Sinhala story Blog

ඔක්තෝබර් 14, 2011

අපි ජීවත්වන්නෝ -310 ප්‍රහේලිකාවක් විසඳන්නට ගන්නා උත්සාහයක්

Filed under: Uncategorized — sinhalashortstories @ 12:00 ප.ව.

IX

අපේ ඉතාමත් ලාබාළ වයසේ ඉන්නා හා වඩාත් ම දක්ෂ ඉංජිනේරුවන් අතරින් අයෙක් වන වික්ටර් ඩුනේව් සහෝදරයාව, එක්සත් සෝවියට් හි ශ්රේෂ්ඨතම විදුලිබලාගාර ව්යාපෘතිය වන වොල්කොහොව්ට්රොවයි රස්සාව සඳහා පත් කර ඇත. එය වගකීමෙන් පිරි තනතුරකි. ඔහුගේ වයසේ වූවෙක් වෙන කිසි දවසක ලබා නැති පත්වීමකි.

වික්ටර්ගේ දිළිසෙන අළුත් ගමන් මල්ලේ ඒ ප්රවෘත්තිය රැගත් ප්රාව්ඩා පත්තර කෑල්ල සමඟ ක්රායස්නයා ගැසෙට් හි ඊට සමාන වූ ප්රවෘත්තිය රැගත් කොටස ද, ඒ දෙක මැදින් ප්රවේසමින් නැවුන මොස්කව් ඉස්වෙස්ටියා හි “වී. ඩුනේව් සහෝදරයා” ගැන පළ වූ එක වාක්ය්ය රැගත් කොටස ද, ආරක්ෂිතව බහා තිබුණි.

වොල්කොව් ජලාශයේ වූ ඉදිකිරීම් භූමියට යද්දී ඔහු ගමන් මල්ල රැගෙන ගියේය. එය පෙට්රොගෑඩයේ සිට පැය කිහිපයක ගමනකි. දුම්රිය නැවතුම්පොලට ඔහු හැරලවන්නට ඔහුගේ පක්ෂ සමාජයේ හිතවතුන් කිහිප දෙනෙකු ‍ගෙන් යුතු නියෝජිත පිරිසක් ආහ. කම්කරු ඉදිකිරීම් වල අනාගතය ගැන තැනට සුදුසු කතාවක් දුම්රිය මැදිරියේ පඩියේ හිටගත් ඔහු කෙටියෙන් පැවැත්වීය. දුම්රිය පිටත් වී යද්දී ඔහුට මරීෂා සිපගෙන සමුගන්නට අමතක විය. පසුදිනයේ දී ඔහු පැවැත් වූ කතාව සමාජයේ බිත්ති පුවත්පතේ පළ විය.

මරීෂා පෙට්රොගෑඩයේ නැවතිණ. ඇයට රබ්ෆැක් හි ඉගෙන ගත් පාඩම් අවසන් කරන්නට ඇත. ඇයට තම සමාජ කටයුතු කරන්නට ඇත. ඒවා අතහැර වික්ටර් සමඟ යන්නට පුළුවනැයි ඇය යටහත් පහත් ව යෝජනා කළා ය. ඒත් නගරයේ ඇය රැඳී සිටිය යුතු යැයි වික්ටර් කීවේ ය. “මගේ ප්රියාදරිය, අපි අමතක කරන්න නරකයි,” ඔහු ඇයට කියා තිබුණි, “සියළු පුද්ගලික කටයුතු වලට ඉහළින් අපේ සමාජ වගකීම් ප්රමුඛස්ථානය ගත යුතුයි.”

නැවත නගරයට ආ විටෙක ගෙදර එන්නට ඔහු පොරොන්දු වී සිටියේ ය. වරක් අහම්බෙන් ඇය ඔහුව පක්ෂ රැස්වීමක දී දැක්කා ය. ඇය හා ගෙදර එන්නට නොහැකි බව ඔහු කලබලයේ විස්තර කළේ ය. නැවත ඉදිකිරීමේ ස්ථානයට යනු පිණිස මැදියම් රෑ කෝච්චිය අල්ලා ගත යුතු යැයි ඔහු කීවේ ය. මැදියම් රෑ කෝච්චියක් නැති බව දත්ත ද ඇය කිසිත් නොකීවා ය.

ඇය නිහඬ ව කාලය ගෙවන්නට හුරු වී සිටියා ය. කොම්සොමොල් රැස්වීම් වල දී ඇය තම වාර්තා ඉදිරිපත් කළේ විශේෂ උත්සාහයක් නොගෙන, කිසිම හැඟීමකින් තොර වූ ස්වරයකිනි. ඇයගේ දෑස් පිරී තිබුනේ ප්රහේලිකාවක් විසඳන්නට ගන්නා උත්සාහයකින් වූ අයෙක් ගේ මෙනි. කවුරුත් නොබලන විටක දී ඇය හිස් බැල්මකින් ඉදිරිය දිහා අරමුණක් නැතිව බලා සිටියා ය.

ඩුනේව් මහලේ හිස් දැවැන්ත කාමරවල ඉතිරි වී සිටියේ ඇය තනිවම ය. වික්ටර් දන්නා හඳුනන බලය තිබි නිලධාරීන් කිහිප දෙනෙකු හා කුළුපගව කතාබහ කර තිබුණි. ඔවුන්ගේ හිස් කාමර වල වාසයට කිසිම කුලීකාරයෙකුට ඉහළින් අණක් නොලැබුණි. ඒත් නිවසේ නිහැඬිතාවයෙන් මරීෂා තැතිගත්තා ය. ඇය කීරාගේ කාමරයට යාබද ව වූ තම කාමරයේ වාසය කරන තම පවුලේ අය හා සන්ධ්යා කාලය ගෙවන්නට පුරුදු වූවාය.

මරීෂා එහි ගිය විට ඇයගේ මව සමූපාකාරයේ සලාක ගැන කුමක් දෝ පැමිණිල්ලක් සුසුම්ලමින් මැතිරුවා ය. ඉන්පසු හිස නවාගෙන අලලමින් සිට වස්ත්රයට නැඹුරු වූවා ය. ඇයගේ පියා “සුබ සැන්දෑවක්” කියා ඉන්පසු ඇය ඉන්නා බව දැකි වෙනත් ඉඟියක් පෙන්වූයේ නැත. ඇයගේ කුඩා සහෝදරයා “ඔයා ආයෙත් මෙහෙ?” යැයි ඇසුවේ ය. ඇයට කියන්නට කිසිත් නොවීය. විසල් පියානෝව පිටපුස කොනේ වාඩිගත් ඇය රෑ බෝවෙන තුරු පොතක් කියෙව්වා ය. අනතුරුව “එහෙනම් ඉතින් මම යන්නම්” කියා ගෙදර ගියා ය.
එක් සන්ධ්යාවක දී කීරා ඉක්මණින් කාමරය පහු කරමින් යනවා ඇය දැක්කා ය. මරීෂා ඉක්මණින් නැඟි‍ට්ටා ය. බලාපොරොත්තුව පිරි උනන්දුවෙන් සිනාවක් පෑවා ය. එහෙත් තම බලාපොරොත්තුව වූයේ කුමක් දැයි කියා ඇය නොදත්තා ය. කීරාට කියන්නට යමක් තමනට ඇතිදැයි ද කියා ද නොදත්තා ය. ඇය බයාදු පියවරක් ඉදිරියට තබා නැවතුනා ය. කීරා ඇයව දැක්කේ නැත. ඇය එවිට කාමරයෙන් පිට වී ගිහින් ය. මරීෂා හෙමින් නැවතත් අසුන් ගත්තා ය. ඇයගේ හිස් හිනාව තවමත් මුහුනේ ඇඳී පැවතුණි.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: