ය. ඇයගේ තොප්පිය හා කබාය ගැලවීය. ඇයගේ ලොම් කොලරයේ රැඳි හිම වලින් ඔහුගේ ඇඟිලි තෙත් විය. ඇයට ගින්න අසලින් වාඩි වී ඉන්නට යැයි ඔහු අණ දුන්නේ ය. ඇයගේ අත්වැසුම් ඉවත් කර ඇයගේ සීතල ඇඟිලි තම ශක්තිමත් අත්ල මැද්දේ තමා පිරිමැද්දේ ය. ඇයගේ නව ෆෙල්ට් සපත්තු ආවරණ ගැලවා ඉවත් කළේ ය. ඒවා ගසද්දී විසි වී වැටි හිම දීප්තිමත් රතු අඟුරු වල වේගයෙන් දැවී වියළී ගියේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: