Sinhala story Blog

ඔක්තෝබර් 7, 2011

අපි ජීවත්වන්නෝ -303 ඔයාට පක්ෂයේ යහළුවෝ ගොඩක් නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 9:04 පෙ.ව.

“මට මුළු කතාවම අහන්න ලැබුණ,”

කීරා ඒ ගැන කියද්දී අන්ද්රෙක ඇයට කියුවේ ය. “ඔයා දන්නවා ද කවුද අරීනාව පාවා දුන්නේ කියලා?”

“නැහැ,” කීරා කීවා ය, ඇය වෙනතක හැරුනා ය, “මම සැක කරනවා කවුදැයි කියා. ඒත් මට කියන්න එපා. මට ඒක අහන්න ඕන නැහැ,” යැයි ඇය තව දුරටත් කියුවා ය.

“මම කියන්නෙ නැහැ.”

“මට ඔයාගෙ උදව් ඉල්ලන්න ඕන වුනේ නැහැ, අන්ද්රෙ. අරගල විරෝධීයෙකු සඳහා ඉදිරිපත් වෙන්න කියා ඔයාගෙන් ඉල්ලන්න බැරි බව මම දන්නවා. ඒත් ඔයාට බැරි ද අහන්න ඇයගේ හිරගෙදර වෙනස් කරලා දෙන්නව ම එකම තැනකට යවන්න කියා ඉල්ලන්න? ඒක ඔයාගෙ පැත්තෙන් ද්රෝහි ක්‍රියාවක් නෙමෙයිනෙ. අනික, ඒකෙන් ඔයාගේ නිලධාරීන් ට කිසිම වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැනෙ.”

ඇයගේ අතින් අල්ලා ගත් ඔහු “සහතිකයෙන් ම, මම උත්සාහ කරන්නම්,” යැයි කීවේ ය.

රහස් පොලීසි‍ කාර්යාලයක දී විධායක නිලධාරියෙක් අ‍න්ද්රෙ ‍වෙත තදින් රවා “ඥාතියෙක් වෙනුවෙන් … යාප්පු වෙනවා, එහෙම ද, ටැගනොව් සහෝදරයා?” යැයි විමසීය.

“මට ඔබ කියන්න වැටහෙන්නෙ නැහැ, සහෝදරයා,” යැයි අන්ද්රෙ ඔහු‍ගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන හෙමිහිට කීවේ ය.

“ඔහ්, ඔව්. මම හිතනවා ඔබට වැටහෙනවා කියල. ඒ වගේම මම හිතන්නෙ ඔබ වටහා ගන්න ඕනා හිටපු කම්හල් අයිතිකාරයෙක්ගෙ දුවෙක් හා අනියම් සම්බන්ධතාවයක් පැවැත්වීම ඔබේ පක්ෂ තත්වය වැඩි කරගන්න විදියක් නෙමෙයි කියලා … බයවෙලා බලන්න එපා, ටැගනොව් සහෝදරයා. ඔයා ඇත්තෙන් ම හිතුවේ නැහැ අපි ඒක නොදැන සිටියා කියල, නැහැ නේද? ඔයා රහස් පොලීසියේ වැඩ කරන කෙනෙක්! ඔයා මාව පුදුම කරනවා.”

“මගේ පුද්ගලික කටයුතු ..”

“ඔබේ මොන වගේ කටයුතු ද, ටැගනොව් සහෝදරයා?”

“ඔබ කතා කරන්නේ ආර්ගුනෝවා පුරවැසිනිය ගැන නම් …”

“මම කතා කරන්නේ ආර්ගු‍නෝවා පුරවැසිනිය ගැන තමයි. ඒ නිසා මම ‍යෝජනා කරනවා, අපි මේ විෂයය ගැන කතා කරන නිසා දැන්, ඔබ ඔබේ තත්වයෙන් ලැබෙන විධි ක්රම හා බලතල පාවිච්චි කරලා ආර්ගුනෝවා පුරවැසිනිය ගැන ටිකක් විමසා බැලීම හොඳයි. ඔබේම ‍හොඳට.”

“ආර්ගුනෝවා පුරවැසිනිය ගැන දැනගන්න අවශ්ය හැම දෙයක් ම මම දන්නවා. ඇයව මේ කතාවට ගේන්න අවශ්ය නැහැ. ඇයට දේශපාලනිකව කිසිම දෝෂාරෝපණයක් නැහැ.”

“ඔහ්, දේශපාලනිකව? අනිත් පැති වලින්?”

“ඔබ ම‍ට ඉහළින් ඉන්න අයෙක් විදියට කතා කරනවා නම්, ඇයගේ දේශපාලනික තත්වය ගැන හැරෙන්නට වෙනත් කිසිම දෙයක් ගැන කියන්නක් අහන්න මම සූදානම් නැහැ.”

“හොඳයි එහෙනම්. මට කියන්න දෙයක් නැහැ. මම කතා කරන්නෙ යාළුවෙක් හැටියට. ඔයා ප්රවේසම් වෙන්න ඕන, ටැගනොව් සහෝදරයා. ඔයාට පක්ෂයේ යහළුවෝ ගොඩක් ඉතිරි වෙලා නැහැ.”

අරීනාගේ දඬුවම වෙනස් කරන්නට අන්ද්රෙට කිසිත් කළ හැකි නොවීය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: