Sinhala story Blog

සැප්තැම්බර් 23, 2011

අපි ජීවත්වන්නෝ -291 අහෝ කීරා! මම … මම හරිම බයයි!

Filed under: Uncategorized — sinhalashortstories @ 8:21 පෙ.ව.

අරීනා, ඇයට සමාජයේ කටයුතු වලින් ගැලවෙන්නට හැකි වූ දුර්ලභ සැන්දෑවක, ඉඳහිට දවසක දී කීරා හමුවන්නට ආවා ය.

ගම්භීර වූ රැව්දෙන හඬකින් ඇය සිනා වූවා ය. කාමරය පුරා සිගරැට් අළු හැලුවා ය. අළුත් ම වඩාත් ම භයානක දේශපාලන කටකතා කියුවා ය. සුදු මේස ආවරණය මත ඔවුන් දන්නා හඳුනන අයගේ කාටූන් චිත්‍ර ඇන්දා ය.

එහෙත් ලියෝ කඩයේ වැඩ බහුල ව පරක්කු වූ දිනයන් හි, පත්තු කරන ලද උදුනක් අසල කීරා හා අරීනා වාඩි වී බලා සිටි සැන්දෑවන් හි දී අරීනා හැම තිස්සේ ම සිනා වූයේ නැත. සමහර අවස්ථා වල දී ඇය දිගු කාලයක් නිහඬ ව සිටියා ය. ඇය හිස ඔසවා කීරා දෙස බලද්දී, ඇයගේ දෑස් වික්ෂිප්තව තිබිණ. ඇයගේ දෑස් උදව් ඉල්ලී ය. ගිනිදැල් දිහා බලාගත් ඇය රහසින් කොඳුරන්නට වූවා ය:

“කීරා, මට .. මට බයයි. … හේතුව මොකක් ද කියා මම දන්නෑ. සමහර විට පමණයි බය දැනෙන්නෙ. ඒත් මට බයක් දැනෙනවා … අපි හැමෝටම මොකක් ද වෙන්න යන්නෙ? අන්න ඒකයි මාව බය කරන්නෙ. ප්‍රශ්නය‍ක් ම නෙමෙයි. ඒත්, කාගෙන් වත් අහන්න බැරි ප්‍රශ්නයක් ඒක. ඒක අහලා මිනිස්සු දිහා බලන්න, එයාලගෙ ඇස් වලින් බලන්න පුළුවන් එතකොට එයාලටත් ඒකම දැනෙන බව. ඒ බය ම. ඔයාට ඒ ගැන එයාලගෙන් අහන්න බෑ. ඒත් ඇහුවොත්, එයාලටත් ඒක පහදන්න බැහැ. .. ඔයා දන්නවානෙ, අපි හැමෝම ගොඩක් උත්සාහ කරන්නෙ මුකුත් නොහිතා ඉන්න. හෙට දවසට එහා නොහිතා ඉන්න. සමහර වෙලාවට අනික් පැයට එහා නොහිතා ඉන්න. … ඔයා දන්නවා ද මම විශ්වාස කරන්නෙ මොකක් ද කියලා? මම විශ්වාස කරන්නෙ ඔවුන් ඒක කරන්නෙ උවමනාවෙන් ම කියල. ඔවුන්ට අවශ්ය නැහැ අපි හිතන එක. ඒකයි අපි මේ විදියට වැඩ කරන්න ඕන. දවස පුරා ම වැඩ කරල, පෝලිම් වල හිටගෙන ඉඳලා දවස ගෙවුනා ම අපි සමාජ කටයුතු වල යෙදෙන්න ඕන, පත්තර කියවන්න ඕන. ඔයා දන්නවා ද මාව ගිය සතියේ සමාජයෙන් පන්නලා දාන්න ඔන්න මෙන්න ඉඩ තිබුණ බව? බාකු ළඟ තියන අළුත් තෙල් නිධි ගැන මගෙන් ඇහැව්ව. මම ඒ ගැන මුකුත් ම දැන හිටියෙ නැහැ. මම මොකට ද තෙල් නිධි ගැන දැනගෙන ඉන්න ඕන මගේ රස්සාව ජරා පෝස්ටර් ඇඳලා මගෙ මෙනේරි ටික හොයාගන්න රස්සාවට? මම මොකට ද පත්තර කට පාඩම් කරගන්න ඕනා ගද්ය මාලා වගේ? ඇත්ත, මගෙ ප්රතයිමසයට භූමිතෙල් ඕන තමයි. ඒත් මෙනේරි උයන්නට භූමිතෙල් ඕන නිසා මම භූමිතෙල් එන හැම තැනක ම වැඩ කරන හැම සේවකයෙකුගේ ම නම දැනගෙන සිටින්න ඕනා ද? ප්‍රයිමසේ පැය කාලක් උයන නිසා දවසේ පැය දෙකක් රාජ්යම ඉදි කිරීම් ගැන ප්‍රවෘත්ති කියවන්න ඕනා ද? … ඉතින්, ඒ ගැන අපිට කරන්න දෙයක් නැහැ. අපි උත්සාහ ගත්තොත්, ඒකෙ බරපතලකම වැඩියි. දැන් ගන්න සාෂාව උදාහරණයකට … අහෝ කීරා! මම … මම හරිම බයයි! .. ඔහු .. ඔහු .. ඉතින්, ඔයාට බොරු කියන්න අවශ්‍ය නැහැනෙ. ඔයා දන්නවානෙ ඔහු මොකද කරන්නේ කියා. ඒක යම් විදියක රහස් සංවිධානයක්. ඔවුන් හිතන්නේ ඔවුන්ට ආණ්ඩුව ඉවත් කරන්න පුළුවන් කියල. මිනිස්සුන්ව නිදහස් කරන්න පුළුවන් කියල. සාෂා කියනවා ඒක ජනතාව වෙනුවෙන් කරන එයාගෙ යුතුකම කියල. ඒත් ඔයයි මායි දන්නවා වැඩිපුර ලයිනෝරු තෙල් රාත්තලක් ගන්න ඒ ශ්රේෂ්ඨ මිනිස්සු අතරෙන් කෙනෙක් එයාල සියල්ලන් ව ම පාවා දෙයි කැමැත්තෙන් ම රහස් පොලීසියට. ඔවුන් රහසින් රැස්වීම් පවත්වනවා. ඔවුන් පත්රියකා අච්චු ගහලා කම්හල් වල බෙදා හරිනවා. සාෂා කියනවා අපිට පිටරටින් කිසිම උදව්වක් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා. අපේ නිදහස වෙනුවෙන් සටන් වැදීම අපේ වැඩක් …. ඉතින් මම මොනා කරන්න ද? මම කැමතියි එයාව නවත්තන්න. ඒත් මට එයාව නවත්තන්න කිසිම අයිතියක් නැහැ. මම දන්නවා ඔවුන් ඔහුව අල්ල ගනියි කියල. පහුගිය වසන්තයේ දී ඔවුන් සයිබීරියාවට යවපු සිසු සිසුවියන්ව මතක ද? සිය ගණනින්, දහස් ගණනින්. ඒ අය එක් කෙනෙක් ගෙන් වත් ඔයාට ආයේ අහන්න ලැබෙන්නෙ නැහැ. එයා අනාථයෙක්. එයාගෙ වෙන කවුරුත් මේ ලොකේ නැහැ. මම විතරයි එයාට ඉන්නෙ. මම එයාව නතර කරන්න කැමැතියි. ඒත් එයා අහන්නෙ නැහැ. එයා හරි. එකම දේ, මම එයාට ආදරෙයි. එයාට මම ආදරෙයි. එයා කවද හරි දවසක සයිබීරියාවට යයි. ඉතින් මොකක් ද ඇති ඵලය? කීරා! මොකක්ද ඇති ඵලය?”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: