Sinhala story Blog

ඔක්තෝබර් 1, 2011

අපි ජීවත්වන්නෝ -297 ඩාලිං, මට හරි සතුටුයි!

Filed under: Uncategorized — sinhalashortstories @ 7:40 පෙ.ව.

“මම ‍ඒක කවදා හරි බලාපොරොත්තුවෙන් හිටියෙ.

ඒත් ඔයා … මට ඕන නැහැ ඔයාවත් ඒකට ඇදලා ගන්න.”

“මේ අහන්න, මුකුත් සිද්ධ වෙන්නෙ නැහැ. මට ඔයාගෙ බාකු වලට යන ප්රවේශ පත්රය තියනවා. ඇඳුම් ටික තියනවා. අද රෑට වික්ටර් ට පක්ෂ රැස්වීමක්. අපි ප්රවේසමින් එළියට හොරෙන් පැන ගම්මු. අනික, දැන් කොහොමටත් ඔයාට මේ මහ දවල් එළියට යන්න බැහැ. පාරේ ඔවුන් විපරමින් ඉන්නෙ.”

“අපරාදේ, මෙහෙ එන්නෙ නැතිව ඔවුන් ට මාව අල්ලා ගන්න ඉඩ දෙන්නයි මට තිබුනෙ. අරීනා, මට ගොඩක් සමාව දෙන්න!”

“ඩාලිං, මට හරි සතුටුයි!” ඇය හඬ නොනැඟෙන්නට සිනාසුනා ය. “මම ඇත්තෙන් ම හිතනවා මම ඔයාව බේරගත්ත කියල. ඔයාගෙ කල්ලියෙ සේරම අත් අඩංගුවට අරන්. මම ඒ තොරතුරු වික්ටර් ගෙන් සොයාගත්ත. ඔයා ඇරෙන්නට අනික් ඔක්කොම.”

“ඒත් එහෙම නම් …”

“ඔහ්, අපි දැනට ආරක්ෂිතයි. තව පැය ටිකයි බලාගෙන ඉන්න වෙන්නෙ.” ඔහු අසලින් ඇය පෙට්ටියේ වක ගැසුණා ය. ඔහුගේ උරහිසට තම හිස තබා ගත්තා ය. ඇයගේ කාන්තිය විහිදෙන ඇස් වලට, උණකින් මෙන් වෙව්ලන දෑස් වලට වැටිච්ච අවුල් හිසකෙස් පිස දා ගත්තා ය. “ඉතින්, ඔයා පිටරට ගිය දා ට, පළමු දවසේ දී ම මට ලියන්න මතක තියාගන්න හොඳේ? පළමු දවසේ ම.”

“සහතිකයෙන් ම.” ඔහු කීවේ හැඟීමකින් තොරව ය.

“එතකොට මාත් කොහොම හරි පැනලා එන්නම්. පොඩ්ඩක් ඒ ගැන හිතන්න! පිටරට! අපිට පුළුවන් රාත්‍රී සමාජ ශාලාවකට යන්න. සම්පූර්ණ සූට් කට්ටලයක් ඇඳලා ඉන්න‍ කොට ඔයාව හරි විහිළුවක් වගේ පෙනෙයි! සත්තකින් ම, මම හිතන්නෙ සන්නාලියෝ ඔයාට ඇඳුම් මැහීම ප්රයතික්ෂේප කරාවි.”

“සමහර විට,” ඔහු කීවේ සිනාවක් පෙන්වන්නට දැඩි වෑයමකිනි.

“එතකොට අපිට කෙල්ලෝ විකාර ඇඳුම් ඇඳගෙන නටන හැටි බලන්න යන්න පුළුවන්. හරියට මම චිත්‍ර අඳින අය වගේ. අනික හිතන්න! විලාසිතා, නාට්‍ය ඇඳුම් හා වේදිකා පසුබිම් සිතුවම් කරන රස්සාවක් මට හොයාගන්න පුළුවන් වෙයි. ආයෙත් පෝස්ටර් අඳින්න වෙන්නෙ නැහැ මට. එකම පෝස්ටරයක් වත් නැහැ! මම ජීවත් වෙලා ඉන්න කම් මම නම් ආයෙත් කම්කරුවෙක් අඳින්නෙ නැහැ!”

“මම බලාපොරොත්තු වෙනවා එහෙම.”

“ඒත්, ඔයා දන්නවානේ, මම ඔයාට අවදානම ගැන කළින් කියා තියන්න ඕනා. මම ඉතා දුර්වල ගෘහණියක්. සත්තකින් ම, ජීවත්වෙන්න අමාරුයි මා එක්ක. රෑ කෑමට ගන්න මස්‍ පෙත්ත පිච්චිලා තියේවි -ඔව්, අපි හැමදාම මස් පෙති කනවා!- ඒ වගේ ම ඔයාගෙ මේස් එළලලා නැහැ. ඒත් මම ඔයාට පැමිණිල්ලක් කරන්න ඉඩක් තියන්නෙ නැහැ. ඔයා උත්සාහයක් ගත්තොත් මම ඔයාගෙ පණ යන තෙක් ඔයාට ගුටි බැට දෙනවා, දුප්පත් පුංචි අසරණ, ලස්සන කොල්ලා!” ඇය විකල් සිහියෙන් මෙන් සිනා සී ඔහුගේ උරහිසේ මුහුණ සඟවා ගත්තා ය. ඔහුගේ කමිසය විකා ගත්තා ය. මන්ද සිනා වූ හඬ සිනා නොවන හඬකට පෙරලෙන්නට විය.

ඔහු ඇයගේ හිස සිඹගත්තේ ය. නිර්භීතව කෙඳුරුවේ “ඔයා ඔයාගේ චිත්රන අඳින තාක් කල් මම කවදාවත් පැමිණිලි කරන්නෙ නැහැ. මේ රටට සමාව නොදෙන තවත් අපරාධයක් තමයි ඒක. මම හිතනවා ඔයාට ශ්රේෂ්ඨ චිත්‍ර ශිල්පිණියක් වෙන්න පුළුවන් කියල. මේ අහන්න, ඔයා මට කවදාවත් චිත්‍රයක් දීලා නැහැ. මම කොච්චර වතාවක් ඉල්ලලා තියනවා ද?”

“ඔහ්, ඔව්!” ඇය සුසුම් හෙලුවා ය. “මම කොයි තරම් පිරිසකට පොරොන්දු වෙලා තියනවා ද චිත්ර ඇඳල දෙන්නම් කියල. ඒත් මට කල්පනාව රඳවාගන්න බැහැ හරියට චිත්රයක් ඇඳලා අවසන් කරන්න. ඒත් මෙන්න පොරොන්දුවක්: මම පින්තූර දුසිම් දෙකක් අඳින්නම් එහෙදි -පිටරට දී. ඔයාට පුළුවන් ඒවා ඔක්කොම අපේ ගෙදර බිත්ති පුරා අලවන්න. සාෂා, අපේ ගෙදර!”

අවුල් වූ හිසකේ යුතු ඔළුව වෙනතක හැරෙද්දී ඔහු ඒ වෙව්ලන ගත අත් දෙකින් තදකර අල්ලා බදා ගත්තේ ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: