Sinhala story Blog

සැප්තැම්බර් 29, 2011

අපි ජීවත්වන්නෝ -296 මට මොනා වුනත් කමක් නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:56 පෙ.ව.

“මේ මම,”

දොර අස්සෙන් රහසින් හඬක් ඇසුණි, “මම මරීෂා, මට ඇතුලට එන්න ඉඩ දෙන්න, අරීනා.”

අරීනා දොර අගුල් හැරියේ ප්ර්වේසමිනි, අවිනිශ්ත ලෙසිනි. මරීෂා දොර අසල හිටගෙන හිටියේ පාන් ගෙඩියක් අතැතිව ය.

“මෙන්න,” ඇය රහසින් කීවා ය, “මම කන්න දෙයක් ගෙනවා, ඔය දෙන්නට ම.”

“මරීෂා!” අරීනා බෙරිහන් දුන්නා ය.

“සද්ද කරන්න එපා!” මරීෂා විපරමින් කොරිඩෝව දිහා බලමින් කීවේ රහස් ස්වරයකිනි. “සහතිකයෙන් ම, මම දන්නවා. ඒත් හිත කරදර කරගන්න එපා. මම කට පියාගෙන ඉන්නෙ. මෙන්න, මේක ගන්න. මේ මගේ පාන් සලාකය. කවුරුත් දැන ගන්න එකක් නැහැ. මම දන්නවා ඔයා අද උදේට මුකුත් කෑවේ නැහැ කියල. ඒත් ඒක ඔයාට හැමදාම කරන්න බැහැ.”

අරීනා ඇයගේ අතින් ඇද කාමරය තුලට තල්ලු කළාය. දොර වැසූ ඇය උගුර යටින් සිනා වුයේ විකල් වූ සිහියක් ඇත්තියක මෙනි. “මම … ඔයා බලන්න … මරීෂා, මම ඔයාගෙන් ඒක අපේක්ෂා කළේ නැහැ …” ඇයගේ කෙස් එක ඇහැක් මතින් වැටී තිබුණි. අනෙක් ඇහැ කඳුළු වලින් පිරී තිබුණි.

මරීෂා රහසින් කෙඳුරුවා ය: “මම දන්නවා ඒක කොහොම ද කියල. නරකාදිය! ඔයා ඔහුට ආදරෙයි. … ඉතින් මම නිල වශයෙන් මුකුත් දන්නෙ නැහැ, ඒ නිසා මට මුකුත් කියන්න වෙන්නෙ නැහැ ඔවුන් ඇහුවොත්? ඒත් දෙයියන්ගේ නාමයෙන් ඔහුව වැඩි කාලයක් මෙහෙ තියාගෙන ඉන්න එපා. මට වික්ටර් ව විශ්වාස නැහැ.”

“ඔයා හිතන්නෙ එයා … අවිශ්වාස කරනවා කියල ද?”

“මම දන්නෙ නැහැ. එයා හරි අමුතු විදියට හැසිරෙන්නෙ. ඉතින් එයා දන්නවා නම් -මම එයාට බයයි, අරීනා.”

“අද රෑ වෙනකම් විතරයි,” අරීනා රහසින් පැවසුවා ය, “ඔහු පිටත් වෙනවා … අද රෑට.”

“ඔයා වෙනුවෙන් මම වික්ටර් ගැන අවධානයෙන් ඉන්නම්.”

“මරීෂා .. ඔයාට කොහොම ස්තූති කරන්න ද .. මම …”

“අයියෝ, යකාට ගියාවේ, අඬන්න දෙයක් නෙමේ.”

“මම අඬනවා නෙමෙයි .. මම … ඒක හරියට .. මම රෑ දෙකක් නිදාගෙන නැහැ … මරීෂා, ඔයා හරි … මම ඔයාට ස්තූති කරනවා … සහ ..”

“ඔහ්, සේරම හරි. ඉතින්, සමුගන්නම්. මම මෙතැන වැඩිය ඉන්න එක සුදුසු නැහැ.”

දොර වැසුනු කල, මරීෂාගේ පාද කොරිඩෝවේ වැදී නොඇසෙන මානයකට යන තෙක් අරීනා ඊට කන් යොමු කරගෙන සිටියා ය. වෙව්ලමින් නිහඬ නිවසේ වෙනත් හඬවල් ඇසේදැයි ඇය සවන් දුන්නා ය. ඇය දොර අගුල් ලා කාමරයේ අනිත් පැත්තට ඇඟිලි තුඩින් පාද තබා ගියා ය. ඇයගේ ඇඳ අසල වූ ගබඩා අල්මාරියේ දොර ඇරුණු විට ඊට ඇතුල් වූවා ය. ගබඩා කාමරයේ පරණ පෙට්ටියක් මත සාෂා වාඩි වී සිටියි. සිවිලිම අසල ඉහළක වූ දුහුවිලි පිරි ජනෙල් පියනකින් එහා පැත්තේ ජනේල පඩියේ වාඩි වී ඉන්නා ගේ කුරුල්ලෙක් දිහා බලාගෙන සිටියි.

“අරීනා,” ඔහු රහසින් කීවේ ය, ඔහුගේ දෑස් යොමු වී තිබුනේ ජනේලය වෙත ය, “මම හිතන්නෙ දැන් මම යන එක හොඳයි කියල.”

“ඇයි, සහතිකයෙන් ම එපා! මම ඔයාට යන්න දෙන්නෙ නැහැ.”

“මේ අහන්න, මම මෙහෙ දවස් දෙකක් හිටිය. මම එහෙම ඉන්න බලාපොරොත්තු වුනේ නැහැ. දැන් මට කණගාටුයි ඔයා කියන එක අහල හිටිය එක ගැන. මොකක් හරි සිද්ධ වුනොත් -මාව අහුවුනොත් ඔයා දන්නවා ද ඔවුන් ඔයාට මොනව ද කරන්නෙ කියල?”

“ඔයාට මොකක් හරි වුනොත්,” ඔහුගේ කඩා වැටුණු විශාල උරහිස් වටා අත් යවමින් ඇය කෙඳිරි ගෑවා ය, “මට මොනා වුනත් කමක් නැහැ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: