Sinhala story Blog

ඔක්තෝබර් 6, 2011

අපි ජීවත්වන්නෝ -302 මම කිසිදාක උදව්වක් ඉල්ලලා නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:35 පෙ.ව.

එය වසිලි ඉවානොවිච්ගේ අන්තිම සටන විය.

රහස් පොලීසියේ දඬුවමක් වෙනුවෙන් අභියාචනයක් කරන්නට කිසිවෙකුටත් අවසර නැත. එහෙත් ඔහුට සුදුසු බලපෑමක් කළ හැකි අයෙක් සොයා ගන්නට හැකි නම්, යම් බලවතෙක් සොයා ගත හැකි නම්, හිර කඳවුර වෙනස් කරගන්නට හැකිය … වසිලි ඉවානොවිච් ඉර පායන්නට පෙර උදෑසනින් නැඟිට්ටේ ය. ඔහු පිටත් වී යද්දී දොර අසල, රාත්රී නිදන ඇඳුමින් වෙව්ලමින් මරීෂා ඔහුව නවතා ඔහු අතට කළු කෝපි කෝප්පයක් දී උගුරක් බොන්නට පෙරැත්ත ක‍ළා ය. රාත්රියේ දී ඔහු කැසිනෝවක ඉදිරිපස අත් දෙකෙන් තොප්පිය පොඩි කරමින්, කාලය ගෙව්වේ ය. තමන් පැය ගණනාවක් බලාපොරොත්තුවෙන් වූ අය එළියට එද්දී ඔහුව නවතා මුදු බසින් ඇමතුවේ ය. “කොමිස්සාර් සහෝදරයා … වචන දෙක තුනක් .. කරුණාකරලා … කොමිස්සාර් සහෝදරයා …” වරක් නිල ඇඳුමක් හැඳි අතවැසියෙක් ඔහුව එළවා දැමීය. ඔහුගේ ‍තොප්පිය නැතිවුණි.

ඔහු හමුවන්නට දින යොදා ගත්තේ ය. හමුවන්නට ගියේ ය. ගාම්භීර කාර්යාලයකට ගොඩ වැදිණ. ඔහුගේ පරණ අලලන ලද කබාය බුරුසුවකින් හොඳින් පිරිමැද හැඳගෙන ගියේ ය. සපත්තු මැදගෙන ගියේ ය. ඔහුගේ තඹවිට කොණ්ඩය පීරා දෙපැත්තට බෙදා වෙන්කර ගෙන ගියේ ය. ඔහු මේසයක් ඉදිරිපිට හිටගත්තේ ය. වසර ගණනාවකට පෙර අන්ධකාර රාත්රීන් ගණනාවක් පුරා බර තුවක්කුවක් කරේ තියාගෙන ගිය ඔහුගේ ශක්තිමත් දෙවුර කරකියා ගත නොහැකිව කඩා හැලුණි. සැර මුහුණක් දිහා ඔහු බලාගෙන මෙසේ කීවේ ය:
“කොමිස්සාර් සහෝදරයා, එච්චරයි මම ඉල්ලන්නෙ. ඒක විතරයි. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි නේද? දෙන්නව ම එකම තැනට යවන එක. මම දන්නවා ඔවුන් අරගල විරෝධීන් වූ බව. මම දන්නවා ඔබ ඔවුන්ට දඬුවම් කළ යුතු බව. ඒ ගැන මම පැමිණිලි කරන්නේ නැහැ, කොමිස්සාර් සහෝදරයා. ඒක වසර දහයක්, ඔබ දන්නවානේ. ඉතින් ඒකත් කමක් නැහැ. එකම දේ දෙන්නාව ම එකම තැනකට යවන්න. එකෙන් ඔබට ඇති වෙනස මොකක් ද? ඒකෙන් රජයට ඇති වෙනස මොකක් ද? එයාල කොච්චර තරුණ ද? එයාල දෙන්නා දෙන්නට ආදරෙයි. ඉතින් වසර දහයක්, ඒත් ඔයාත් දන්නවා, මාත් දන්නවා, ඔවුන් ආපහු එන්නේ නැහැ කියා, -ඒ සයිබීරියාව, සීතලයි, සාගතයයි එක්ක අනිත් …”

“ඒ මොකක් ද?” දැඩි හඬ ඔහුට බාධා කළේ ය.

“කොමිසාර් සහෝදරයා, මම … මම ඒකෙන් මුකුත් අදහස් කළේ නැහැ .. නැහැ .. මම කිසිත් අදහස් කළේ නැහැ … ඉතින් හිතන්න මොකකින් හරි ඔවුන් ලෙඩ වුනොත් කියලා? අරීනා එච්චර ශක්තිමත් කෙනෙක් නෙවෙයි. ඔවුන්ට මරණ දණ්ඩනය නියම කරලා නැහැනෙ. ඉතින් ඔවුන් තවමත් ජීවතුන් අතර ඉන්න නිසා -බැරි ද අපිට ඔවුන්ට එකට ඉන්න ඉඩක් ලබාදෙන්න? ඒක ඔවුන්ට ගොඩක් ලොකු දෙයක් වෙයි -ඒක වෙන කිසිවකුට කිසිත් වැදගැම්මක් නැති වූවක්. මම වයසක මනුස්සයෙක්, කොමිස්සාර් සහෝදර‍යා, ඇය මගේ දියණිය. මම සයිබීරියාව දන්නවා. ඇය -එහෙ- තනිවම නොවේ යැයි දන්නවා නම් මට ඒක උදව්වක්. ඇය හා පිරිමියෙක් ඉන්න බව. ඇයගේ සැමියා. මම දන්නෙ නැහැ කොහොම ද ඔබෙන් ඉල්ලා සිටින්නෙ කියා, කොමිස්සාර් සහෝදරයා, ඔබ මට සමාව දෙන්න ඕන. ඔබ බලන්න, මගේ ජීවිතයේ දී මම කිසිදාක කාගෙන් වත් මෙහෙම උදව්වක් ඉල්ලලා නැහැ. සමහර විට ඔබ හිතනවා ඇති මම තරහෙන් ඉන්න ඔබට මගේ මුළු හදවතින් ම ද්වේෂ කරන අයෙක් කියා. ඒත් මම එහෙම නැහැ. අර එක දෙය කරන්න. -ඒ අන්තිම එක- ඔවුන් දෙදෙනාව ම එකම සිරගෙයට යවන්න. මම මා ජීවතුන් අතර සිටින තාක් කල් ඔබට ආශීර්වාද කරන්නම්.”

ඔහු ප්රතික්ෂේප කළේය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: