Sinhala story Blog

ඔක්තෝබර් 12, 2011

අපි ජීවත්වන්නෝ -308 කොහාට ද ඔබ පෙරළෙන්නේ?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:21 ප.ව.

ජනේලය අසල හුන් සිසුවා දුම්රියේ රෝද දුවන තාලයට සිනා පාන ලෙසින් සංවේගයෙන් සිංදුව ගයයි.

“ඒයි, පුංචි ඇපල් ගෙඩිය
කොහාට ද ඔබ පෙරළෙන්නේ?”

ඔහු එය නැවත නැවතත් ගයයි. හැම වචනයක් ම යම් ප්රශ්නයකට පිළිතුරක් සේ ඒ වචන බුදින ලෙසකින් ගයයි. ප්රශ්නය, නිශ්චිත තත්වයක් ගැන ඔහු තුල වූ යම් නිහඬ සිතුවිල්ලක් ගැන වූවක් සේ ය. “ඒයි .. පුංචි … ඇපල් … ගෙඩිය .. කොහාට ද … ඔබ .. පෙරළෙන්නේ?”

අරීනා රහසින් කොඳුරයි: “මේ අහන්න, මෙන්න අපිට කරන්න පුළුවන් දෙයක්: අපිට පුළුවන් හඳ දිහා බලන්න, සමහර විට, ඉතින්, ඔයා දන්නවා, -හැම තැනම තියෙන්නෙ එකම හඳ- අපි දෙන්නම එකම දෙයක් දිහා එකට බලාගෙන ඉන්නවා ඒ විදියට, දැක්ක ද?”

“ඔව්,” සාෂා කීවේ ය, “ඒක හොඳ වේවි.”

“මම කියන්න ගියෙ ඉර දිහා බලමු කියල. ඒත් මම හිතන්නෙ නැහැ එච්චර හිරු එළියක් තිබේවි කියල .. ඉතින් ..” කැස්සක් ඇයට බාධා කළේ ය. ඇය ගැහෙමින් අත කටට තබා ගනිමින් කැස්සා ය.

“අරීනා!” ඔහු හඬ ගෑවේ ය. “ඒ මොකක් ද?”

“කිසිත් නැහැ,” ඇය සිනා වූවා ය. ඇස් පිය ගසමින්, හුස්ම ගන්නට තැත් දරමින් සිනා වූවා ය. “මට හැදිච්ච පුංචි හෙම්බරිස්සාවක් විතරයි. ඒ රහස් පොලීසියේ හිරකාමර එච්චර උණුසුම් කරලා තිබ්බ ඒවා නෙමෙයි.”

ජනේලයට එපිටතින් ලාම්පුවක් පෙනී නොපෙනී ගියේ ය. අනතුරුව ජනෙල් පියනට වැදි නිහඬ හිම වරුසාව මිස වෙනත් කිසිවක් නොවීය. එහෙත් ඔවුන් ගල්ගැසී වීදුරුව දිහා බලාගෙන සිටියහ.

“මම හිතන්නෙ අපි ළඟට ඇවිත්.” අරීනා සෙමෙන් මැතිරුවා ය.

සාෂා කෙළින් හිඳ ගත්තේ ය. ඔහුගේ මුහුණ පිත්තල පැහැති විය. ඔහුගේ කොණ්ඩයට වඩා තද පාටින් දිස් විය. ඔහුගේ කටහඬ ස්ථිර විය. “ඔවුන් අපිට එකිනෙකාට ලියන්න ඉඩ දුන්නොත්, අරීනා, ඔයා මට … හැමදාම ලියනවා ද?”

“සහතිකයෙන් ම,” ඇය සතුටින් පිළිතුරු දුන්නා ය.

“ඔයා .. ඔයාගෙ ලියුම් වල එක එක දේවල් ඇඳලා එවනවා ද?”

“ගොඩක් සතුටින් .. මෙන්න,” ඇය ජනෙල් පඩියෙන් අඟුරු වී ගිය දැව පතුරු කෑල්ලක් ගලවා ගත්තා ය. “මම දැන් ඔයාට යමක් ඇඳලා දෙන්නම්.”

එහාට මෙහාට ගැසූ පහරවල් කිහිපයකින්, හරියට ශල්ය වෛද්යවරයෙකු සැත්කම් පිහි තුඩක් භාවිතයට ගන්නා වූ ලෙසකින්, ඇය තම බංකුවේ පිටුපස මුහුණක් ඇන්ඳා ය. පැතලි, අඩ සඳක් වැනි වූ කටකින් හිනාවෙන, ඇස් බැමි ඉහළට ඇදගත්, එක ඇසක් බාගෙට අඩවන් කරමින්, දඟකාරයෙකු ගේ මුහුණක් ඇන්ඳා ය. එය වැරදි වැඩක් කර සතුටු වන, විකට, දකින්නාට සිනා නොවී සිටිය නොහැකි කවට පින්තුරයකි.

“මෙන්න,” අරීනා කීවා ය, “එයා ඔයාත් එක්ක ඉඳීවි පස්සෙ … දුම්රිය නැවතුම් පොලෙන් පස්සෙ …”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: