Sinhala story Blog

සැප්තැම්බර් 25, 2011

අපි ජීවත්වන්නෝ -293 සියරොව් සහෝදරයා එක්ක තවත් පුංචි මගඩියක් විතරයි

Filed under: Uncategorized — sinhalashortstories @ 9:01 පෙ.ව.

ගලීනා පෙට්රොව්නා ආවේ කිහිල්ලේ ගසා ගත් පොට්ටනියක් රැගෙන ය.

“සුබ සැන්දෑවක්, කීරා … මගෙ දෙයියෝ, කීරා, මේ කාමරයේ තියන ගඳ!”

කීරා ගණනක් නොගෙන නැඟි‍ට්ටා ය. පොතක් බිමට වැටුණි. “සුබ සැන්දෑවක් අම්මේ. ඒ අල්ලපු ගෙදර ඉන්න ලැව්රෝවා පවුල. එයාල ඇඹුල් ගෝවා හදනවා.

“මගෙ දෙයියෝ! එහෙනම් ඒකයි එයා අර ලොකු බැරල් එකක කළවම් කරන්නෙ. කිසිම හැදියාවක් නැහැ, අර වයසක ලැව්රොව්ට. ඔහු මට ආශීර්වාද කළේ වත් නැහැ. බලන්න අපි නෑදෑයෝ නේද, එක විදියකින්.”

දොරට පිටුපසින් ගෝවා බැරල් එකක ලී හබලක් වැදෙන හඬ ඇසිණ. ලැව්රොව්ගේ බිරිඳ එකම ස්වරයකින් සුසුම්ලනවා ඇසිණ: “අපේ පව් බරින් වැඩියි … අපේ පව් බරින් වැඩියි …” පොඩි කොල්ලා කාමරයේ පැත්තක ලී පතුරු ගහයි. හැම පහරකින් ම දෙදරන පළිඟු පොකුරු පහන සෙලවෙමින් ගැටෙන නාදය ඇසෙයි. තම දියණිය හැර දා ගිය කාමරයට ලැව්රෝවා පවුල ඇවිදින් ය. කම්කරු නිවාසයක අට්ටාලයක ඔවුන් තවත් පවුල් දෙකක් හා කළින් පදිංචි වී සිටියහ. ඒ නවාතැන වෙනස් කරන්නට ඔවුන් සතුටු වූහ.

“ලියෝ ගෙදර නැද්ද?” ගලීනා පෙට්රොව්නා ඇසුවේ ය.

“නැහැ,” කීරා කීවා ය, “දැන් එන්න ඕනෑ.”

“මම රාත්රී පංතියට යන ගමන්,” ගලීනා පෙට්රොව්නා කීවා ය, “මම පොඩ්ඩකට ඇවිත් යන්න ආවේ …” ඇය මඳ දෙගිඩියාවෙන් පොට්ටනිය අත ගෑවා ය. සමාව අයදින ලෙසින් සිනාවක් පෑවා ය. ප්රාසංගික බවක් පෙන්වන ලීලාවෙන් ඇය “මම පොඩ්ඩකට ඇවිත් යන්න ආවේ ඔයාට යමක් පෙන්වන්න, ඔයා ඒකට කැමති වේ දැයි බලන්න … සමහර විට ඔයාට ඕනා වෙයි … ඒක මිල දී ගන්න.”

“මිල දී ගන්න?” කීරා පුදුමයෙන් එය නැවත ප්රතිචාරය කළා ය. “එය මොකක් ද අම්මේ?”

ගලීනා පෙට්රොව්නා පොට්ටනිය හැරියා ය. ඇය අත වූයේ පරණ තාලේ සුදු ‍ලේස් වලින් කඩා හැලෙන ලෙසින් නිම කරන ලද දිගු ගවුමකි. එහි දිගු රැල්ල බිමට වැදෙන තරම් දිගු විය. ගලීනා පෙට්රොව්නාගේ අදිමදි සිනාව ලැජ්ජාවකට ළං වූවකි.

“ඇයි, අම්මා!” කීරා හුස්මක් ඉහළට ඇද්දා ය. “ඔබේ මංගල ඇඳුම!”

“ඔයා බලන්න,” ගලීනා පෙට්රොව්නා ඉක්මණින් පැහැදිලි කරන්නට විය, “මේ පාසැල තමයි. මට ඊයේ මගේ පඩිය හම්බ වුනා .. ඉතින් .. ඉතින් ඒකෙන් ඒ ගොල්ල කොච්චර ගොඩක් මගේ රසායන ආරක්ෂාව වෙනුවෙන් වූ කම්කරු සමාජයේ සාමාජිකත්වය වෙනුවෙන් කපා ගත්ත ද කිව්වොත්, -මම දැනගෙන හිටියෙ වත් නැහැ මට ඒකෙ සාමාජිකත්වය තියනවා කියල- මට නැහැ කියල … ඔයා බලන්න, ඔයාගෙ තාත්තට අළුත් සපත්තු කුට්ටමක් ඕන -සපත්තු අළුත්වැඩියා කරන්නා පරණ සපත්තු තව දුරටත් අළුත්වැඩියා කරන්න බැහැ කිව්වා- ඉතින් මම මේ මාසේ තමයි ඒක ගන්න හිටියෙ … ඒත් මේ රසායන ආරක්ෂාව නිසා .. ඔයා බලන්න, ඔයාට මේක පොඩ්ඩක් හදා ගන්න පුළුවන් -ගවුම, මම කියන්නෙ- මේක හොඳ රෙදි වලින් හදල තියෙන්නෙ, මම ඒක ඇන්ඳෙ .. එකම සැරයයි. .. ඉතින් මම හිතුවා, ඔයා කැමති නම් රාත්රී සාදයකට යන ගවුමක් හැටියට .. සමහර විට .. නැත්නම් …”

“අම්මා,” කීරා කීවේ දැඩි බවට ලං වන ලෙසිනි, තම කටහඬ බිඳෙන්නට, වෙව්ලන්නට නොදී ය, “ඔයා හොඳට ම දන්නවා ඔයාට මොනවා හරි ඕනා නම් …”

“මම දන්නවා දරුවෝ, මම දන්නවා,” ගලීනා පෙට්රොව්නා ඇයට බාධා කළා ය. ඇයගේ මුහුණේ රැළි හදිසියේ ම රෝස පාටින් ලෙයින් පිරුණි. “ඔයා අපිට හොඳ දියණියක් විදියට සැලකුවා, ඒත් … අපිට දැනටමත් ඔයා දීලා තියන හරිය වැඩි … ඉතින් මට හිතුනෙ නැහැ තවත් ඉල්ලන එක … ඊට වඩා මම හිතුවේ … ඒත් එහෙනම්, ඔයා ගවුමට කැමති නැත්නම් …”

“ඔව්,” කීරා තීරණාත්මක ලෙසන් කීවා ය, “මම කැමතියි, මම මිල දී ගන්නම්, අම්මේ.”

“මට ඇත්තෙන් ම ඒක ඕනෙ නැහැ,” ගලීනා පෙට්රොව්නා මැතිරුවා ය, “මට කිසිම ගාණක් නැහැ.”

“මම සන්ධ්යා සාද ගවුමක් ගන්නම යි කොහොමත් හිටියෙ,” කීරා කීවේ බොරුවකි.

ඇය තම පසුම්බිය සොයා ගත්තා ය. එය මැහුම් ඇදී පිරෙන්නට අළුත් මුදල් නෝට්ටු වලින් තර වී ඇදී තිබුණේ ය. ඊයේ රෑ බෝවී ආ ලියෝ වැනි වැනී අවුත් ඇයව සිඹිමින් තම පොකැට්ටුවට අත දමා ඇද ගත් පොඩිවුණ නෝට්ටු රැසක් මුළු පොළව පුරා අත හැරියේ ය. ඇයගේ පසුම්බිය පුරවා දැමුවේ “යන්න ගිහින් වියදම් කරන්න! තව ගොඩක් මඟ එනවා. සියරොව් සහෝදරයා එක්ක තවත් පුංචි මගඩියක් විතරයි. දක්ෂ සියරොව් සහෝදරයා. වියදම් කරන්න කියලයි මම කියන්නෙ!” කියමිනි.

ඇය තම පසුම්බිය ගලීනා පෙට්රොනව්නාගේ අතට හැලුවා ය. “ඇයි දරු‍වෝ!” ගලීනා පෙට්රොව්නා විරෝධය පෑවා ය. “ඔක්කොම ‍එපා! මට එච්චර එපා. ඒක එච්චර වටින්නේ නැහැ!”

“සත්යයෙන් ම, ඒක එච්චර වටිනවා. අච්චර ලස්සන ලේස් … වාද කරන්න එපා අම්මා … අනික, ඔයාට ගොඩක් ස්තූතියි.”

ගලීනා පෙට්රොව්නා බියගත් ඉක්මණකින් මුදල් නෝට්ටු තම පරණ අත්බෑගයට ඔබා ගත්තා ය. ඇය කීරා දිහා බලා තමන් දන්නා ලෙසින්, ඉතා කණගාටුවෙන් ඔළුව වැනුවේ “ස්තූතියි, දරුවා …” කියමිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: