Sinhala story Blog

සැප්තැම්බර් 27, 2011

අපි ජීවත්වන්නෝ -294 ඔවුන් නම් කියන්නෙ පුද්ගලික කඩකාරයන්ට සල්ලි නැහැයි කියල

Filed under: Uncategorized — sinhalashortstories @ 7:59 පෙ.ව.

ඇය පිටත් වී ගිය පසු, කීරා මංගල ඇඳුම හැඳ බැලුවා ය.

එය දිගු විය. මධ්‍යයතන යුගයක ගවුමක් සේ අරුමෝසම් බවින් තොර විය. එහි තදට ඇදි අත් ඇයගේ අත් වලට වඩා කෙටි විය. එහි තදට ඇදි කොලරය ඇයගේ නිකටට වඩා උස් විය. එය සම්පූර්ණයෙන් ම ලේස් වලින් යුතු වූවා මිසක වෙනත් කිසිම ආයිත්තමකින් සැරසී නොතිබිණ.

ඇය දිගු කණ්ණාඩිය ඉදිරියෙන් හිටගෙන හැඩ බැලුවා ය. ඇයගේ අත් ඇඟ දෙපසිනි. අත්ල ඉහළට හැරී ඇත. හිස පිටුපස්සට ඔසවා ඇත. ඇයගේ සුදු උරහිස් මතින් ඇයගේ කළු හිසකෙස් පහළට වැටී ඇත. දිගු සංවේදී මකුළු දැලක් වැනි වූ රෙදි රැල් අතරින් ඇයගේ සිරුර හදිසියේ ම පමණට වඩා උස හා සිහින් විය. දුර්වල විය. ඇයගේ දෑස් හදිසියේ ම ඉතා විසල් විය, ඉතා අඳුරු විය, ඉතා බියෙන් පිරුණි.

ලියෝ ගෙදර ආවේ ඇන්ටෝනියා පැව්ලොව්නා ‍සමඟ ය. ඇය හැඳ සිටියේ සීල්මත්ස්‍ය හමකින් නිමැ වූ කබායකි. ඇයගේ හිසේ වූයේ දම්පාට සැටින් රෙද්දෙන් නිමැ වූ තලප්පාවකි. ලැව්රොව් පවුලේ කාමරයේ නැහැය කාරවන ඇඹුල් ගෝවා මැද්දෙන් ඇයගේ සැර ප්රංශ විලවුන් සුවඳ ගලා ආවේ ය.

“කෝ මෙහෙකාරිය?” ලියෝ විමසීය.

“එයාට යන්න වුණා. අපි බලාගෙන හිටියා, ඒත් ඔයා පරක්කුයි, ලියෝ.”

“ඒකට කමක් නැහැ. අපි අවන්හලක දී රෑට කෑවා. මායි ටෝනියායි. ඔයාගෙ කැමැත්ත වෙනස් කරලා නැද්ද කීරා? ඔයා එනවා ද අපිත් එක්ක සමාජ ශාලා විවෘත කිරීමට යන්න?”

“සමාවෙන්න, ලියෝ, මට එන්න විදියක් නැහැ. මට අද රෑට මඟ පෙන්වන්නන්ගේ රැස්වීමක් තියනවා. … අනික, ලියෝ, ඔයාටත් විශ්වාස ද ඔයා යා යුතුයි කියල? මේක සති දෙකක් ඇතුලත කරන තුන්වැනි සමාජ ශාලා විවෘත කිරීම.”

“මේක වෙනස්,” ඇන්ටෝනියා පැව්ලොව්නා කීවා ය. “මේක අව්යාජ කැසිනෝවක්. විදේශ වල තියන වගේ එකක්. හරියට මොන්ටෙ කාලෝ වගෙයි.”

“ලියෝ,” කීරා සුසුම්ලෑවේ කරකියා ගත ‍නොහැකිව ය, “ආයෙත් සූදු කෙළිනවා ද?”

ඔහු සිනාසුණි. “ඇයි බැරි? සියයක් දෙකක් නැති වුනොත් අපිට කරදර වෙන්නෙ නැහැනෙ. නැද්ද ටෝනියා?”

ඇන්ටෝනියා පැව්ලොව්නා නිකට දික් කරමින් සිනා වූවා ය. “කොහෙත් ම නැහැ. අපි මේ කෝකො දාලා ආව ගමන්, කීරා ඇලෙක්සැන්ඩ්රොව්නා.” ඇය විශ්වාස සහගත යමක් බෙදා ගන්නා ආකාරයෙන් තම ස්වරය පහත් කළා ය. “අනිද්දාට සියරොව් ගෙන් තවත් සුදු පිටි තොගයක් එනවා. ඒ කොල්ලා එයාගෙ වැඩේ කරන හැටි! මම එයාව මහත් සේ අගය කරනවා.”

“මම මගේ සන්ධ්යා කබාය හැඳ ගන්නම් විගසින්,” ලියෝ කීවේ ය. “මට තත්පරයක් වත් යන්නෑ ඒකට. මිනිත්තුවකට ජනේලය පැත්තට හැරෙන්න පුළුවන් ද ඔයාට, ටෝනියා?”

“සහතිකයෙන් ම,” ඇන්ටෝනියා පැව්ලොව්නා සිනාවක් පෑවේ මුකුළුවකිනි. “එහෙම කරන්න හිතෙන්නෙ නැහැ. ඒත්, කොච්චර ආස වුනත්, මම පොරොන්දු වෙන්නම් පොඩ්ඩක් වත් නොබලා ඉන්නම් කියලා.”

කීරාගේ උරහිසට මිත්රශීලී අතක් තබා ගත් ඇය ජනේලය අසල හිටගෙන හිටියා ය. “අනේ පව්, කෝකො!” ඇන්ටෝනියා පැව්ලොව්නා සුසුම් ලෑවා ය. “එයා හරියට වැඩ කරනවා. එයාට අද රෑට රැස්වීමක් -ආහාර පදනමේ සේවකයන්ගේ අධ්යාපනික වටය. එයා ඒකෙ උප-ලේකම්. එයාට එයාගේ සමාජ කටයුතු සඳහා ක්රියාශීලී වෙන්න ඕනනෙ. ඔයා දන්නවානෙ.” ඇය වැදගත් රහසක් බෙදා ගන්නා මෙන් ඇසක් ගැසුවා ය. “එයාට ගොඩාක් රැස්වීම්, වැඩමුළු, ඒ වගේ දේවල් තියනවා. මාව ඉඳල හිටලා එළියට එක්කන් යන්න දයාබර ලියෝ ‍වගේ වීරයෙක් හිටියෙ නැත්නම් මම පාළුවෙන් පරවෙලා ගිහින් සත්තකින් ම.”

නිසි සේ මැසූ කළු සූට් කට්ටලයෙන් සැරසී ගත් ලියෝ ගේ උස හැඩරුව දිහා කීරා බැලුවා ය. මධ්යයන යුග ගවුමක් හැඳ සිටි තමා දිහා බැලූ ආකාරයෙන් ම ඇය ඔහු දෙස බැලුවා ය. ඔහු ශතක ගණනාවකට ඉහතකින් ඉපිද සිටින්නාක් මෙන් යැයි ඇයට සිතුණි. ප්රයිමසය ඇති මේසය අසලින් ඔහු හිටගෙන සිටීම අමුතු දර්ශනයක් යැයි ඇයට සිතුණි.

විදේශීය චිත්රපටි රාමුවකට අයිති විය යුතු ලීලාවකින් ලියෝ ඇන්ටෝනියා පැව්ලෝවාගේ අත අල්ලා ගත්තේ ය. ඔවුන් දෙදෙනා පිටත් ව ගියහ. ලැව්රෝවා පවුලගේ කාමරය පසුකර ඔවුන් ගිය පසු එහි දොර වැසෙද්දී කීරා ට ලැව්රෝවාගේ බිරිය “ඔවුන් නම් කියන්නෙ පුද්ගලික කඩකාරයන්ට සල්ලි නැහැයි කියලයි,” යැයි අකමැත්තෙන් පවසනවා ඇහුණි.

“කම්කරුවන්ගේ ඒකාධිපතිවාදය!” ලැව්රොව් ගොරවමින් කියා මහ හඬින් කාරා කෙළ පිඬක් ගැසුවේ ය.

කීරා ඇයගේ පරණ කබාය පැළඳ ගත්තා ය. ඇය මඟ පෙන්වන්නන්ගේ රැස්වීමට නොයන්නී ය. ඇය යන්නේ පාළු මාලිගා උද්‍යානයක වූ මණ්ඩපයකට ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: