Sinhala story Blog

ඔක්තෝබර් 8, 2011

අපි ජීවත්වන්නෝ -304 “බියගුල්ලා!”

Filed under: Uncategorized — sinhalashortstories @ 8:12 පෙ.ව.

“නරකාදිය!”

ලියෝ තම හිස සීතල වතුර භාජනයකට ඔබමින් කීවේ ය. ඊයේ රාත්‍රියේ ද ඔහු පැමිණියේ ඉතා රෑ බෝ වී ය. “අර සියරොව් ඌරුලෑවා බලන්න මම යනවා. ඔහුට රහස් ‍පොලීසියෙ ලොකු යාළුවෙක් ඉන්නවා. මම කිව්වොත් එයා ලවා මොකක් හරි කරගන්න ලැබේවි.”

“ඔයා උත්සාහයක් කරලා බලනවාට මාත් කැමතියි,” කීරා කීවා ය.

“මේ පව්කාර පරපීඩාවෙන් සතුට ලබන මිනිස්සු! උන්ගෙ නරකාදි හිර ගෙවල් වල මේ දුප්පත් පොඩි එවුන් එකට මැරිලා ගියාම ඒකෙන් උන්ට මොන වෙනසක් ද? උන් දන්නවා ආයේ පණපිටින් නම් ආපහු එන්නෙ නැති වග.”

“ඒක ඔහුට කියන්න එපා, ලියෝ. හොඳින් අහලා බලන්න.”

“මම හොඳින් අහන්නම්!”

පවෙල් සියරොව්ගේ කාර්යාලයෙන් පිටත වූ කාමරයේ ලේකම්වරිය යටි‍තොල හපමින් ඉතා උනන්දුවකින් යමක් ටයිප් කරන්නීය. ලී මාවරය ඉදිරිපිටින් අමුත්තන් දහ දෙනෙක් බලා සිටිති. ලියෝ කෙළින් ම ඇවිද ගෙන ගියේ ය. පොඩි ගේට්ටුව පැද්දෙන සේ ඇර ලේකම්වරිය ඇමතුවේ ය:“මට වහාම සියරොව් සහෝදරයා හමුවන්න ඕන. වහාම.”

“නමුත්, පුරවැසියෙනි,” ලේකම්වරිය හුස්මක් ඉහළට ඇද්දා ය, “ඔයාට අවසර නැහැ …”

“මම කිව්වෙ මට වහාම ඔහු හමුවන්න ඕන.”

“සියරොව් සහෝදරයා ඉතා කාර්ය බහුල වූ අයෙක්, පුරවැසියෙනි, මේ අනිත් සේරම පුරවැසියන් බලාගෙන ඉන්නවා, එයාට ඔබව අනිත් අයට කළින් හමුවන්න බැහැ ..”

“ඔයා ගිහින් කියන්න ඒ ඇවිත් ඉන්නෙ ලෙව් කොවැලෙන්ස්කි කියල. එයා ඉක්මණින් මාව දකිවී.”

ලේකම්වරිය නැඟිට පස්සෙන් පස්සට ගොස් සියරොව්ගේ කාර්යාලයට ඇතුල් වුනේ ‍ලියෝ දිහා බලාගෙන ය. ඔහු තුවක්කුවක් එළියට අදිතැයි ඇය අපේක්ෂාවෙන් සිටියා මෙනි. ඇය ආපහු ආවේ ගියාටත් වඩා දැඩි බියකිනි. “යන්න කොවැලෙන්ස්කි පුරවැසියෙනි, කෙළින් ම යන්න,” යැයි ඇය බියෙන් වචන අපහසුවෙන් ගිලිමින් කීවා ය.

දොර වැසුනු කල, ඔවුන් පමණක් ඉතිරි වූ කල, පවෙල් සියරොව් පු‍ටුවෙන් පැන නැඟිට්ටේ ය. ඔහු යටපත් කරගත් ගිගුරමකින් ලියෝ වෙත කඩා පැන්නේ ය: “උඹ පිස්සු යකෙක්! සම්පූර්ණයෙන් ම සිහි විකල් වෙලා ද? මෙතැනට බයක් නැතිව කුමට ආවා ද?”

ලියෝ හඬ නඟා පිට කළ දයාවක් නොමැති සිනහව ස්වාමියෙක් තමන් කියන්නට සවන් නොදෙන වහලෙකුගේ මුහුණට දුන් අතුල් පහරක් වැනි ය. “ඔයා මට නෙමෙයි නේද කතා කරන්නෙ?” ඔහු ඇසී ය, “විශේෂයෙන් ම ඔයා ප්‍රවේසම ගැන හිත කරදර කර ගන්න නිසා.”

“පලයන් මෙතැනින්! මට මෙතැන දී උඹ එක්ක කතා කරන්න බැහැ!”

“මාත් එක්ක කතා කරන්න ඕන නැහැ,” ලි‍යෝ කීවේ ය. ඔහු පහසු ලෙසින් අසුන් ගත්තේ ය. “මම කතා කරන්නම්.”

“ඔයා දන්නවා ද ඔයා කතා කරන්නේ කාට ද කියලා? ඔයාට යකෙක් වැහිල. නැත්නම් මෙහෙම ගරුසරු නොදක්වන කෙනෙක් මම ජීවිතේට දැකලා නැහැ!”

“ඒක ඔයා නැවත කියා ගන්න,” ලියෝ කීවේ ය, “මගේ සුබ පැතුම් එක්ක.”

“නරකාදිය!” සියරොව් අප්‍රසාදය පළ කරයි. ඔහු ද පුටුවකට බර දුන්නේ ය. “මොනව ද උඹට ඕනෑ?”

“ඔයාට රහස් පොලීසියේ යාළුවෙක් ඉන්නවා.”

“මට සතුටුයි ඔබ‍ට ඒක මතක් වෙච්ච එක ගැන.”

“මට මතකයි. ඒකයි මම ආවේ. මගේ යාළුවෝ දෙන්නෙක් ව සයිබීරියාවේ හිර කඳවුරකට නියම වෙලා තියනවා. ඔවුන් දෙදෙනා ළඟ දී විවාහ වුනේ. එයාලව යැවෙන්නේ එකිනෙකා ගෙන් කිලෝමීටර් සිය ගණනක් ඈත හිර කඳවුරු වලට. මට ඕනා ඔයා ලවා ඒ දෙන්නාව එකම තැනකට යවන්න.”

“අහ් … හහ්,” පවෙල් සියරොව් කීවේය. “මට ඔය නඩුව අහන්න ලැබුණ. වික්ටර් ඩුනේව් සහෝදරයා විසින් පක්ෂයට තමාගේ හිතෛෂී බව පැහැදිලිව පෙන්නපු ලස්සන උදාහරණයක්.”

“ඔබ හිතන්නෙ නැද්ද ඒක යාන්තමට විතර හාස්‍යජනක වූවක් කියල, ඔයා විසින් මට පක්ෂ හිතෛෂී බව කීම?”

“ඉතින්, ඔයා මොකක් ද කරන්නෙ, මම මේ නඩුව ගැන ඇඟිල්ලක් වත් ඉස්සුවේ නැත්නම්.”

“ඔයා දන්නවා,” ලියෝ කීවේ ය, “මට කරන්න දේවල් ගොඩක් තියනවා.”

“ඔව්,” සියරොව් කිව්වේ එකඟ වන ලෙසකිනි. “මම දන්නවා ඔබට පුළුවන් කියල. මම දන්නවා ඔබ කරන්නෙත් නැහැ කියල. මොකද, ඔයා බලන්න, මාව දියේ ගිල්වන්න නම්, මගේ බෙල්ලෙ බැඳෙන ගල වෙන්න ඕන ඔයයි. මම හිතන්නෙ නෑ ඔයා මේ උදාර අභිප්‍රාය සාක්ෂාත් කරගන්න ඒ තරම් පරහිතකාමී වෙයි කියල.”

“මේ අහන්න,” ලියෝ කීවේ ය, “නිල ඉරියව්ව ගලවලා දාන්න. අපි දෙන්න ම වැරදි වැඩ කරන අය. ඔයා ඒක දන්නවා. අපි දෙන්නා එකිනෙකාට කැමැති නැහැ කිසිම ලෙසකින්, අපි දෙන්න ම ඒකත් දන්නවා. ඒත් අපි දෙන්න ම ඉන්නෙ එකම බෝට්ටුවක. ඒක එච්චර ස්ථාවර ලෙසින් යන බෝට්ටුවක් නෙමෙයි. ඔබ හිතන්නෙ නැද්ද පුළුවන් තරම් එකිනෙකාට උදව් කර ගැනීම තමයි අපිට තියන එකම බුද්ධිමත් මාර්ගය කියලා?”

“ඔව්. මම ඇත්තෙන් ම එහෙම හිතනවා. ඉතින් ඔයාගේ කොටස තමයි මෙතැනින් පුළුවන් තරම් ඈතකින් ඉන්න එක. ඔයාගේ පරණ අහංකාර මාන්නයෙන් ඔච්චර උද්ධච්ච නැත්නම් ඔයාට ඒක පෙනේවි. ඒක අහක් කරගන්න කාලේ හරි. ඔයා දැන ගන්න ඕන ඔයාගෙ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින්න කියල මට කීමෙන් මා ඔබ හා කටයුතු කරන බව හරියට පෝස්ටරයක් ගහලා ලෝකයට කීමක් වෙන බව.”

“බියගුල්ලා!”

“ඉතින්, සමහර විට ඔව් මම බියගුල්ලෙක්. සමහර විට, ඔයාටත් හොඳක් වේවි පොඩ්ඩක් ඒ හැදියාව වර්ධනය කරගත්තොත්. මෙහෙම දේවල් ඉල්ලා ගෙන මාව බලන්න ආයෙත් එන්න හිතන්න එපා. අපි මෙහෙම යදම් වලින් එකට බැඳිලා හිටියත්, යදම් කඩා දාන්න පුළුවන් අවස්ථා ඔයාට වඩා මට වැඩි බව ඔයා මතක තියාගන්න එක හොඳයි.”

ලියෝ නැඟිට්ටේ ය. දොර අසල දී හැරුනේ ය. “කැමැත්තක් කරන්න. එකම දේ .. කවදා හරි දවසක යදම් මගේ අතේ වුනොත් … ඒ නිසා මේ වෙලාවේ ටිකක් බුද්ධිමත් වුනොත්.”

“ඔව්. ඒ වගේ ම ඔයා මේ පැත්තෙ ආවේ නැත්නම් ඔයත් බුද්ධිමත් -යදම් මගේ අතේ වුවොත්. .. ඉතින් මේ අහන්න,” ඔහු කටහඬ පහත් කළේ ය, “මා වෙනුවෙන් ඔබට යමක් කළ හැකියි. ඔබ එය කරන එක හොඳයි ඔන්න. අර මොරසොව් ඌරාට කියන්න සල්ලි එවන්න කියල. පහුගිය තොගයට සල්ලි පරක්කුයි ආයෙත්. මම ඔහුට කියා තියෙන්නෙ මට දෙන හරිය පරක්කු කරන්න එපා කියල.”

*

ප්‍රතිචාර 2 »

  1. හොද උත්සාහයක්….දිගටම ලියන්න……

    ප්‍රතිචාර විසින් ඔබ නොදු‍ටු ලොවක් — ඔක්තෝබර් 9, 2011 @ 1:33 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: