Sinhala story Blog

ඔක්තෝබර් 10, 2011

අපි ජීවත්වන්නෝ -306 එකම දේ ඔවුන් නොදන්නාකම

Filed under: Uncategorized — sinhalashortstories @ 9:08 පෙ.ව.

පිටත් වී යන දින සැන්දෑවේ කීරා රහස් පොලීසියට ගොස් අරීනා බැහැ දැක්කා ය.

අරීනා සංසුන් ලෙසින් සිනාවක් පෑවා ය. ඇයගේ සිනහව මොළොක් විය. ඉටි මෙන් පෙනෙන මුහුණක ඇයගේ දෑස් කීරා වෙත කරුණාවෙන් ද, නිහඬ පුදුමයකින් ද, හඳුනාගත නොහැකි දෙයක් ගැන හිතන ලෙසකින් ද, ඈත එපිට තියන යමක් වටහා ගන්නට තැත් දරන ලෙසකින් ද එල්ල වී තිබිණ.

හිනාවක් පාන්නට තැත් දරමින් “මම ඔයාට අත්වැසුම් දෙකක් එවන්නම්,” යයි කීරා කීවා ය. “වුලන් ඒවා. මම දැන් ම අවදානම කියන්නම්, මම තමයි ඒවා ගොතන්නෙ. ඉතින් පුදුම වෙන්න එපා ඔයාට ඒවා අඳින්න බැරි වුනොත්.”

“එපා,” අරීනා කීවාය, “ඒත් ඔයාට පුළුවන් මට පින්තූරයක් අරගෙන එවන්න. ඒක ලස්සන වෙයි: කීරා ආර්ගුනෝවා ගොතන්නී ය!”

“අනික ඔයා දන්නවා ද,” කීරා කීවා ය, “ඔයා මට කවදා වත් දුන්නෙ නැහැනෙ අර ඇඳලා දෙනවා යැයි පොරොන්දු වෙච්ච පින්තූරේ.”

“ඒක නේන්නම්. මම දුන්නෙ නැහැනෙ. ඔක්කොම තාත්තා ළඟ තියෙන්නෙ. ඔහුට කියන්න ඔයා කැමති එකක් තෝරා ගන්න ඔයාට ඉඩ දෙන්න කියල. ඔහුට කියන්න මම එහෙම කිව්ව කියල. ඒත්, ඒක නෙමෙයි මම ඔයාට පොරොන්දු වුනේ. මම ඔයාට පොරොන්දු වුනේ ලියෝගේ සත්ය පින්තූරයක්.”

“එහෙනම් ඉතින්, අපිට ඉන්න වෙනවා ඔයා ආයේ එනකම්.”

“ඔව්.” ඇය හිස ගස්සා සිනා වූවා ය. “ඔයා හරි හොඳයි, කීරා. ඒත් මාව රවටන්න අවශ්ය නැහැ. මම බය නැහැ. ඒත් මම දන්නවා. මතක ද, අර විශ්ව විද්යාල සිසුන් ව ඔවුන් සයිබීරියාවට යැව්ව එක? ඔයාට අහන්න ලැබෙන්නෙ නැහැ ඒ එක්කෙනෙක් වත් ආපහු ආපු බවක්. එක්කෝ ශ්රීතාද රෝගය නැත්නම් ක්ෂය රෝගය, නැත්නම් දෙකම .. ඔහ්, ඒකට කමක් නැහැ, මම දන්නවා.”

“අරීනා ..”

“මේ අන්තිම වතාව වුනත්, එන්න, අපිට ආවේගශීලී වෙන්න අවශ්ය නැහැ … ඔයාගෙන් අහන්න දෙයක් තියනවා කීරා, ඔයා අකමැති නම් උත්තර දුන්නෙ නැතිවුනාට කමක් නැහැ. මේක නිකම් කුතුහලයක් විතරයි: ඔයයි අන්ද්රෙ ටැගනොව් අතරයි මොකක් ද තියන සම්බන්ධය?”

“මම වසරකට වඩා කාලයක ඉඳන් එයාගෙ අනියම් කාන්තාව,” කීරා කීවා ය. “ඔයා බලන්න, බර්ලින‍යේ ඉන්න ලියෝගේ නැන්දා එයාට එව්වෙ නැහැ …”

“ඒක මම හිතුව හැටි තමයි. ඉතින් දරුවො, මම දන්නෙ නැහැ අපි දෙන්නා ගෙන් කාට ද අනාගතයට මුහුණ දෙන්න වැඩියෙන් එඩිතර බවක් අවශ්ය වෙන්නේ කියලා.”

“කවදා වත් උදා නොවෙන දවසක් වෙයි කියන එක ගැනයි මම බය වෙන්නෙ,” කීරා කීවා ය. “මම වෑයම අත් හරින දවස.”

“මම වෑයම අත්හැරලා,” අරීනා කීවා ය, “ඒත් මම බය නැහැ. නමුත් මම කැමතියි යමක් වටහා ගන්නට. ඒත් මම හිතන්නෙ නැහැ කාටවත් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියල. ඔයා බලන්න, ඔයා දන්නවා මේක මගේ අවසානය කියල. මම දන්නවා. ඒත් මට හරියට විශ්වාස කරන්න බැහැ. මට දැනෙන්නෙ නැහැ. ඒක හරි අමුතු යි. අන්න තියනවා ඔයාගෙ ජීවිතය. ඒක දුර්ලභයි වටිනායි කියන හැඟීමෙන්, හරියට පූජනීය වස්තුවක් වගේ ලස්සනයි කියන හැඟීමෙන්, ඔයා ඒක පටන් ගන්නවා. ඒත් දැන් ඒක ඉවරයි. ඒකෙන් කිසිම කෙනෙකුට කිසිම වෙනසක් වෙන්නෙ නැහැ. ඔවුන් ඒක ගැන සැලකිල්ලක් නොදක්වනවා නෙමෙයි. එකම දේ ඔවුන් නොදන්නකම. ඔවුන් දන්නෙ නැහැ ඒකෙ අර්ථය මොකක් ද කියල. මගේ වස්තුව. ඉතින් ඒකෙ යම් දෙයක් තියනවා ඔවුන් තේරුම් ගත යුතු. මමත් හරියට ඒක දන්නෙ නැහැ. නමුත් එතැන තියනවා මොකක් හරි අපි හැමෝම වටහා ගත යුතු වූවක්. ඉතින් ඒ මොකක් ද කීරා? ඒ මොකක් ද?”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: