Sinhala story Blog

සැප්තැම්බර් 22, 2011

අපි ජීවත්වන්නෝ -290 ජීවත්වන්නට අවශ්‍ය එකම අභිප්‍රේරණය

Filed under: Uncategorized — sinhalashortstories @ 6:42 පෙ.ව.

ඇය කිසි විටෙක අන්ද්‍රෙ ගැන සිතුවේ නැත.

කොතරම් දින ගණනක්, කොතරම් අවුරුදු ගණනක් ඉදිරි අනාගතයක දී ඔවුන් දෙදෙනාට ඇත්දැයි සිතන්නට ඇය ඉඩක් නොදුන්නා ය. පමණට වඩා දුර දිග ගිහින් ඇති නිසා පළා යන්නට නොහැකි බව ඇය දත්තා ය. ඔහු අත්හැර දමන්නට නොහැකි බව දකින්නට ඇය බුද්ධිමත් වූවා ය. එයට උත්සාහයක් නොගන්නට ඇය නිර්භීත වූවා ය. ඔහුට දරා ගන්නට බැරි පහරක් මඟ හරිනු පිණිස ඇය තමන් කළ දැයට වන්දි ගෙවමින් සිටියා ය. කවදා හෝ දිනයක, වන්දිය ගෙවා ඉවර කළ යුතු බව ඇයට යාන්තමින් දැනුණි. පිටරට යන ගමන ලියෝටත් ඇයටත් උදා වූ දිනයක සමහර විට උදාවනු ඇත. එවිට ඇය ඒ සම්බන්ධය කිසිත් පසුබැස්මකින් තොරව අවසන් කරනු ඇත. ලියෝට ඇය අවශ්‍යයය. එවිට ලියෝ ආරක්ෂා වනු ඇත. වෙන කිසිවකින් ඵලක් නැත.

“කීරා?” ඇය ඔවුන්ගේ කාමරයට ඇතුල් වෙද්දී ප්‍රීතිමත් කටහඬක් නාන කාමරයෙන් ඇසුණි.

ලියෝ ඉන් එළියට ආවේ ය. ඔහුගේ අතේ තුවායකි. ඔහුගේ උඩුකය නිරුවත් ය. ඔහුගේ මුහුණෙන් වතුර බිංදු රූ රා වැටෙයි. ඔහුගේ නළල මතින් අවුල් හිස් රොදවල් වැටී ඇත. ඔහු සිනාසෙයි.

“ඔයා ආපු එක ගැන මට හරි සතුටුයි, කීරා. මම කැමති නැහැ මම ගෙදර එද්දී ඔයා ගෙදර නොහිටියාම.”

උණුසුම් ගිම්හාන දවසක ගඟකින් ගොඩට ආ විගසින් වූ අයෙක් සේ ඔහු දකින්නට ලැබුණි. ඔහුගේ උරහිස් මත වූ වතුර බිංදු වල හිරු රැස් දිළිසෙනවා වැනි ය. ඔහු ඇවිද්දේ ජීවත්වන අභිලාෂයකින් යුතු වූ සිරුරකිනි. කෙළින්, රදළ විලාසයකින්, ආඥා නිකුත් කරන ලෙසකින්, නොනැමෙන දේහයක්, හා නොනැමෙන අභිලාෂයක් ඇත්තෙක් ලෙසිනි. ඔහු උපත්තිය ලබා ඇත්තේ ම ඊට ඉඩ කඩක් නොමැතිව ලෙසිනි.

ඔහුට ළං වන්නට බිය වී ඇය සිටගෙන සිටියා ය. ඔහු‍ සිටිය යුතු වූවා වූ, ඔහුගේ ඉරණම වූවා වූ ආකාරය පෙන්වන ඒ දුර්ලභ මොහොත බිඳ දමන්නට අපොහොසත් බවින් ඇය නිශ්චලව සිටියා ය.

ඇය වෙත ආ ඔහු තම අතින් ඇයගේ බෙල්ල වටා යවමින් ඇයගේ හිස පැත්තකට හරවා ඇයගේ තොල් තම තොල් වලට හසුකර ගත්තේ ය. ඔහුගේ හැසිරිල්ලේ අවඥා සහගත වූ දයාවක් පැතිර තිබුණි. ආඥාවක් හා මුසු වූ ගින්නක් විය. ඔහු ආදරවන්තයෙක් නොවීය. ඔහු වහල් හිමියෙක් විය. ඇයගේ අත් ඔහු අල්ලා ගෙන තිබුණි. ඔහුගේ වතේ වූ දිළිසෙන වතුර බිංදු ඇයට ගිලුණි. ඇය පිළිතුර දත්තා ය. ඇයගේ දවස් සියල්ලේ ම අරමුණ. ඇයට දරා ගන්නට වූ සියල්ලට ම හේතුව, අමතක කළ යුතු දිනයන් ට හේතුව, ජීවත්වන්නට අවශ්‍ය එකම අභිප්‍රේරණය ඇය දත්තා ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: